මහේෂ් ජයකොඩි B Final වටය අවසන් කරයි

212
Mahesh Jayakodi

2020 පැරාලිම්පික් උළෙලේ ඔරු පැදීමේ ඉසව්වේ B Final තරග වටය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩක මහේෂ් ජයකොඩි අද (29) උදෑසන තරග බිමට පිවිසියා.

PR1 කාණ්ඩයේ පිරිමි ඒකල Sculls කාණ්ඩය යටතේ තරග වැදුණු ඔහු මිනිත්තු 13:12.33ක කාලයකින් තරගය අවසන් කළේ හයවැනි ස්ථානය දිනා ගනිමින්.

ඔහු මෙම තරගය අවසන් කිරීමට ගත කළ කාලය ඔහු මෙවර පැරාලිම්පික් උළෙලේ ඔහු වාර්තා කළ අනෙකුත් කාලයන්ට සාපේක්ෂව තරමක් වැඩි කාලයක් වූ අතර තරගාවලිය පුරාවටම සිය පෞද්ගලික හොඳම කාලයට ද ළඟා වීමට ඔහුට නොහැකි වුනා.

B Final වටයේ පළමු ස්ථානය මිනිත්තු 10:26.99ක කාලයකින් තරගය අවසන් කළ රුසියානු ක්‍රීඩක Aleksey Chuvashev විසින් දිනා ගත් අතර මිනිත්තු 10:32.27ක කාලයකින් තරගය නිමා කළ ජර්මානු ක්‍රීඩක Marcus Klemp දෙවැනි ස්ථානය දිනා ගත්තා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරාලිම්පික් ඔරු පැදීමේ ඉසව්වක් නියෝජනය කළ පළමුවැන්නා වූ මහේෂ් මූලික වටයේ දී ද හයවැනි ස්ථානය දිනා ගත් අතර Repechage තරග වටයේ දී ඔහුට හිමි වුනේ පස්වැනි තැනයි.

ඒ අනුව අද (29) ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් සහභාගී වන තරග ඉසව් අවසන් වූ අතර හෙට (30) දිනයේ දී ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම් නායක මෙන්ම ප්‍රබලතම පදක්කම් බලාපොරොත්තුවක් වන දිනේෂ් ප්‍රියන්ත හෙල්ල විසිකිරීම අවසන් වටයට සහභාගී වීමට නියමිතයි.

2020 පැරාලිම්පික් උළෙලේ සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම. 

>> 16 වැනි ගිම්හාන පැරාලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<