Home Sinhala 16 හැවිරිදි නිම්නක ජයතිලකගෙන් දෙවැනි දිනයේ දී විස්මිත දස්කම්!

16 හැවිරිදි නිම්නක ජයතිලකගෙන් දෙවැනි දිනයේ දී විස්මිත දස්කම්!

338

කන්ද උඩරට ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන පාසල් දෙකක් වන කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (09) නිමාවට පත්වූයේ ජය පැරදුමකින් තොරවයි.

කෙසේ වෙතත් පිත්තෙන් සහ පන්දුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ සාන්ත අන්තෝනි විද්‍යාලය විවාදයකින් තොරවම ප්‍රථම ඉනිමේ වැඩි ගෞරවය දිනා ගැනීමට සමත් වූහ.

චමිඳුගේ විශිෂ්ට ශතකය නිසා අන්තෝනි විද්‍යාලය පෙරමුණේ!

වසර 105ක දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය

තරගයේ ප්‍රථම දිනය ඊයේ නිමාවට පත්වූයේ සාන්ත අන්තෝනි විදුහල මුලින් පන්දුවට පහර දෙමින් ලබාගත් ලකුණු 298ක දැවැන්ත ලකුණු පුවරුව හඹායමින් සිටි ත්‍රිත්ව විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 20ක් ලබා සිටිය දීයි. ඒ අනුව තම පාසල් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනු මෙම තරගයේ මුල් දිනයේ සිටම වාසි ලබා ගෙන තිබුණේ අන්තෝනිවරුන් බව නොරහසකි. ඒ වෙනුවෙන් වැඩියෙන්ම දායකත්වය හිමි වූයේ තම පළමු පාසල් මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ චමිඳු වික්‍රමසිංහගෙනි. ඔහු ඊයේ පන්දු 190කට මුහුණ දෙමින් ලකුණු 128ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟිනි.

චමිඳුගේ මෙම විශිෂ්ට ඉනිම මෙවර මහා ක්‍රිකට් තරගය අතරතුරේ වාර්තා වූ එකම ශතකය බවට පත්විය. මීට අමතරව චමිඳු සමඟ ඉනිම ඇරඹූ අසිත වන්නිනායක ලකුණු 54ක් ලබා ගත්තේ පන්දු 66කට මුහුණ දෙමිනි. අන්තෝනි විද්‍යාලයේ නායක තීක්ෂ ගුණසිංහ ලකුණු 25ක් ලබා ගනිමින් විද්‍යාලයීය ඉනිමට සවියක් වෙද්දී ලසිත් වැරැල්ලගම සහ තමාශන අබේකෝන් ලකුණු 21 බැගින් රැස් කෙරූහ. මේ නිසාවෙන්ම සාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 298ක් ලබා ඉනිම අත්හිටුවන විට ඔවුන්ගේ දැවී ගොස් තිබුනේ කඩුලු 8ක් පමණි. පන්දු යැවීමේ දී දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක කවිශ්ක සේනාධීර කඩුලු 4ක් දවා ගනිමින් ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වීය.

අද උදෑසන ලකුණු 20ට කඩුලු 1ක් ලෙස පිළිතුරු ඉනිම ආරම්භ කළ ත්‍රිත්ව පිතිකරුවෝ වැදගත් කරුණක් සිතේ තබාගෙන පිතිකරණයේ යෙදෙනු දැකගත හැකි විය. ඒ අන්තෝනි විදුහල ඒ වන විටත් තරගයේ වැඩි වාසි ලබාගෙන ඇති නිසා අනවශ්‍ය ලෙස කලබල වී තරග ජයග්‍රහණයක් ප්‍රතිවාදීන්ට ලබා නොදිය යුතු බවයි. එබැවින් ඔවුන් අද ටෙස්ට් තරගයකටම උචිත අන්දමින් ඉතාමත් ප්‍රවේසමෙන් තම ඉනිම ගොඩ නැගූහ. ත්‍රිත්ව විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා තනි ඉලක්කමේ ලකුණු වලට දැවී ගිය ද අභිෂේක් ආනන්දකුමාර් ලබාගත් ලකුණු 4 වෙනුවෙන් පන්දු 44කට මුහුණ දෙන්නට තරම් ඔවුන්ගේ ගමන මන්දගාමී විය.

දේවපතිරාජ ක්‍රීඩකයෝ සහෝදර ගැටුම ජය ගනී

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කුලීගොඩ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය අතර තෙවැනි වරටත් පැවති සහෝදරයන්ගේ වාර්ෂික මහා

අද මුල්පෙළ පිතිකරුවන් අතුරින් සාර්ථක වූ එකම ක්‍රීඩකයා වන චානුක කුමාරසිංහ ලකුණු 33ක් ලබා ගත්තේ පන්දු 77කට මුහුණ දෙමිනි. ඔහුගේ ඉවසිලිවන්ත ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත් විය. කෙසේ වෙතත් ත්‍රිත්ව විද්‍යාලයේ අනෙකුත් මුල්පෙළ පිතිකරුවන්ට ලකුණු 20 සීමාවට පවා ළඟා වන්නට අපහසු වූ නිසා ත්‍රිත්ව විද්‍යාලයේ මුල් ඉනිම අද තේ විවේකය වන විට අවසන් වන බවක් පෙනෙන්නට තිබුණි. නමුත් අංක 10 පිතිකරුවා ලෙස පිටියට පිවිසි පුබුදු බණ්ඩාර පන්දු 99කට මුහුණ දෙමින් ලකුණු 60ක් රැස්කළේ තම පාසල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට එක් වුවත් ඔහු ක්‍රීඩා කළ සුපිරි ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

