ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික Jamie Siddons නම් කර තිබෙනවා.
මීට පෙර ඔහු විසින් 2007 – 2011 වර්ෂවල දී බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු වගකීම දැරූ අතර, ඉන් පසුව South Australia ක්‍රිකට් කණ්ඩායම (2015 – 2020 කාලය තුළ) මෙන්ම, නවසීලන්තයේ Wellington Firebirds ක්‍රිකට් කණ්ඩායම (2011 – 2015 කාලය තුළ) සමඟම පුහුණුකරු වගකීම දරනු ලැබුවා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
Level 3 පුහුණුකරු ශ්‍රේණියේ සිටින Jamie Siddons වසරක කාල සීමාවක් වෙනුවෙන් මෙසේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වගකීම් බාර ගැනීමට නියමිත අතර, ඔහුගේ ධුර කාලය එළඹෙන මාර්තු 16 දින සිට ආරම්භ වීමට නියමිතයි.
ඔහුගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකාව මෙවර කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත අතර, ඊට පෙර ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගී වන පළමු තරගාවලිය එළඹෙන අප්‍රේල් – මැයි මාසවල දී බංග්ලාදේශයට එරෙහිව ක්‍රියාත්මක වනු ඇති.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















