කොට්‍රෙල්ගේ හයේ පහරින් කොදෙව්වන්ගේ ජාමෙ බේරෙයි!

86

ක්‍රිකට් ක්‍රීඩාවටම ආවේණික අවිනිශ්චිතතාවයත්, අවසන් මොහොත දක්වා පවතින උද්වේගකර ස්වභාවයත් මැනවින් දැක ගත හැකි වූ තරගයක් අද (10) උදෑසන බාබඩෝස් හි කෙංසින්ටන් ඕවල් පිටියේ දී නිමාවට පත්විය. ඒ ක්‍රිකට් පිටියේ  තරමක් දුබල කණ්ඩායමක් ලෙස පිළිගැනෙන අයර්ලන්ත පිළ කොදෙව්වන්ට එරෙහිව ලබා ගැනීමට ගිය එක්දින තරග ජයක් අවසන් මොහොතේ වළක්වාලමිනි.

පාපන්දු ගැහුව එංගලන්ත ක්‍රිකට් තරුවට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි

එංගලන්ත ආරම්භක පිතිකරු රෝරි බර්න්ස් ආබාධයක් නිසා මාස හතරක් පමණ ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටීමට…………..

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය කොදෙව්වන් පහසුවෙන් ජයගත් නිසා අද මේ තරම් උණුසුම් තරගයක් දැක ගැනීමට හැකි වෙතැයි කිසිවෙකුත් සිතුවේ නැත. ඒ කොදෙව්වන් තම ජන්ම භූමිය තුලදීම පරාජය කිරීම සෑහෙන දුරකට අපහසු කටයුත්තක් වන බැවිනි. කෙසේවෙතත් නිරන්තරයෙන් ලැබෙන පරාජයන් සියල්ල විඳ දරා ගන්නට හුරු වී සිටින අයර්ලන්ත පිළ කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව තීරණය කරන්නේ මුලින් පන්දුවට පහර දීමටයි.

ඒ අනුව ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙස මුළු ලකුණු 25 දී ගැරත් ඩෙලනි දැවී යන අතර නායක ඇන්ඩි බැල්බර්නි අද දිනයේ රැස් කළේ ලකුණු 10ක් පමණි. කෙසේවෙතත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් වටිනා ලකුණු 59ක සබඳතාවයක් ගොඩ නැගීමට හිටපු නායක පොටර්ෆීල්ඩ් සහ පෝල් ස්ටර්ලින් සමත් වූහ. එහිදී පන්දු 79කට මුහුණ දුන් ස්ටර්ලින් එහිදී හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමඟින් ලබාගත් ලකුණු 63 අයර්ලන්ත ඉනිමේ වඩාත්ම කතාබහට ලක්වූ ඉනිම විය.

මීට අමතරව විලියම් පොටර්ෆීල්ඩ් තරමක් මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 29ක් ද, කෙවින් ඕ’බ්‍රයන් තම සුපුරුදු ප්‍රහාරය එල්ල කරමින් ලකුණු 31ක් ද ලබා ගත්හ. මීට අමතරව ඉන්දියාවේ ඉපිද මේ වනවිට අයර්ලන්තයට තම දායකත්වය ලබා දෙන සිමී සිං ලකුණු 34ක් රැස් කරමින් තම කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමට වෙහෙස විය. 

උදානට තෙවැනි තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඉසුරු උදාන ඉන්දීය තරග සංචාරයේ ඉතිරි තරග සඳහා සහභාගි නොවන………..

කෙසේ නමුත් අයර්ලන්තයට මුළු ලකුණු 237ක් වැනි තරගයක් දිය හැකි ලකුණකට යාමට අවස්ථාව උදා වන්නේ බැරී මැකාති අවසන් මොහොතේ ප්‍රවේගකාරී ලකුණු 17ක් ලබා ගැනීමත් සමඟයි. පන්දු යැවීමේ දී කොදෙව්වන්ගේ නවතම වේග පන්දු තරුවක් වන අල්සාරි ජෝසප් කඩුලු 4කට හිමිකම් කියූ අතර ශෙල්ඩන් කෝට්‍රෙල් කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් පෑවේය.

