පදක්කම් 17ක් දිනූ ගලගෙදර JM කණ්ඩායම

246

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය සංවිධානය කරන ලද GCS ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ තරගාවලිය 2023 සහ ආසියානු ජාත්‍යන්තර විවෘත ශූරතාවලිය පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී පැවැති අතර එහි දී පදක්කම් 17ක් දිනා ගැනීමට මහනුවර, ගලගෙදර JM ටයිකොන්ඩෝ ක්‍රීඩා සමාජය සමත් වූවා.

 මාලදිවයින, ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව, නේපාලය, තායිලන්තය, ඉරානය ඇතුළු රටවල් කිහිපයක් ම නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩකයෝ 2000කට අධික පිරිසක් මෙම තරගාවලි ද්විත්වය හා එක් වුනා.

“ඇත්තට ම අපිට ගොඩාක් සතුටුයි, ලැබූ මේ ජයග්‍රහණ ගැන. මේ ජයග්‍රහණය අප පෞද්ගලිකව ලැබූ ජයග්‍රහණ වූවත් ඒක රට වෙනුවෙන් ලැබූ දෙයක්. අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේ වෙනුවෙන් විශාල ලෙස මහන්සි වුණා. කැප වුණා. ඒ ප්‍රතිඵලය තමයි මේ.” JM ටයිකොන්ඩෝ ක්‍රීඩා සමාජයේ සභාපති මෙන් ම ප්‍රධාන පුහුණුකරු ද වන ඒ. ඒ. ජෙසීර් මොහොමඩ් මහතා ThePapare.com සමඟ පැවැසුවා.

මෙම තරග සඳහා JM ටයිකොන්ඩෝ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩකාවෝ 35 දෙනෙක් සහභාගී වී ඇති අතර ඉන් ක්‍රීඩකයන් 15 දෙනෙක් අතරයි මේ පදක්කම් 17 බෙදී ගියේ.

මේ අතරට රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 9ක් අයත් වෙන අතර ඒ අතුරින් ද්විත්ව පදක්කම් ලබා ගැනීමට එන්. ජී. ඩී. කුලතුංග සහ කේ. ඩී. එම්. ඒ. එන්. එච්. දිසානායක සමත් වීම කැපී පෙණුනා.

“අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර මෙම තරගාවලියේ දී පළමු වරට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගත් අය ඉන්නවා. ඔවුන් ඉතා හොඳින් එම තරගවලට සහභාගී වුනා. ජයගත් අයත් ඉන්නව වගේ ම හොඳ තරගයක් ලබා දෙමින් පරාජය වූ අයත් ඉන්නවා. ඒක ඔවුන්ට විශේෂ අවස්ථාවක්. මෙම තරගාවලිය ටයිකොන්ඩෝ ක්ෂේත්‍රයේ සුවිශේෂී පිබිදිමක ආරම්භයක් ලෙසත් හැඳින්විය හැකියි.”

2016 වසරේ දී ආරම්භ වූ මෙම JM ටයිකොන්ඩෝ ක්‍රීඩා සමාජය මහනුවර ප්‍රදේශයේ ප්‍රමුඛත ම ටයිකොන්ඩෝ පුහුණු පාසල ලෙසින් ද හැඳින්වෙනවා. මහනුවර ප්‍රදේශයෙන් බිහි වූ ජාත්‍යන්තර පදක්කම්ලාභී ප්‍රවීන ටයිකොන්ඩෝ ක්‍රීඩක සහ පුහුණුකරු රංජිත් මුරමුදලි මහතාගේ සිසුවෙක් වෙන ඒ. ඒ. ජෙසීර් මොහොමඩ් මහතා පවසන්නේ, ටයිකොන්ඩෝ ක්‍රීඩාව මෙරට ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය සහ ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමය ගෙන යන වැඩ පිළිවෙළ වඩාත් ඵලදායි බවයි.

