ඇෆ්ගනිස්තානුවෝ පළමු දඩයම සාර්ථක කර ගනී

393
Getty Images

අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තාන අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ බෙල්ෆාස්ට් හි දී නිමා වූ පළමු තරගය (27) ලකුණු 29කින් ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සමත් වුනා.

රෂීඩ්ගේ දඟපන්දුව අයර්ලන්තය අසරණ කරයි

අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර අයර්ලන්ත්යේ බ්‍රෙඩි ක්‍රිකට් ක්‍රීඩා සමාජ පිටියේ දී …

කාසියේ වාසිය දිනූ අයර්ලන්ත ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 227ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් අයර්ලන්ත ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 198ක් පමණයි.

අද තරගයේ දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට 20 හැවිරිදි හස්තරුල්ලා සසායි සමත් වුනා.

ප්‍රතිවාදීන්ගේ ආරාධනාවෙන් පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ගේ ඉනිමේ අර්ධ ශතක දෙකක් ඇතුලත් වුනා. ඒ ගුල්බඩීන් නායිඩ් සහ හෂ්මතුල්ලා ෂාහීඩ් ගේ පිතිවලින්. ගුඩ්බඩීන් පන්දු98කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තා. ඔහු අද රැස් කළේ එක්දින තරග පිටියේ තම 5 වැනි අර්ධ ශතකයයි.

හෂ්මතුල්ලා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 54ක්. පන්දු 82කින් එකතු වූ එම ඉනිමට හතරේ පහර 3ක් ඇතුලත් වුනා.

දසුන් සහ චරිත්ගේ උත්සාහය අවසන් මොහොතේ ඵල රහිත වේ

තරග කිහිපයක දී ම දැවැන්ත ඉලක්කයන් පසුපස හඹා ගිය ද එය ඉටුකර ගත නොහැකි වූ මහනුවර …

කඩුලු ලබා ගැනීමේ දී ආරම්භක වේග පන්දු යැවූ ටීම් මුර්ටාග් ලකුණු 31කට කඩුලු 4ක් ලබා ගත්තා. අද තරගයේ දී තම 50 වැනි එක්දින කඩුල්ල දවා ගැනීමට ටීම් සමත් වුනේ ඇෆ්ගනිස්තාන ක්‍රීඩක ඉහසනුල්ලා දවා ගනිමිනි. ඔහු මේ වෙද්දී ලබා සිටින එක්දින කඩුලු ප්‍රමාණය 53ක්. මෙම තරගයේ දී පෑ දක්ෂතාව ඔහුගේ එක්දින පිටියේ හොඳම පන්දු යැවීම ලෙසින් ද සටහන් වෙනවා.  

ඊට අමතරව බොයිඩ් රැන්කින් ලකුණු 44කට කඩුලු 3ක් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වුනේ ඇන්ඩි බැල්බිරින්. ඔහු ලකුණු 55ක් ලබා ගත්තා. පන්දු 82කින් සමන්විත වූ  එම ඉනිමට හතරේ පහර 6ක් ඇතුලත් වුනා. මෙම අර්ධ ශතකය ඔහුගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 6 වැන්නයි.

ඊට අමතරව ග්‍රේ විල්සන් පන්දු 50කට හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගන්නවා. කණ්ඩායමේ සිටින පරිණතම සහ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන කෙවින් ඕබ්‍රයන්ගේ ඉනිම ලකුණු 22කට සීමා කරන්නට ලැබීම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණය ඉක්මන් කිරීමට හේතු වුනා.

පන්දු යැවීමේ දී අෆ්ටාෆ් අලාම්, මොහොමඩ් නබී සහ රෂීඩ් කාන් කඩුලු 2 බැගින් දවා ගන්නවා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය මේ මස 29 වැනිදා බෙල්ෆාස්ට් හි දී ආරම්භ වීමට නියමිතයි.

ඇෆ්ගනිස්තානය; කඩුලු 9ක් දැවී 227 (50.0) ගුල්බඩීන් නායිඩ් 64, රාමට් ෂා 29, හෂ්මතුල්ලා ෂාහිඩ් 54, අස්ගර් අෆ්හාන් 25, ටීම් මුරටාග් 4/31, බොයිඩ් රැන්කින් 3/44

අයර්ලන්තය; සියලුම දෙනා දැවී 198 (48.3) ඇන්ඩි බැල්බිරින් 55, කෙවින් ඕබ්‍රයන් 22, ග්‍රේ විල්සන් 38, අෆ්ටාෆ් අලාම් 2/34, මොහොමඩ් නබි 2/42, රෂීඩ් කාන් 2/41   

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<