Photo Album : Trinity College vs St.Anthony’s College – 102nd Battle of the Blues | Day 2

පුබුදුගේ මෙම උත්සාහය නිසා තරගය අද සන්ධ්‍යා කාලයේ දී අවසන් වූයේ පාසල් දෙකටම දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සඳහා කාලයක් ඉතිරි නොකරමිනි. කෙසේ වෙතත් අවසන් කඩුල්ල ලෙස පුබුදු බණ්ඩාර දැවී යාමත් සමඟ ත්‍රිත්ව විද්‍යාලයේ ප්‍රථම ඉනිම නිමා වූයේ ලකුණු 173දීයි. මෙම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට ඔවුන් පන්දුවාර 72ක් පිටියේ රැඳී සිට තිබුණි. පන්දු යැවීමේ දී සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් නිම්නක ජයතිලක කඩුලු 5ක් බිඳ හෙලද්දී සසිත් හිරුදික ලකුණු 8කට කඩුලු 3ක් දවා ගත්තේය. තරගය ජය පැරදුමකින් තොරව නිමා වන විට ත්‍රිත්ව විද්‍යාලය සිටියේ මුල් ඉනිමේ තම ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 125ක් පිටුපසිනි.

ඒ අනුව ජොන් හලංගොඩ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන කන්ද උඩරට නිල් මහ සටනේ 102 වැනි දිගහැරුම මෙවරත් නිමාවට පත්වූයේ ජය පැරදුමකින් තොරවයි. තරග නිමාවත් සමඟ සමස්ථ තරගය දෙස නැවත හැරී බැලීමේ දී කැපී පෙනෙන පිතිකරුවා ලෙස සාන්ත අන්තෝනි විද්‍යාලයේ චමිඳු වික්‍රමසිංහත්, කැපී පෙනෙන පන්දු යවන්නා ලෙස එම විද්‍යාලයේම 16 හැවිරිදි දඟ පන්දු යවන ක්‍රීඩක නිම්නක ජයතිලකත් හැඳින්විය හැකිය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result

Match drawn

Trinity College
173/10 (72)

St. Anthony’s College
298/8 (76)

Batsmen R B 4s 6s SR
C Wickramasinghe c & b Kavishka Senadeera 128 190 4 1 67.37
A Wanninayake lbw b Kavishka Senadeera 54 66 11 0 81.82
G Ebert c Ruvin Peiris b Abishek Anandakumar 4 8 0 0 50.00
T Gunasinghe c Chanuka Kumarasinghe b U H Wimaladarma 25 37 3 0 67.57
L Werellagama lbw b Kavishka Senadeera 21 50 0 0 42.00
T Abeykoon c & b 21 23 0 0 91.30
K Senarathna c Jeff Weerasinghe b Abishek Anandakumar 11 14 0 0 78.57
G Achintha run out () 8 13 0 0 61.54
M Kamil not out 7 9 0 0 77.78
S Hirudika not out 5 3 0 0 166.67


Extras 14 (b 4 , lb 6 , nb 4, w 0, pen 0)
Total 298/8 (76 Overs, RR: 3.92)
Did not bat N Jayathilaka,

Bowling O M R W Econ
Ruvin Peiris 11 0 68 0 6.18
Avishka Senadeera 4.3 0 25 0 5.81
Pubudu Bandara 0.3 0 1 0 3.33
Kavishka Senadeera 26 1 98 4 3.77
Abishek Anandakumar 25 4 77 2 3.08
Shene Gunathilake 2 0 5 0 2.50
U H Wimaladarma 7 0 14 0 2.00


Batsmen R B 4s 6s SR
Shene Gunathilake c G Achintha b C Wickramasinghe 2 9 0 0 22.22
Abishek Anandakumar b S Hirudika 4 44 0 0 9.09
Chanuka Kumarasinghe st b N Jayathilaka 33 77 6 0 42.86
Avishka Senadeera c T Gunasinghe b S Hirudika 0 11 0 0 0.00
Ashan Lokukatiya b N Jayathilaka 17 42 3 0 40.48
Umair Raizan lbw b N Jayathilaka 10 34 0 0 29.41
Dinitha Siriwardena c L Werellagama b K Senarathna 2 13 0 0 15.38
Kavishka Senadeera lbw b N Jayathilaka 12 14 2 0 85.71
Uvindu Wimaladharma c L Werellagama b N Jayathilaka 10 64 2 0 15.62
Pubudu Bandara c S Hirudika b K Senarathna 60 99 8 2 60.61
Ruvin Peiris not out 9 28 2 0 32.14


Extras 14 (b 9 , lb 0 , nb 4, w 1, pen 0)
Total 173/10 (72 Overs, RR: 2.4)
Bowling O M R W Econ
S Hirudika 11.1 7 8 3 0.72
C Wickramasinghe 6 3 15 1 2.50
K Senarathna 19 5 57 1 3.00
N Jayathilaka 28 13 57 5 2.04
G Ebert 3 0 9 0 3.00
A Wanninayake 5 1 18 0 3.60