ලේටන් කිරුළට බොක්සිං ක්‍රීඩකයන් සූදානම් ද?

399
Layton Cup Boxing

වර්ෂ 1942 සිට පැවතෙන ඉතිහාසයකට උරුමකම් කියන ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය මේ වසරේදීත් පැවැත්වේ. අගෝස්තු 13 සිට 17 දක්වා කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී මෙය පැවැත්වෙනු ඇත.

මෙවර පැවැත්වෙන්නේ ඉතිහාසයේ 79 වැනි ලේටන් කුසලාන බොක්සිං තරගාවලියයි. ඊට ක්‍රීඩකයන් 125 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 37 දෙනෙකු මේ වන විටත් ලියාපදිංචි වී ඇති අතර අද්මිරාල් ජෙෆ්රි ලේටන් කුසලානය හිමිවන්නේ තරගාවලියේ වඩාත්  විද්‍යානුකූල බොක්සිං ක්‍රීඩකයා හටයි.

Video – ලෝහමය බාහු වලින් මුහුණු තලන්නා – Mike Tyson

මයික් ටයිසන්, ජීවිතාභියෝග රැසකට මුහුණ දුන් චරිතයකි.

නේපාලයේ දී පැවැත්වෙන 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන බොක්සිං සංචිතයට තේරී පත්වීම වෙනුවෙන් ද මෙම තරගාවලියේ දක්ෂතා දක්වන්නන් හට අවස්ථා ලැබිය හැක. 

තරගාවලිය විවෘත තරගාවලියකි. ආධුනික, අන්තර් මධ්‍යම, ස්ටබ්ස් පළිහ හෝ කනිෂ්ඨ ජාතික ශූරයන්/අනුශූරයන් හට මේ තරගාවලියට අයැදුම් කළ හැක. එමෙන්ම මින් පෙර ලේටන් කුසලාන, ක්ලිෆර්ඩ් කුසලාන හෝ ජාතික මහා ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග වලට ක්‍රීඩා කර ඇත්නම්, ඔවුන්ට ද මේ සඳහා සහභාගී විය හැක. වයස් සීමාව 19-40 වේ.

දිනපතා බර මැනීම සහ වෛද්‍ය පරීක්ෂණය අගෝස්තු 13 වැනිදා සිට 17 වැනිදා දක්වා උදේ 7.00 – 8.00 අතරතුර MAS රාජකීය බොක්සිං කවයේ දී පැවැත්වේ. සෑම ක්‍රීඩකයෙකු විසින්ම රජයේ වෛද්‍ය නිලධාරියෙකු විසින් සහතික කරන ලද යාවත්කාලීන වෛද්‍ය වාර්තා රැගෙන පැමිණිය යුතු වේ.

“ජෝෂුවා vs රුයිස්” සඳහා කාල වකවානු තීරණය කෙරේ

පසුගිය ජුනි මාසයේ දී ලෝක හෙවිවෙයිට් බොක්සිං කිරුළ පැළඳි ඇන්ඩි රුයිස් සහ කිරුළ අහිමි වූ ඇන්තනී ජෝෂුවා…

මෙවරත් ආරක්ෂක සේවා සහ MAS ආයතන නියෝජනය කරන කණ්ඩායම් වල ක්‍රීඩකයන් අතර ප්‍රබල සටන් ඇතිවෙතැයි බලාපොරොත්තු විය හැකිය. නැවුම් පුවත් සහ අවසන් දිනයේ ඡායාරූප සමඟින් ඔබ හමුවන්නට ThePapare.com අපි බලාපොරොත්තු වන්නෙමු.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<