ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩිකාවෝ භූතානය බලා පිටව යයි

246

ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායම දෙවන වරටත් පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු සම්මේලනය සංවිධානය කරන SAFF වයස අවුරුදු 15න් පහළ කාන්තා ශූරතාවලියට සහභාගී වීමට නියමිතයි.

තරගාවලිය එළඹෙන අගෝස්තු 9 වැනිදා සිට 18 වැනිදා දක්වා භූතානයේ තිම්පු හි, චාලිමිතන්ග් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

අගුවෙරෝගේ ගෝල ද්විත්වයෙන් මැන්චෙස්ටර් කණ්ඩායමට ශූරතාවයක්

FA Community Shield ශූරතාවය පසුගිය ඉරිදා (05) සුප්‍රසිද්ධ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර 2016 – 17 ප්‍රිමියර් ලීග් ශූරයින් වූ චෙල්සි කණ්ඩායම පරාජය කරමින් 2017 -18…

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ අනුශූරියන් වූ ඉන්දියාව හා සත්කාරක භූතානය සමඟ A කාණ්ඩයේ තරග වදින අතර පසුගිය වසරේ ශූරියන් වූ බංගලාදේශය, නේපාලය හා පකිස්තානය B කාණ්ඩයේ තරග කරනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශයේ දී පැවති පළමු දකුණු ආසියානු වයස අවුරුදු 15න් පහළ කාන්තා පාපන්දු ශූරතාවලියට තරග නොකළ අතර මංගල තරගාවලියට එක්වූයේ රටවල් හතරක් පමණි. මෙවර තරගාවලියට පකිස්තානය හා ශ්‍රී ලංකාව යන රටවල් ද්විත්වයත් එක්වන නිසා තරගාවලියට තවත් තරගකාරී වනු ඇත.

එක් එක් කාණ්ඩයෙන්ම පළමු කණ්ඩායම් දෙක අගෝස්තු 16 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව වටයට තරග වදින අතර අවසන් මහා තරගය අගෝස්තු 18 වැනිදා පැවැත්වෙනු ඇත.

පළමු වරට මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම කුරුණෑගල කවිසිගමුව මහා විද්‍යාලයේ උත්පලා ජයකොඩි විසින් මෙහෙයවන අතර පොලොන්නරුව බැඳිවැව මහා විද්‍යාලයේ නිමේෂා බණ්ඩාර කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කරයි.

යාපනයේ පාසල් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් හය දෙනෙකු කණ්ඩායමට එක්ව සිටීම විශේෂත්වයක් වන අතර මලියදේව බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් ද ක්‍රීඩිකාවන් හය දෙනෙකු කණ්ඩායමට එක්ව තිබේ.

ක්‍රීඩිකාවන් 23න් දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ පුහුණුකරු ලෙස මොහොමඩ් අජ්වාඩ් මහතා කටයුතු කරන අතර සහය පුහුණුකරුවන් ලෙස ජේ. පී. එස් ප්‍රියංකර හා ඩී. එම් මේනකා දිසානායක මහත්මිය කටයුතු කරයි. මහින්ද ගලගෙදර මහතා දැල් රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර කණ්ඩයමේ කළමනාකරු ලෙස එන්. එන් කුලතුංග මහත්මිය කටයුතු කරයි.

සංචාරක ලිතුවේනියාවෙන් සත්කාරක ශ්‍රී ලංකාවට ප්‍රහාරයක්

ලිතුවේනියා කණ්ඩායම සුහද තරග දෙකක් සඳහා ශ්‍රී ලංකාවේ නිරත වන අතර ඉන් දෙවන සුහද තරගය අද (11) කොළඹ තුරඟ තරග පිටියේ දී ශ්‍රී ලංකා B කණ්ඩායම හා ලිතුවේනියා B කණ්ඩායම…

AFC වයස අවුරුදු 16න් පහළ කාන්තා ශූරතාවලියේ 2009 තේරීම් තරගාවලියට පෙර පුහුණුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට එක්වන අතර එම තේරීම් තරගාවලියේ A කාණ්ඩයේ මහජන චීනය, උස්බෙකිස්තානය, ජෝර්දානය හා ගුවාම් දේශය සහභාගී වන තරගවලට ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරනු ඇත. තේරීම් තරග එළඹෙන සැප්තැම්බර් 15 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

  සංචිතය  

අනුරුද්ධිකා දිල්රුක්ෂි (කුඩා නෙලූබෑව ම. වි), රගුදාස් කිරුශාන්තිනි (පණ්ඩතරිප්පු බාලිකා උසස් විද්‍යාලය), ඒ. ටී. මේරි කොන්සිකා (පණ්ඩතරිප්පු බාලිකා උසස් විද්‍යාලය), බාස්කරන් සේයාන්තිනි (පණ්ඩතරිප්පු බාලිකා උසස් විද්‍යාලය), එස්. තවප්ප්‍රියා (මහජන විද්‍යාලය යාපනය), යු. ජෝකිතා (මහජන විද්‍යාලය යාපනය), ජෙගනාතන් ජෙතුන්සිකා (මහජන විද්‍යාලය යාපනය), ඉන්දුනී නිම්සරා කුමාරි (නනපුරාව ම. වි), කාව්‍යා නෙත්මි ගුණරත්න (නනපුරාව ම. වී), අමාවී අනුත්තරා (කහටපිටිය රන්පොකුණුගම ම. වි), උත්පලා කාවින්දි ජයකොඩි (කවිසිගමුව ම. වි), මාලිකා ෂහානි (කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල), සඳුනි නිසංසලා කුමාරිහාමි (ගම්පොල සාන්ත ජෝසප් විද්‍යාලය), කවීෂා මලින්දි (විහාරමහාදේවි බාලිකා), නිමේෂා බණ්ඩාර (බැඳී වැව ම. වී), සංකලනි බණ්ඩාර (මලියදේව බාලිකා විද්‍යාලය), පසිඳි මදුභාශිනි දසනායක (මලියදේව බාලිකා විද්‍යාලය), අමානි සේනාධීර (මලියදේව බාලිකා විද්‍යාලය), ටශානි ජයකඩු (මලියදේව බාලිකා විද්‍යාලය), මදුශානි කුමාරි (මලියදේව බාලිකා විද්‍යාලය), ඩබ්ලිව්. ඒ. අයි වර්ෂාධිර (මලියදේව බාලිකා විද්‍යාලය), ගිත්මා සෙනුරි බණ්ඩාර (එස්. ඩබ්ලිව්. ආර්. ඩි බණ්ඩාරනායක විද්‍යාලය), දසුනි හංසිකා (විහාරමහාදේවි බාලිකා)

 කාලසටහන 

  • අගෝස්තු 9 – ඉන්දියාව හා ශ්‍රී ලංකාව – 3.30pm
  • අගෝස්තු 11 – භූතානය හා ශ්‍රී ලංකාව – 3.30pm  

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<