ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් ශූර නිලුක කරුණාරත්න සහ ඔහුගේ සොහොයුරු දිනුක කරුණාරත්න යොනෙක්ස් බෙල්ජියානු ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියට සහභාගී වෙයි. යුරෝපයේ පැවැත්වෙන ලොව ප්‍රමුඛ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් වන මෙහි තරග   මේ වනවිටත් ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 27ක් නියෝජනය කරමින් තරගකරුවන් 225කගේ සහභාගීත්වයෙන් බෙල්ජියමේ ලියුවේන් නුවර පිහිටා ඇති ස්පොර්ටෝසෙ පීලිප්ස්සිටෙ ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පසුගිය ලිපි: කොළඹ නගර සභා ක්‍රීඩකයෝ වැඩි දස්කම් දක්වමින් පෙරමුණේ

මෙම  තරගාවලියේ මූලික වටයේ සුදුසුකම් ලැබීමේ තරග වටය සැප්තැම්බර් මස 14 වන දා සිට 17වන දා දක්වා පැවැත්විණි.  නිලූක හා ඔහුගේ සොයුරු දිනුක මෙහිදී කේවළ තරග කිහිපයකට හා යුගල තරග කිහිපයකට සහභාගී වීමට නියමිත අතර තරගාවලිය ජයග්‍රහණය කොට මවුබිමට කීර්තියක් ගෙන ඒම ඔවුන්ගේ මූලික අරමුණ වී තිබේ.

මේ අතර නිලූක කරුණාරත්න විසින් තරග කරන්නට යෙදුනු තවත් පිරිමි කේවළ තරගයක් ඩෙන්මාර්කයේ රසූමස් සමග පැවැති අතර එයින් රසූමස් ජයග්‍රහණය කරනු ලැබුවා.

මේ අතර පිරිමි කේවළ තරගයක් සදහා ප්‍රංශයේ තෝමස් රොක්ස්වෙල් සමග දිනුක කරුණාරත්න තරග වැදුනු අතර එම තරගය ප්‍රංශ ජාතික රොක්ස්වෙල් විසින් තරගවට 3ට 2ක් ලෙසට එම තරගය ජයග්‍රහනය කරනු ලැබුවා. (21-15, 16-21 සහ 7-21 )

පසුව ආරම්භ වූ යුගල තරග වටයේදී කරුණාරත්න සහෝදරයන්ට ඩෙන්මාර්කයේ ෆෙඩ්‍රික් කොල්බර්ග් සහා රස්මුස් ෆ්ලැඩ්බර්ග් සමග තරග වැදුනු අතර එහි පළමු වටයේ සාර්ථකතවයක් දැක්වූ අතර දෙවන කොටසේදී තරමක පසුබැමකට ලක්විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට