77 වැනි ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය හෙටින් ඇරඹේ

232

2018 ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය හෙට (14) සිට කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. තරගාවලිය සඳහා දේශීය බොක්සිං පිටියේ නවක ශූරයන් සමඟ ජාතික තලයේ ක්‍රීඩකයින් කරට කර තරග වැදීමට නියමිතය.

අනූෂා, තිවංක, ඉෂාන් මීළඟ පදක්කම් දඩයමට සැරසෙයි

එළඹෙන අගෝස්තු 21 වැනිදා ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර දී ඇරඹෙන ආසියානු බොක්සිං..

මෙවර ද තරගාවලිය බර පන්ති 10ක් යටතේ තරග පැවැත්වෙන අතර ඒ සඳහා ප්‍රබල කණ්ඩායම් වන යුධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස්, MAS කැෂුවල් ලයින්, හෙළ ක්ලෝදින්, MAS ස්ලිම්ලයින්, MAS යුනිචෙලා, MAS ලීනියා, MAS තුරුලිය, විද්‍යාලන් ආදී කණ්ඩායම් රැසක ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම නවක ශූරයන් ද සහභාගී වේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩිකාවන් වන අනූෂා කොඩිතුවක්කු, කේශානි හංසිකා, ක්‍රිෂ්මි ධර්මතිලක මේ තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත අතර ක්‍රීඩකයින් වන තිවංක රණසිංහ, ඉෂාන් බණ්ඩාර, දිනිඳු සපරමාදු මෙම තරගාවලියට සහභාගී නොවේ. මෙවර තරගාවලිය ජාතික තලයට පිවිසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම මේ වන විට ජාතික තලයේ ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද අභියෝගාත්මක තරගාවලියක් වන බව නොඅනුමානයි.

තරගාවලියේ සියලුම තරගවල තරග වාර්තා හා තරගාවලියේ අවසන් තරගවල ඡායාරූප සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<