පන්දුව ඔප දාන්න අලුත් වැක්ස් එකක්

129

ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු විවිධ ක්‍රීඩා සඳහා උපකරණ සපයන ලොව ප්‍රධාන පෙළේ වෙළඳ ආයතනයක් සහ වෙළඳ සන්නාමයක් වන ඕස්ට්‍රේලියාවේ Kookaburra ආයතනය ඛේටය හෝ දහඩිය යොදාගැනීමෙන් තොරව පන්දුවේ ඔපය රැකගත හැකි වැක්ස් ආලේපනයක් නිර්මාණය කර ඇත.

ඒක මගේ ජීවිතයේ හොඳම වසර – මාර්නස් ලබුශේන්

ස්ටීවන් ස්මිත් හා ඩේවිඩ් වෝනර්ගේ තහනමෙන් පසුව ඕස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායමට ……

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පන්දුව පළුදු කිරීමේ තහනම ඉවත් කිරීමට යම් යම් පියවර ගනිමින් සිටින බව පසුගිය දා වාර්තා විය. ඒ කොරෝනා වසංගත තත්වය හමුවේ ඛේටය උපයෝගී කරගෙන පන්දුව ඔප දැමීම සුදුසු නොවන නිසා ක්‍රිකට් තරගවල දී විනිසුරුවන්ගේ අධීක්ෂණය යටතේ පන්දුව ඔප දැමීමට කෘත්‍රිම ද්‍රව්‍ය භාවිතා කිරීමට ඉඩ දීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කරමිනි.

කෙසේ නමුත් ඒ සඳහා හිටපු/වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ විචාරකයින් රැසක් ධනාත්මක මෙන්ම සෘනාත්මක මතවාද කිහිපයක් ගොඩ නංවා තිබෙන පසුබිමක Kookaburra ආයතනය විසින් ඛේටය හෝ දහඩිය යොදාගැනීමෙන් තොරව පන්දුවේ ඔපය රැකගත හැකි වැක්ස් ආලේපනයක් මෙසේ නිර්මාණය කර තිබීම සුවිශේෂී වේ.

එම වැක්ස් ආලේපනය සාක්කුවේ දමා ගත හැකි ප්‍රමාණයේ ස්පොන්ජයක් වන අතර එහි ආලේපිත වැක්ස් ආලේපනය මඟින් පන්දුව ඔප දැමීම තුලින් පන්දුවේ දීප්තිය වැඩි වන අතර එය ඛේටය හෝ දහඩිය වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කිරීමට හැකිය යන්න ඔවුන්ගේ මතයයි.

පන්දුව පළුදු කිරීම නීතිගත කරනවා වෙනුවට ආතර්ගෙන් වෙනස් යෝජනාවක්

කොරෝනා වයිරසය ක්‍රිකට් ක්‍රීඩාවට කළ බලපෑම සහ ඒ නිසා ඉදිරියේ දී ක්‍රීඩාවට වන …….

Kookaburra ආයතනයේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂක බ්‍රෙට් එලියට් මහතා මේ පිළිබඳව පවසා සිටියේ මෙවැන්නක්. 

“මේ වගේ වසංගතයක් පැතිර යන වෙලාවක පන්දුව ඔප දැමීම සඳහා ඛේටය හෝ දහඩිය යොදා ගැනීම ඇත්තටම සුදුසු නැහැ. තාවකාලිකව හරි අපි මේකට විසඳුමක් ගෙන්න ඕන. අපිට මෙය ඉතාමත් ඉක්මනින්ම වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන්. තත්වය පාලනය වූ වහාම ක්‍රිකට් තරග නැවතත් පටන් ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.” 

“තව මාසයක් විතර යද්දී අපිට මේ වැක්ස් එක පරීක්ෂණ කරලා තරග තත්ත්ව වලට ඔරොත්තු දෙනව ද, ප්‍රායෝගික ද කියලා බලලා අපි මේක වෙළඳපොළට දානවා. නමුත් මේක දිගටම භාවිතා කරනවා ද නැද්ද කියන එක ක්‍රිකට් පරිපාලකයින් තීරණය කරාවි. මොකද අපි දැනට තියෙන ගැටලුව සලකලා බලල තමයි මේ ඉදිරිපත් කිරීම කළේ.” 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව හා MCC ලෝක ක්‍රිකට් කමිටුව මැයි මස අග හෝ ජුනි මස මුල දී වීඩියෝ සම්මන්ත්‍රණ හරහා එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<