ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියට මොකද වෙන්නේ?

496

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම සුවහසක් ප්‍රේක්ෂකයින් නොඉවසිල්ලෙන් බලා සිටි ලංකන් ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් ගිය බව වාර්තා වේ.

ටෙස්ට් සංචිතයෙන් උඩවත්ත හැලේ; නායකත්වය තවමත් චන්දිමාල් අතේ

ලබන 12 වැනිදා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන ශ්‍රී ලංකා – දකුණු …

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම ක්‍රිකට් තරගාවලියක් වන ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වසරේ අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයෙක් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රසල් ආර්නල්ඩ් මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තරගාවලියේ අධ්‍යක්ෂක ලෙස පත් කර තිබේ.

අද (6) දිනයේ දී නිල twitter ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කළ ආර්නල්ඩ් මහතා LPL තරගාවලිය දින නියමයක් නොමැතිව කල්ගිය පුවත පහත පරිදි තහවුරු කර තිබිණි.

ගරු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා BBC සිංහල සමඟ පසුගිය 3 වැනිදා කළ සම්මුඛ සාකච්ඡාවක දී ද ඒ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පවසා තිබුණි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැලසුම වෙලා තිබුණේ මේ වසරේ අගෝස්තු/සැප්තැම්බර් මාසවල දී IPL ආකාරයේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කරන්න, නමුත් එම ක්‍රිකට් තරගාවලියේ පෙර සූදානම් කර පරිදි පවත්වන්නට අපිට බැරි වේවි.”

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ සම්බන්ධව මෙතෙක් නිල නිවේදනයක් නිකුත්කර නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<