LPL අදිමදි කරන හිටපු ඉන්දීය ක්‍රීඩකයා

396

තමා මෙවරලංකා ප්‍රිමියර් ලීග්’ තරගාවලිය සඳහා සහභාගී වීම පිළිබඳව තවමත් තීරණය කර නොමැති බව ඉර්ෆාන් පතාන් පවසා තිබේ

ක්‍රිකට් වසන්තයට නැවත පනගන්වමින් LPL වලට දින තීන්දුයි!

හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් මෙම වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන බවට මාධ්‍ය කිහිපයක් විසින් වාර්තා කර තිබිනි

පිළිබඳව අදහස් දක්වමින් ඉර්ෆාන් පතාන් පවසා සිටියේ තමන් ලොව වටා පවත්වන ප්‍රිමියර් ලීග් කුසලාන සඳහා සහභාගී වීමට කැමැත්තෙන් පසුවන නමුත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම පිළිබඳව ඔහුගේ ස්ථාවරය තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බවයි. පතාන් මේ පිළිබඳව අදහස් දක්වා සිටියේ twitter පණිවිඩයක් නිකුත් කරමිනි

මම අනාගතයේ දී ලොව වටා විස්සයි විස්ස තරගාවලි වලට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් මේ වෙද්දී මම කිසිම තරගාවලියකට සහභාගී වෙනවා කියලා නිල වශයෙන් දැනුම් දීලා නැහැ.” යයි පතාන් අද (03) දින twitter පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය

ESPNcricinfo වෙබ් අඩවිය පලකළ වාර්තාවක මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන ප්‍රධාන පෙලේ විදෙස් ක්‍රීඩකයෙකු ලෙස පතාන් නම් කර තිබිනි

2020 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන් 70කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත අතර එය එළඹෙන අගෝස්තු මස 28 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ

තරගාවලියේ කණ්ඩායම් පහෙන් එක් කණ්ඩායමක් ඉර්ෆාන් පතාන් ඇතුළත් කර නොගතහොත් ඔහු තරගාවලියේ ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කිරීමට නියමිත බවද මාධ්‍ය විසින් වාර්තා කර තිබිනි.

කෙසේවෙතත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පූර්ණ තොරතුරු තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත

ක්‍රීඩක ලැයිස්තුව සහ කණ්ඩායම් හිමිකරුවන් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් දැනුම් දීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම කණ්ඩායම් හිමිකරුවන් ප්‍රකාශයට පත්කිරීම සඳහා රජයේ අවසරයන් බලාපොරොත්තුවෙන් සිටී

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය සහ දඹුල්ල නියෝජනය කරමින් කණ්ඩායම් 5ක් සහභාගී වීමට නියමිතය. මේ බව ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා නිකුත් කළ නිල නිවේදනයක දැක්වේ

අනිල් කුම්බ්ලේ සුනාමියෙන් ගැලවුණු හැටි

කෙසේවෙතත් ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රීඩකයන්ට විදෙස් ලීග් තරගාවලි සඳහා සහභාගී වීමට අවසරය ලබාදී නොමැත. නමුත් ඉර්ෆාන් පතාන් පසුගිය ජනවාරි මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබීම නිසා ඔහුට මෙම තරගාවලිය සඳහා සහභාගී වීමේ කිසිඳු ගැටලුවක් නොමැත.  

හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ෆර්වේස් මහරූෆ් සහ ඉර්ෆාන් පතාන් අතර පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවූ කතාබහකින් අනතුරුව ඉර්ෆාන් පතාන්ගේ නම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඇතුළත් කිරීමට ඉදිරිපත් වී තිබිනි

ඉර්ෆාන් පතාන් පසුගිය ජනවාරි මාසයේ දී සිය සමුගැනීම සටහන් කරන විට ඔහු ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 29ක්, එක්දින තරග 120ක් සහ විස්සයි විස්ස තරග 24කට ක්‍රීඩා කර තිබිනි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කිංග්ස් ඉලෙවන් පන්ජාබ්, දිල්ලි ඩෙයාඩෙවිල්ස්, සන්රයිසස් හයිද්‍රාබාද්, චෙන්නායි සුපර් කිංග්ස්, රයිසින් පූනේ සුපර් ජයන්ට්ස් සහ ගුජරාට් ලයන්ස් කණ්ඩායම් නියෝජනය කරමින් ඉර්ෆාන් පතාන තරග 129කට ක්‍රීඩා කර තිබේ

වසර 8 ප්‍රිමියර් ලීග් නියඟය නිමා කරමින් 2020 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය සතියේ දී සිය අනුමැතිය ලබා දුන්නේය. පැවති විධායක කමිටු රැස්වීමකින් අනතුරුවය

CSK සාර්ථකත්වයට මඟපෑදූ Dhoniගේ සහජ බුද්ධිය

කණ්ඩායම් 5ක් සහභාගී වන මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තරග 23කින් සමන්විත වන අතර එය එළඹෙන අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 20 වැනිදා දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ 4ක් වන දඹුල්ල, සූරියවැව, පල්ලෙකැලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.  

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය සඳහා වන ලංසු තැබීම පසුගිය 30 වනදා අවසන් වූ අතර තරගාවලියේ තරග කාලසටහන සහ සෙසු තොරතුරු නුදුරේ දීම දැනුම්දීමට නියමිතය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<