ප්‍රබල තුරුම්පුවකගේ සේවය නවසීලන්තයට අහිමි වේ

70

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා පෙර සූදානම් වීමේ අරමුණෙන් පැවති අවසන් පුහුණු සැසිය අතරතුර දී හට ගත් ආබාධයක් නිසාවෙන් නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක ලෝකි ෆර්ගියුසන් හට සම්පූර්ණ තරගාවලියම අහිමි වීමේ අවදානමක් පැන නැඟී තිබෙනවා.

මාලිංග, උදාන, මෙන්ඩිස්ගේ දක්ෂතාවලට උඩපන්දු අතහැරීම් හරස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට්……

නිමාව දුටු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පුරාවටම කැපී පෙනෙන දස්කම් රැසක් දක්වමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ ලෝකි ෆර්ගියුසන් හට සිදු වූ මෙම අනතුරෙන් පසුව ලබා ගත් වෛද්‍ය වාර්තාවන්ට අනුව ඔහුගේ මහපට ඇඟිල්ලේ මැද අස්ථිය භග්න වීම නිසාවෙන් මෙසේ අවාසනාවන්ත ලෙස තරගාවලිය ආරම්භ වීමටත් මත්තෙන් කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වනු ඇත.

ඊයේ (01) දිනයේ දී අවසන් වූ පළමු විස්සයි විස්ස තරගයට පෙරාතුව පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වූ නවසීලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටීඩ් මහතා ලෝකිගේ ආබාධයේ වත්මන් තත්වය පැහැදිලි කරමින් පවසා සිටියේ ඉදිරි දින කිහිපය තුල දී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව නැවත වතාවක් නවසීලන්තයට රැගෙන යාමට බලාපොරොත්තු වන බවයි.

“මම ඇත්තටම කනගාටු වෙනවා ලෝකිට මේ තරගාවලිය මඟ හැරෙන එක ගැන මොකද ලෝක කුසලාන තරගාවලියේ දී පෙන්වපු දක්ෂතාත් එක්ක ඒ රිද්මය තවමත් ඔහුගේ ඇඟ ඇතුලේ තියෙනවා. ඒක නිසාම අපි හිතුවා මේ තරග සංචාරයේ දී ඔහු ලොකු දෙයක් කරයි කියලා.”

උදානට විදේශයෙන් විස්සයි විස්සකට ඇරයුම්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ……….

“ඔහුගේ ආබාධයට සුව අතට හැරෙන්න සති තුනක හෝ හතරක කාලයක් ගතවෙයි කියලා තමයි වෛද්‍යවරු අනුමාන කළේ. ඉතින් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා නොවැම්බර් මාසයේ ආරම්භයේ දී එංගලන්තයත් එක්ක පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය ඔහුට ක්‍රීඩා කරන්න හැකි වෙයි කියලා.”

“ලෝකි වෙනුවට නව වේග පන්දු යවන්නෙක් අලුතෙන් නම් කරන්න දැනට අවශ්‍යතාවක් නැහැ මොකද මම හිතනවා සංචිතයේ ඇතුලේ ඉන්න ක්‍රීඩකයින්ගෙන්ම ඒ ඇතිවෙන අඩුව පුරවන්න පුළුවන් කියලා.”

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය තියුණු සටනකින් අනතුරුව කඩුලු 5කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (01) දිනයේ දී සමත් වූ අතර අනෙකුත් තරග ද්විත්වය හෙට (3) සහ සිකුරාදා (6) දිනවල පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<