Home Sinhala Giantsට එරෙහිව අපරාජිකත්වය රැක ගත් Kings නැවතත් අවසන් සටනට

Giantsට එරෙහිව අපරාජිකත්වය රැක ගත් Kings නැවතත් අවසන් සටනට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

2079

2021 LPL තරගාවලියේ පළමු ශතකලාභී පිතිකරුවා වුනු අවිශ්ක ප්‍රනාන්දුගේ සුපිරි ඉනිම නිසා Dambulla Giants සමඟ පැවති දෙවැනි Qualifier තරගය ලකුණු 23කින් ජය ගැනීමට Jaffna Kings අද (21) සමත් වුනා.

ඒ අනුව පළමු LPL තරගාවලියේ අවසන් මහා තරගයේ දී මෙන් මෙවරත්, Jaffna Kings සහ Galle Gladiators අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණගැසීමට නියමිතයි.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ පිටියේ දී පැවති මේ තරගය සඳහා අලුත්ම තණතීරුවක් සකස් කර තිබුණු අතර කාසියේ වාසිය ජයග්‍රහණය කළ Giants නායක දික්වැල්ල පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මේ තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Dambulla Giants: 1 Niroshan Dickwella (wk, capt.), 2 Phil Salt, 3 Janith Liyanage, 4 Sandun Weerakkody, 5 Najibullah Zadran, 6 Chamika Karunaratne, 7 Ramesh Mendis, 8 Lahiru Samarakoon, 9 Marchant de Lange, 10 Imran Tahir, 11 Nuwan Pradeep

Jaffna Kings: 1 Tom Kohler-Cadmore, 2 Avishka Fernando, 3 Rahmanullah Gurbaz (wk), 4 Ashan Randika, 5 Shoaib Malik, 6 Thisara Perera (capt.), 7 Wanindu Hasaranga, 8 Chaturanga de Silva, 9 Jayden Seales, 10 Suranga Lakmal, 11 Maheesh Theekshana

Jaffna Kings | OUT – A Bandara & W Riaz; IN – A Randika & J Seales

Dambulla Giants | OUT – J Little & S Jayathilaka; IN – M Lange & L Samarakoon

ප්‍රතිවාදී නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් Kings නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 210ක් ලබා ගත් අතර එය හඹා ගිය Giantsට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වුනේ ලකුණු 187ක් පමණයි.

Kings ලබා ගත් ලකුණු 210න් ලකුණු 170ක්ම ආරම්භක පිතිකරුවන් වූ අවිශ්ක සහ Gurbazගේ පිත්තෙන් වාර්තා වුනා. අතිරේක ලකුණු 8ක් ද හිමි වූ එම ඉනිමේ දී සෙසු පිතිකරුවන්ගේ දායකත්වය ලකුණු 33ක් වැනි අවම අගයක පැවතුණා.

අවිශ්ක විසින් Kings ඉනිමේ අවසන් පන්දුවාරයේ දී සිය සුපිරි ශතකය සම්පූර්ණ කර ගැනීමත් සමඟ LPL තරග ඉතිහාසයේ ශතකයක් වාර්තා කරන ලද පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා මෙන්ම, LPL තරග ඉතිහාසයේ එවැනි දස්කමක් දැක්වූ දෙවැනි පිතිකරුවා (පළමු ශතකය – Laurie Evans) බවට පත්වීමට ද අවිශ්කට හැකියාව ලැබුණා. පන්දු 64ක දී වාර්තා වුණු ඔහුගේ එම ලකුණු 100 සඳහා 6 පහර 4ක් සහ 4 පහර 10ක් අන්තර්ගත වුනා.

LPL ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු වැඩිම ලකුණු සම්බන්ධතාවය ලෙසින් වාර්තා වුණු ලකුණු 122න් ලකුණු 70ක් සඳහාම දායකත්වය ලබා දුන් Gurbaz හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් සමඟ පන්දු 40ක දී ලකුණු 70 ලබා ගත්තේ අවිශ්ක දියත් කළ ප්‍රහාරාත්මක වේගයට වඩා වැඩි ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙනයි.

මෙවර LPL තරගාවලියේ පළමු සුදුසුකම් ලබා ගැනීමේ (Qualifier 1) තරගයේ දී කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක එක්ව Kings කණ්ඩායමට එරෙහිව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 121ක සම්බන්ධතාවයේ වාර්තාව අවිශ්ක – Gurbaz දෙදෙනා විසින් මෙහි දී බිඳ දැමුවා.

මේ තරගයට පෙර LPL තරග ඉතිහාසයේ Jaffna – Dambulla අතර තරග හතරක් ක්‍රියාත්මක වී තිබුණු අතර ඉන් එකඳු තරගයක් හෝ Dambulla විසින් ජයගෙන තිබුණේ නැහැ. එම අපරාජිත බව තවදුරටත් රැකගැනීම සඳහා Jaffna කණ්ඩායමට එරෙහිව පිත්තෙන් පොඩි හෝ අභියෝගයක් ලබා දුන් චාමික Giants කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වුනා.

