අනිල් කුම්බ්ලේ සුනාමියෙන් ගැලවුණු හැටි

182
Image Courtsey ( the hindu/ daily mail)

2004 වසරේ දෙසැම්බර් මස 26 ඉන්දුනීසියාව ප්‍රමුඛ දකුණු ආසියානු රටවල් රැසකටම කිසිදා අමතක නොවන දිනයක්. ඉන්දියන් සාගරයේ ඇති වූ දරුණු භූමිකම්පාවක් නිසා අඩි 100කටත් වඩා උස රුදුරු සුනාමි රළ ගොඩබිමට කඩා වැදුණේ ගස් ගල් මෙන්ම අහිංසක මිනිස් ජීවිත ද ලක්ෂ ගණනින් ජලයේ ගිල ගනිමිනුයි. ලක්ෂ දෙකකට අධික පිරිසක් එදින රළ පහරට ජීවිතය පූජා කළ අතර ඉන්දියාව තුළ පමණක් ජීවිත 10,000ක් සුනාමිය බිලි ගත්තා.

CSK සාර්ථකත්වයට මඟපෑදූ Dhoniගේ සහජ බුද්ධිය

පන්දුවාර 20 තරග ආකෘතිය ස්වභාවයෙන්ම ඉතා අස්ථිර එකක් වුවත් MS Dhoniගේ Chennai Super Kings කණ්ඩායම…

හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩකයෙක් මෙන්ම හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු ද වන අනිල් කුම්බ්ලේ ද සුනාමිය ඉන්දියාවට කඩා වදින විට චෙන්නායි නුවර සිටියේ සිදුවීමට යන විපත්තිය පිළිබඳව පොඩි අදහසක් හෝ නැතුවයි. ආර්. අශ්වින් සමඟ වැඩසටහනකට එක්වෙමින් ඔහු පවසා සිටියේ තමා එදින චෙන්නායි නුවර සිටි බවත් හරියටම එදින උදෑසන තමා හා තමාගේ පවුලේ අය චෙන්නායි නුවරින් පිටත්ව යාමට සැලසුම් කර සිටි බවත්ය.

“අපි චෙන්නායි හි Fisherman’s Cove හි තමයි නැවතිලා හිටියේ. මම, මගේ බිරිඳ වගේම මගේ පුතා, අපි තුන්දෙනා තමයි එහි සිටියේ. මගේ පුතාට යාන්තමින් වයස මාස 10ක් වුනා පමණයි. අපි සැලසුම් කරලා තිබුණේ ගුවන් මගින් ගමනාගමනයේ යෙදෙන්න. වාහනයක යනවා නම් පැය හයක් ගත වෙනවා මට අවශ්‍ය වුනේ නැහැ මගේ පුතාව එච්චර වෙලා වාහනයක තියා ගන්න. අපි සුනාමි දවසේ පිටව යන්න හිටියේ අපේ ගුවන් යානය තිබුණේ උදෑසන 11.30ට නිසා අපි උදේ 9.30ට පමණ හෝටලයෙන් පිටත් වුනා” DRS with Ashwin වැඩසටහනට එක් වෙමින් කුම්බ්ලේ පවසා සිටියා.

“කොහොම වුනත් මගේ බිරිඳට කලින් දින රාත්‍රියේ හොඳින් නින්ද ගියේ නැහැ. ඇය වරින් වර ඇහැරලා මගෙන් ඇහුවා වේලාව කියද කියලා. මට ඇඟට හොඳ නැහැ. කියලා ඇය කිව්වා. ඉතින් අපි කලින් ඇහැරලා මුහුද දිහා බලාගෙන කෝපි කෝප්පයක් බිව්වා. සියලු දේම හරිම සන්සුන්. වළාකුළු බර වූ අහසක් තිබුණේ.”

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්රී ලංකා සංචාරය ලොකු වෙයි?

බංග්ලාදේශ කණ්ඩායම ඉදිරියේ දී ශ්රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින අතර එම තරග සංචාරය සඳහා ICC…

“8.30ට වගේ අපි උදෑසන ආහාරය ගන්න ගියා. උදෑසන ආහාරය ගන්න අවන්හල තිබෙන්නේ තරමක් උසින්. පළමු සුනාමි රළ එනකොට අපි උදෑසන ආහාරය ගනිමින් සිටියේ. අපි දැක්කා යොවුන් ජෝඩුවක් තෙතබරිත වී වෙව්ලමින් ඉන්නවා.”

කුම්බ්ලේ පවසා සිටියේ ඒ මොහොතේ ඔහුට ඇතිවී තිබුණු තත්වයේ බරපතලකම නොතේරුණු බවත් ඔහු හෝටලයෙන් පිටත්ව ගුවන් තොටුපොල දක්වා යන අතර මඟ මිනිසුන්ගේ මුහුණේ දැඩි බියක් දුටු බවත් ය.

“මට තේරුණේ නැහැ ඒ මොකද්ද කියලා. අපි හෝටලයෙන් පිටතට ඇවිල්ලා වාහනයට නැග්ගා. Fisherman’s Cove හෝටලය පහු කරාම පාලමක් තියෙනවා. පාලමේ ඉඳන් වතුර අල්ලන්න පුළුවන් තරමට වතුර උඩට ඇවිල්ලා තිබුණා.”

“චිත්‍රපටයක වගේ අපි ගොඩක් මිනිස්සු දැක්කා අතට අහුවෙන ඕනේ දෙයක් අරන්, වලං, හට්ටි, ළමයි, ගමන් මලු වගේ එක එක ජාති උස්සන් එහෙ මෙහෙ දිව යනවා.”

අසාර්ථක සංචාරයකින් Kohli සාර්ථකත්වය ළඟාකරගත් රහස

ඉන්දීය ක්රිකට් නායක සුපිරි පිතිකරු Virat Kohli විසින් හිටපු සුපිරි ක්රිකට් ක්රීඩක Sachin Tendukar හට ප්රශංසා කරමින්…

“අපේ රියදුරාට නොනවත්වා දුරකථන ඇමතුම් ලැබුණා. අපි ඔහුට කිව්වා රිය ධාවනය කරන්න අවධානය යොමු කරන්න කියලා. නමුත් ඔහු දිගටම කිව්වා වතුර ගොඩක් ගලන බව. ඒ වෙලාවේ කිසිම වැස්සක් තිබුණේ නැහැ. අපි සුනාමි කියලා දෙයක් දැනගෙන හිටියේ නැහැ. අපිට තේරුණේ නැහැ මොනවාද වෙන්න යන්නේ කියලා” කුම්බ්ලේ පවසා සිටියා.

“මම නවතා බැංගලෝර්වලට ආවාම තමයි දැනගත්තේ අපි මුහුණ දුන්නේ සුනාමියකට වග”

Hindustan times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<