ඩි කොක් වාර්තා පොත් අලුත් කරයි

88

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වුණු තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක සහ අවසන් තරගය බැංගලෝර් හිදී ඊයේ (22) නිමා විය. එම තරගයෙන් කඩුලු 9ක දැවැන්ත ජයක් හිමිකරගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම 1-1ක් ලෙස තරගාවලිය සම කරන ලදි.

එංගලන්ත සුපිරි තරුවකට ටෙස්ට් පිටියෙන් තාවකාලික නිවාඩුවක්

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී ටෙස්ට් ………

ICC විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයේ සිටි ඉන්දියාව මෙම පරාජයට පසුව සිව්වැනි ස්ථානය දක්වා පහත වැටි තිබෙන අතර සිව්වැනි ස්ථානයේ සිටි දකුණු අප්‍රිකානුවන් තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක විරාත් කෝලි පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින් පවා මවිත කරමිනි. ඉන්දීය ඉනිම ආරම්භ කරමින් පිටියට පැමිණි ශිකර් ධවාන් හා රෝහිත් ශර්මාට පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවීමට හැකියාව ලැබුණේ ලකුණු 22ක් පමණි. 

පන්දු 8ක දී ලකුණු 9ක් වාර්තා කරගෙන සිටි ශර්මා දැවී යාමත් සමඟ පිටියට පිවිසි කෝලි හා ධවාන් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක යම් සාර්ථක සබඳතාවයක් ගොඩනංවන ලදි. 

කෙසේ නමුත් ගොඩනැගෙමින් තිබූ ඉන්දීය ලකුණු පුවරුව පාලනය කිරීමේ අරමුණින් සිදු කළ පන්දු යැවීමේ වෙනස්කමේ ප්‍රතිඵලයක් ලෙස තබ්‍රයිස් ශම්සි හා කගීසෝ රබාඩා  පිළිවෙළින් ධවාන් හා කෝලී දෙදෙනා එක ළඟ ළඟ දවා ගැනීමත් සමඟම ඉන්දීය දල ලකුණු ලබාගැනීමේ වේගය තරමක් අඩාල විය. 

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ධවාන් පන්දු 25ක් තුල 4 පහර දෙකක් හා දැවැන්ත 6 පහර 2ක් සමඟ ලකුණු 36ක් ලබා ගන්නා විට, කෝලීගේ ලකුණු මැෂිමට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 9ක් පමණයි. ඒ සඳහා ඔහුට පන්දු 15ක් වැය විය.

ප්‍රබල දකුණු අප්‍රිකානු පන්දු බලඇණිය හමුවේ ඉන්දීය මුල්පෙළ කඩුලු 3ක් ලකුණු 68ක් වන විට දැවී ගිය පසුව පිටියට පැමිණි පිතිකරුවන් අතරින් ලකුණු 19 බැගින් රැස්කර ගැනීමට රිෂාබ් පන්ට් හා රවින්ද්‍ර ජඩේජා සමත් වුවත් අනෙක් මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන් සියලුම දෙනා පාහේ මෙම තරගය තුල සාර්ථක වූයේ නැත. 

අවසානයේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 134ක් පමණයි.

හෆීස්, ශොහේබ් ඉවතට; නවාස් හා ඉෆ්තිකර් නැවතත් සංචිතයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ එක්දින ……..

පන්දු යැවීමේ දී තරමක් ප්‍රහාරයකට ලක්වූ රබාඩා නියමිත පන්දුවාර 4 තුල කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 39ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. ඊට අමතරව බියුරන් හෙන්ඩ්රික්ස් ලකුණු 19කට කඩුලු 2ක් දවා ගන්නා ලදි.

ලකුණු 135ක පහසු ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි නායක සහ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් ඇතුළු දකුණු අප්‍රිකානු මුල්පෙළ පිතිකරුවන් පන්දුවාර 16කුත් පන්දු 5ක් අවසානයේ සිය නියමිත ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 9ක දැවැන්ත ජයක් සටහන් කරගෙනයි. 

සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලකුණු 1000 සීමාව පසු කළ ක්වින්ටන් ඩි කොක් ලකුණු 79ක් වාර්තා ක රගන්නා ලදි. පන්දු 52ක දී වාර්තා වූ එම වේගවත් ඉනිම 4 පහර 6කින් සහ 6 පහර 5කින් අලංකාරවත් විය.  

ඩි කොක් සමඟ එක්ව ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා දීමට සහය වූ රීසා හෙන්ඩ්රික්ස් ලකුණු 28ක් ලබාගෙන සිටිය දී දකුණු අප්‍රිකානු ලකුණු සටහනේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියේය. 

ඒ වන විට ඔවුන් පන්දුවාර 10කුත් එක් පන්දුවක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 76ක් ලබාගෙන තිබුණි. ඒ හිඩැස පිරවීම වෙනුවෙන් පිටියට ආ ටෙම්බා බවුමා ද තමන් වෙත ලැබුණු වගකීම නිසියාකරවම ඉටු කරමින් ඉන්දීය පන්දු යවන්නන්ට සංග්‍රහ කළේය. 

දකුණු අප්‍රිකානුවන් ජයග්‍රාහීව තරගය අවසන් කරන විට දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 64*ක සබඳතාවයක් එක් කළ ඩි කොක් සහ බවුමා පිළිවෙළින් ලකුණු 79*ක් හා ලකුණු 27*ක් වාර්තා කරගෙන තිබුණි.

මසකඩ්සාට ගෞරවාන්විත සමුගැනීමක්

බංග්ලාදේශයේ පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය හා සිම්බාබ්වේ………

නායකත්වයේ පිතිකරණයක නිරත වෙමින් දර්ශනීය 4 පහර 6ක් 6 පහර 5කින් ඩි කොක් සිය  ඉනිම අලංකාරවත් කරගන්න ලදි. මේ ඔහුගේ විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ වාර්තා සිව්වැනි අර්ධ ශතකයයි. එම ලකුණු 79* එක් විස්සයි විස්ස තරගයක් තුල ඔහු ලබාගෙන තිබෙන හොඳම පුද්ගලික ලකුණු ප්‍රමාණය ද බවට පත්විය.

පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකානු ඉනිමේ දවා ගත් එකම කඩුල්ල සඳහා හිමිකම් කීමට සමත් වූයේ තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්‍යා පමණයි. 

තරගයේ වීරයා – බියුරන් හෙන්ඩ්රික්ස් (දකුණු අප්‍රිකාව) 

තරගාවලියේ වීරයා – ක්වින්ටන් ඩි කොක්  (දකුණු අප්‍රිකාව)

  • ඉන්දියාව – 134/9 (20): ශිකර් ධවාන් 29, කගීසෝ රබාඩා 3/39, හර්දික් පාන්ඩ්‍යා 1/23.
  • දකුණු අප්‍රිකාව – 140/1 (16.5): ක්වින්ටන් ඩි කොක් 79*, රීසා හෙන්ඩ්රික්ස් 28, ටෙම්බා බවුමා 27*.

තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් එල්ල වූ බාධා හමුවේ අත්හැර දමන ලදි. ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවට සමගාමීව පවත්වන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඔක්තෝබර් මස 2 වැනිදා විශාඛාපට්නම් හිදී ආරම්භ වේ. එහි තොරතුරු ද ඔබ වෙතට සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය සූදානමින්. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට <<