ශ්‍රී ලංකාව අමාරුවේ දමමින් කුසල් හා වනිඳුට ඇබැද්දියක්

72
 

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර දෙවන විස්සයි විස්ස තරගය අතරතුර දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුට ආබාධ නිසා පිටියෙන් ඉවත් වීමට සිදු වුනා.

තෝමස්ට බියවූ ශ්‍රී ලංකාවට සිත් බිඳෙන පරාජයක්!

එක්දින තරගාවලියේ දී ලබාගත් ජයග්‍රහණ රිද්මයට විරාමයක් තබමින් අද (04) ඇරඹුනු පළමු විස්සයි විස්ස තරගයේ දී…..

ශ්‍රී ලංකා කණ්ඩායම දියත් කළ පළමු පන්දුවාරයේ දී මාලිංග එල්ල කළ පන්දුවක් රැකගැනීමට යාමේ දී පන්දුව කුසල් පෙරේරාගේ ඇඟිල්ලක වැදීම නිසා කුසල්ට පිටියෙන් ඉවත් වීමට සිදු වුනා. කණ්ඩායමේ භෞතචිකිත්සක ඔහුව පිටියෙන් ඉවතට රැගෙන ගිය අතර අතිරේක ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ඔහු වෙනුවට කඩුලු රැකීමට කණ්ඩායමට පිවිසුණා. 

ඊට සුළු මොහොතකට පසුව වනිඳු හසරංග හතරේ සීමාව අසල දී පාදයේ ආබාධයකට ලක් වුනා. ඔහු දැඩි වේදනාවෙන් සිටින බව පෙනී ගිය අතර නැවත වතාවක් කණ්ඩායම භෞතචිකිත්සක ප්‍රමුඛ අතිරේක ක්‍රීඩකයින් ඔහුව පිටියෙන් ඉවතට රැගෙන ගියා. 

හසරංගට හට පන්දු යැවීමට නොහැකි වන බව පෙනී ගිය අතර එම නිසාම ලකුණු 155ක ඉලක්කයක් ආරක්ෂා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට එක් පන්දු යවන්නෙක් නොමැතිව දැවැන්ත බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ට පන්දු යවන්නට සිදු වෙනවා. 

ආබාධයන්ගේ තත්වය තවමත් නිල වශයෙන් දැනුම් දී නැහැ. වැඩි විස්තර සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<