“මෙම තරගාවලියත් සමඟින් ළමයින්ගේ තරගකාරීත්වය සහ උනන්දුව වැඩි වෙලා තියෙන්නේ. ඒක ලොකු ප්‍රවනතාවක්. අපි පසුගිය කාලයේ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ම මෙරට ට දායාද කරල තියෙනවා. අපිට ආසියානු මෙන් ම දකුණු ආසියාවත් ජයග්‍රහණ කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බිහි කරන්න පුළුවන් වුණා.

ඉදිරියේදී අපිට තිබෙන ලොකු ම බලාපොරොත්තුව වෙන්නේ අපි අතුරින් ඔලිම්පික් මට්ටමේ ක්‍රීඩකයෛක් හෝ ක්‍රීඩිකාවක් රටට දායාද කිරීමයි. ඒ වෙනුවෙන් අපි හැකී සෑම උත්සාහයක් ම ගන්නවා.” ඒ. ඒ. ජෙසීර් මොහොමඩ් මහතා ThePapare.com සමඟ පැවැසුවා.

  • පදක්කම්ලාභී JM ටයිකොන්ඩෝ ක්‍රීඩා සමාජ සාමාජිකයන්
  පදක්කම නම වර්ණ පටිය වයස් කාණ්ඩය තරග ඉසව්ව
1 රන් ඒ. ඒ. එම්. අර්ශඩ් කොළ Senior Poomsae -1st Colombo GCS
2 රන් ජී. ජී. ඒ. ඩී. තත්සරණි කොළ Junior Poomsae -1st Colombo GCS
3 රන් එම්. ඒ. මිලාල් අහමඩ් කහ Kids 1 Poomsae -1st Colombo GCS
4 රන් එම්. රාෆික් කොළ Kids 1 Poomsae -1st Colombo GCS
5 රිදී කේ. ජී. එන්. ගෞතම් නිල් Junior 55-59 Spring -1st South Asian
6 රිදී එම්. රිස්මාන් කහ Junior Poomsea-1st South Asian
7 රිදී ඩිල්ශාන් රාජපක්ෂ දුඹුරු Junior 63-68 Spring -1st South Asian
8 රිදී එන්. ජී. ඩී. කුලතුංග නිල් Junior 48-51 Spring -1st South Asian
9 ලෝකඩ නිල් Junior Poomsae 1st Colombo GCS
10 ලෝකඩ කේ. ඩී. එම්. ඒ. එන්. එච්. දිසානායක දුඹුරු Senior 57-62 Spring -1st South Asian
11 ලෝකඩ දුඹුරු Senior 57-62 Spring -1st South Asian
12 ලෝකඩ ඩිල්ශාන් රාජපක්ෂ දුඹුරු Junior 63-68 Spring -1st South Asian
13 ලෝකඩ වයි. ජී. එස්. කෞශල්‍යා දුඹුරු Junior 44-46 Spring -1st South Asian
14 ලෝකඩ එම්. ඒ. අම්හර් කහ Junior 51-55 Spring -1st South Asian
15 ලෝකඩ කේ. එම්. එස්. ටී. යසස්වි නිල් Junior 52-55 Spring -1st South Asian
16 ලෝකඩ ජේ. ඒ. ඒ. කේ. වීරක්කොඩි දුඹුරු Junior 46-49 Spring -1st South Asian
17 ලෝකඩ ෂෙහාරා රණසිංහ කහ Senior 44-46 Spring -1st South Asian

GCS ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ තරගාවලිය 2023 සහ ආසියානු ජාත්‍යන්තර විවෘත ශූරතාවලිය ජයගත් JM ටයිකොන්ඩෝ ක්‍රීඩා සමාජ සාමාජික සාමාජිකාවන්ට ThePapare.com හී සුබ පැතුම්!

මෙම තරගාවලියට සමගාමීව මෙරට දී ප්‍රථම වතාවට ටයිකොන්ඩෝ ජාත්‍යන්තර සමුළුවක් ද පැවැත් වූවා.

තරගාවලියට එක් වූ JM ටයිකොන්ඩෝ ක්‍රීඩා සමාජ සාමාජික සාමාජිකාවන්

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare සමඟ.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<