ඔහු පන්දු 47ක දී වේගවත් ලකුණු 75ක් ලබා ගැනීමට සමත් වුවත්, ඔවුන්ගේ සෙසු පිතිකරුවන්ගෙන් ලැබිය යුතු දායකත්වය නොලැබී යාම නිසා චාමිකගේ සටන්කාමී ඉනිමට ද ඔවුන්ගේ පරාජයේ පරතරය අඩු කිරීම හැර වෙනත් බලපෑමක් සිදු කිරීමට හැකි වුනේ නැහැ. මෙය චාමිකගේ විස්සයි විස්ස තරග දිවියේ ලබා ගත් පළමු අර්ධ ශතකයයි.

ආරම්භයේ දී තරමක් පීඩනයකින් යුතුව පන්දුවට පහර දුන් චාමික 31 වැනි පන්දුවේ දීත් රැස් කරගෙන සිටියේ ලකුණු 31ක් පමණි. එහෙත් එතැන් පටන් තිසර පෙරේරාට එරෙහිව පිට පිට හතරේ පහර 3ක්, හයේ පහරක්, ලකුණු 2ක් සහ ලකුණක් වශයෙන් එම පන්දුවාරය තුල ලකුණු 21ක් ලබා ගැනීමට චාමික සමත් වුනා.

එසේම මෙය Giants පිතිකරුවකු මෙවර තරග වාරයේ වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වූ අතර මීට පෙර Salt (ලකුණු 62) ඉහළම ලකුණු ලාභියා බවට පත්ව සිටියා.

පන්දු 21ක දී ලකුණු 39ක් රැස් කරමින් වේගවත් ආරම්භයක් ලබා ගැනීමට Giants පිතිකරුවන් සමත් වුවත්, හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමඟ පන්දු 11ක දී ලකුණු 22ක් ලබාගෙන සිටි Salt පළමු කඩුල්ල ලෙස ලක්මාල් විසින් දවා ගත්තා.

Giants ඉදිරි පෙළ පිතිකරුවන් ලකුණු අතර නොපැමිණීම සහ ඔවුන්ට ලැබුණු ඉලක්කය විශාල වීමත් නිසා මැද පෙළ පිතිකරුවන්ට පීඩනය වැඩි වන විට, ඒ අතරින් සාර්ථක ඵල නෙළා ගන්නට Seales සමත් වුනා.

  • තරගයේ වීරයා – අවිශ්ක ප්‍රනාන්දු


Result


Jaffna Kings
210/4 (20)

Dambulla Aura
187/9 (20)

Batsmen R B 4s 6s SR
Avishka Fernando c & b 100 64 0 0 156.25
Rahmanullah Gurbaz c & b 70 40 0 0 175.00
Tom Kohler-Cadmore c & b 15 8 0 0 187.50
Thisara Perera not out 11 7 0 0 157.14
Shoaib Malik c & b 6 3 0 0 200.00


Extras 8 (b 0 , lb 2 , nb 2, w 4, pen 0)
Total 210/4 (20 Overs, RR: 10.5)
Bowling O M R W Econ
Nuwan Pradeep 4 0 30 0 7.50
Marchant De Lange 4 0 47 1 11.75
Imran Tahir 4 0 24 0 6.00
Chamika Karunaratne 4 0 53 1 13.25
Lahiru Udara 2 0 30 2 15.00
Ramesh Mendis 2 0 24 0 12.00


Batsmen R B 4s 6s SR
Phil Salt c & b 22 11 0 0 200.00
Niroshan Dickwella c & b 18 12 0 0 150.00
Sandun Weerakkody c & b 12 10 0 0 120.00
Janith Liyanage c & b 1 2 0 0 50.00
Najibullah Zadran c & b 21 15 0 0 140.00
Ramesh Mendis c & b 0 3 0 0 0.00
Chamika Karunaratne not out 75 47 0 0 159.57
Lahiru Udara c & b 8 4 0 0 200.00
Marchant De Lange c & b 9 1 0 0 900.00
Imran Tahir c & b 6 5 0 0 120.00
Nuwan Pradeep not out 0 1 0 0 0.00


Extras 15 (b 4 , lb 0 , nb 1, w 10, pen 0)
Total 187/9 (20 Overs, RR: 9.35)
Bowling O M R W Econ
Mahesh Theekshana 4 0 23 2 5.75
Wanindu Hasaranga 4 0 32 1 8.00
Suranga Lakmal 2 0 25 1 12.50
Shoaib Malik 1 0 15 0 15.00
Jayden Seales 4 0 24 3 6.00
Thisara Perera 4 0 50 2 12.50
Chathuranga de Sliva 1 0 4 0 4.00



LPL තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 23 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<