“පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍යයි” – මාලිංග

1478

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) දෙවැනි අදියරේ දී Galle Gladiators කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන බවට පැතිර යන වාර්තා මුළුමනින්ම අසත්‍යය බව, ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. ඒ සිය නිල Twitter ගිණුම කරහා ප්‍රකාශයක නිකුත් කරමිනි.

මේ දක්වා ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් කිසිවෙකුත් තමන් සමඟ කිසිදු සාකච්ඡාවක් හෝ සිදු කර නොමැති බව ඊයේ (5) රාත්‍රියේ පළ කළ එම Twitter පණිවිඩය හරහා ඔහු සඳහන් කළා. එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමා තවමත් ජාත්‍යන්තර (ජාතික) විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගෙන නොමැති බවයි.

තවත් ක්‍රිකට් පුවත්: 

LPL ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර ජූලි 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මාලිංග නිකුත් කළ එම Twitter පණිවිඩය පහත දැක්වෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<