ලූකා බ්‍රෙසෙල් සිය පළමු ලෝක ශූරතාවය දිනයි

66
Sky Sports

එංගලන්තයේ දී පැවති ස්නූකර් ලෝක ශූරතා තරගාවලියේ දී බෙල්ජියමේ Luca Brecel (ලූකා බ්‍රෙසෙල්) විසින් එංගලන්තයේ Mark Selby (මාක් සෙල්බි) පරාජය කොට ලෝක ශූරතාවය දිනා ගත්තා.

එය ලූකාගේ පළමු ලෝක ශූරතාවයයි. ඔහු ජය ගත්තේ 18-15ක් වශයෙන්. ප්‍රධාන යුරෝපීය රටකින් (බ්‍රිතාන්‍යය හැර) ස්නූකර් ලෝක ශූරතාවයක් දිනා ගත් පළමුවැන්නා ලෙස ඔහු ඉතිහාස ගත වුනා. ඔහු විසින් දිනා ගත් ත්‍යාග මුදල බ්‍රිතාන්‍ය පවුම් 500,000ක් (රු.199,774,548කට ආසන්නයි).

“ඒක විශ්මයජනකයි. සෙල්බි තමයි අවසන් මහා තරගයකට එන්න හොඳම නැති කෙනා. ඔහු හැමවිටම නැවත තරගයට අවතීර්ණ වෙනවා. 16-15 තියෙද්දීත් ඔහු ලොකු සටනක් දුන්නා. අවංකව කිව්වොත් නම් මම දිනන්න හිතුවෙවත් නෑ,” ලූකා BBCය හමුවේ පැවසුවා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<