ආචර්ට, සෆ්රාස්ට හා රෝයිට වැඩ වැරදියි

269
Jofra Archer

ඊයේ (3) නොටින්හැම් හිදී නිමාව දුටු එංගලන්ත – පාකිස්තාන ලෝක කුසලාන ක්‍රිකට් තරගය අතරතුර දී ක්‍රීඩාවේ ජීව ගුණයට නොගැළපෙන අයුරින් හැසිරීමේ චෝදනාවට වරදකරු බවට පත් වීම නිසාවෙන් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජොෆ්රා ආචර් හා ජේසන් රෝයිට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරග මුදලින් 15%ක් දඩ ලෙස සහ එක් අයහපත් ප්‍රසාද ලකුණක් ලබා දීමට තීරණය කර තිබේ.

බට්ලර්ගේ හා රූට්ගේ ශතකයන් අපතේ යයි!

2019 ලෝක කුසලාන තරගාවලියේ හයවැනි තරගය අද (03) එංගලන්තයේ නොටිංග්හැම්…

තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පන්දු යැවීමට තීරණය කළ අතර පාකිස්තානු ඉනිමේ 27 වැනි පන්දුවාරය අතරතුර ආචර් විසින් එවනු ලැබූ පන්දුවක් ඒ අවස්ථාවේ දී පිටියේ විනිසුරු ලෙස කටයුතු කළ විනිසුරුතුමා විසින් වයිඩ් (Wide) පන්දුවක් ලෙස නම් කළ නමුත් ඔහු එම තීරණය පිළිගත නොහැකි ආකාරයෙන් හැසිරීම මේ සඳහා හේතු වූ සිදුවීමයි.

එය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩක විනය නීති රීති මාලාවේ 2.8 යන වගන්තිය යටතේ වරදක් වන නිසාවෙන් ආචර්ට මෙලෙස දඬුවම් නියම කරන්නට ICC තීරණය කර ඇත.

ක්‍රිකට් හදපු ඉංග්‍රීසීන්ට ටිකට් බෙදන්න බැරි වෙයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙන්නේ ක්‍රිකට් උපන් දේශය…

එංගලන්ත කඩුලු රකින පිතිකරුවෙකු වන ජේසන් රෝයි පාකිස්තානය පන්දුවට පහර දෙමින් සිටිය දී තරගයේ 14 වැනි පන්දුවාරයේ දී එංගලන්ත ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරැද්දකට අසභ්‍ය වදන් භාවිතා කිරීම නිසා ICC විසින් තරග මුදලින් 15%ක් සහ එක් අයහපත් ප්‍රසාද ලකුණක් පැනවීමට තීරණය කර තිබෙන්නේ ක්‍රීඩක විනය නීති රීති මාලාවේ 2.3 යන වගන්තිය කඩකිරීම නිසාවෙනි

එසේම පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම නියමිත කාලය තුල පන්දුවාරයක් අඩුවෙන් ක්‍රියාත්මක කර තිබෙන නිසා හෙවත් අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම නිසා කණ්ඩායම් නායක සෆ්රාස් හට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් සහ එක් අයහපත් ප්‍රසාද ලකුණක් පැනවීමට ICCය තීරණය කර තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<