“ලෝක කුසලානයට මම සූදානම්” – කුසල් පෙරේරා

588

දකුණු අප්‍රිකාවේ දී සුපිරි දස්කම් දැක්වූ සුපිරි ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා තමන් ලෝක කුසලානයට සූදානම් බව BBC සිංහල වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා තිබුණේ ක්‍රීඩාලෝලීන් ඔහුගේ ලෝක කුසලාන ආගමනය පිළිබඳ ඉතා අපේක්ෂා සහගතව සිටින තත්වයක දීයි.

හඬා වැලපෙමි නෙලා ගනු හැකි World Cup සිහිනේ

අවුරුදු 44ක ලෝක කුසලාන ඉතිහාසයේ කිසිදු ශූරතාවයක් තමන් සතු කර ගැනීමට නොහැකි වූ /p>

මීට පෙර අරවින්ද ද සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ කුසල් ජනිත් පෙරේරා වැනි තරගයක් දිනවිය හැකි ක්‍රීඩකයෙක් එක් තරගයක් නොව තරග දහයක් අසාර්ථක වුනත් කණ්ඩායමේ සිටිය යුතු බවයි. කෙසේ වෙතත් ලෝක ටෙස්ට් ඉතිහාසයේ ‘හොඳම ඉනිම’ ලෙස විචාරකයන් හැඳින්වූ ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරමින් ටෙස්ට් තරගාවලිය සුපිරි ලෙස නිමා කළත් එක්දින තරගාවලියේ දී කුසල් ආබාධයකට ලක් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට මරු පහරක් එල්ල කරමිනි.

සිය ආබාධයෙන් පසු කුසල් ජනිත් පෙරේරා දැන් නැවතත් සිය ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් ආරම්භ කර තිබේ. BBC සිංහල වෙත අදහස් දක්වමින් ඔහු ආර්. ප්‍රේමදාස පිටියේ පැවති පුහුණු සැසියක දී පවසා තිබුණේ ඔහුගේ ආබාධය ඉක්මනින්ම සුව අතට පත් වූ බවත්, තවත් සති දෙකක් තුනක් අතර කාලයක් තුළ ඔහුට නැවත පන්දුවට පහර දිය හැකි බවත්ය.

“හැමදේම ධනාත්මක පැත්තේ තියෙන්නේ, මට හිතෙනවා මට අවස්ථාවක් තියෙනවා කියලා”, ලෝක කුසලානයට කුසල් ගේ සහභාගිත්වය පිළිබඳ නැගූ පැනයකට ඔහු මෙසේ ප්‍රතිචාර දක්වා තිබුණා.

“මම මට පුළුවන් දේ කරනවා, තේරීම් කමිටුව කිව්වොත් ලෝක කුසලානයට යන්න කියලා මම යන්න ලෑස්තියි.”

කුසල්ට සිය පාද දෙකේම තිබූ ආබාධයන් නිසා අවාසනාවන්ත ලෙස අඛණ්ඩව කණ්ඩායම හා රැඳී සිටීමේ අවස්ථාව අහිමි විය. “මම අන්තිම අවුරුද්ද දෙකේ තරග කිහිපයක් ගහනවා ඊට පස්සේ ආබාධයට ලක්වෙලා තියෙනවා. මම ගොඩක් ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවන් එක්ක කරනවා, ගොඩක් ප්‍රශ්න අඩුයි. නමුත් තරගයක් ක්‍රීඩා කරද්දී කොයි වෙලාවේ ආබාධයට ලක්වෙයි ද කියලා කියන්න බැහැ හේතුව තමා ශාරීරික සුවතාවය කියන එක එතනට බලපාන්නේ නැහැ.”

ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් නායකයා කණ්ඩායමෙන් ඉවතට

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායකයා වශයෙන් කටයුතු කළ මැදපෙළ පිතිකරු අස්ගාර් ඇෆ්ගන්ව එම ධූරයෙන් ඉවත්

ඉතා හොඳ ටෙස්ට් තරගාවලියකට පසුව නොසිතූ මොහොතක ආබාධයකට ලක් වීම පිළිබඳ ඔහු ඉන්නේ ඉතාමත් කනස්සල්ලෙනි. ගොඩක් වෙලාවට ඇත්තටම අවාසනාවන්තයි. මොකද මගේ ශාරීරික යෝග්‍යතා වාර්තා අරන් බැලුවොත් ඉහලින්ම ඉන්න වෙලාවකයි මේ ආබාධයට ලක්වුනෙත්,” කුසල් ජනිත් කියා සිටියේය.

BBC සිංහල වෙබ් අඩවියේ පලවූ වාර්තාවක් ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<