මෙම ඉලක්කය හඹා යාමේදී කොදෙව්වන්ට එතරම් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර මුල් කඩුලු 3ම ලකුණු 24ක් තුල බිඳ වැටුණි. කෙසේවෙතත් මැදපෙළ ශක්තිමත් කරමින් නිකලස් පූරන් සහ කිරන් පොලාර්ඩ් ලකුණු 64ක සබඳතාවයක් ගොඩ නැගීම නිසා නැවතත් තරගය දෙපිළටම විවෘත විය. මොවුන් දෙදෙනාගේ වටිනාකම තවත් වැඩි වන්නේ පන්දු අවම ගණනක් තුල ගොඩ නැගූ මෙම සබඳතාවය නිසා පසුපෙළ පිතිකරුවන්ට කඩුල්ල බේරා ගනිමින් ඉලක්කය වෙත ලඟා වීමට කාලය ඉතිරි වීමයි.

මෙහිදී කවදත් ප්‍රහාරයට ප්‍රියතාවයක් දක්වන පොලාර්ඩ් හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් රැස් කරද්දී, පූරන් පන්දු 44කින් ලකුණු 52ක් ලබා ගත්තේය. කෙසේවෙතත් කොදෙව්වන්ගේ කඩුලු 3ක් අනුයාත පන්දුවාර 3කදී දැවී යාමත් සමඟ තරගයේ පාලනය තමන් අතට ගැනීමට නැවතත් අයර්ලන්තයට අවස්ථාව උදාවිය. ඒ අනුව තම මව්බිමේදීම තම ප්‍රේක්ෂකයින් ඉදිරියේ දුර්වල කණ්ඩායමකට එරෙහිව එක්දින තරගයක් පරාජය වීමේ ලැජ්ජාවෙන් බේරීමේ වගකීම හිමි වන්නේ කොදෙව් පසු පෙළටයි.

අඛණ්ඩව දෙවන වරටත් ආර්. අයි. ටී. අලස් සමරු කුසලානය සේනානායකයන්ට

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (08) දිනයේ දී ක්‍රියාත්මක විය.

මේ අනුව කඩුලු 9ක් අහිමි වී සිටි කොදෙව් පිළ ක්‍රමයෙන් අවසන් පන්දුවාරය දක්වා ඉදිරියට එන්නේ එහිදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 5ක් ලබා ගැනීමේ අටියෙනි. නමුත් එම පන්දුවාරය ක්‍රියාත්මක කළ මාර්ක් ඇඩෙයර් ප්‍රථම පන්දු 4 ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කළ අතර එහිදී අයර්ලන්තයට ලැබුණු දුවද්දී දවා ගැනීමේ අවස්ථා දෙකක් ඔවුන් පැහැර හැරියේ සුපිරි ජයක් වෙනුවෙන් අතට ලැබුණු අවස්ථාව දෑත් අතරින් රූටා යද්දීයි. 

ඉන් පළමු අවස්ථාවේ පන්දුව නිසි පරිදි ග්‍රහණය කර නොගෙන දෑතින් කඩුල්ල බිඳ දැමීම නිසා කොදෙව් පිළ දිවි ගලවාගත් අතර දෙවැනි අවස්ථාවේ පන්දු යැවූ මාර්ක් අඩෙයර් පන්දුව රැගෙන ඉක්මනින් කඩුලු රකින්නා වෙත නොයැවූ නිසා අනෙක් අන්තයටම දුවගොස් සිටි ශෙල්ඩන් කෝට්‍රල්ට නැවතත් පිතිකරණ අන්තයටම දුව යාමට අවස්ථාවක් උදාවිය. මෙවන් අතපසුවීම් බොහෝදුරට දුර්වල කණ්ඩායමක් ප්‍රබල කණ්ඩායමක් පරාජය කිරීමට ආසන්න වීමේදී ඇතිවන පීඩනය නිසා දැකිය හැකිවේ.

මේ වනවිට වාසනාව තමන් අත ඇති බව තේරුම් ගත් කෝට්‍රෙල් මෙතෙක් වේලාවක් සංයමයෙන් අල්ලා සිටි පිත්තෙන් වැර යොදා පහරක් එල්ල කළ අතර එය හතරේ සීමාවෙන් එපිටට පියඹා ගියේ කොදෙව් පිළේ තියුණු ජය ස්ථිර කරමිනි. එහිදී කෝට්‍රල්ටත් වඩා අනෙක් අන්තයේ සිටි නවක ක්‍රීඩක හේඩන් වොල්ශ් මෙම වගකීම හිසමත දරාගෙන නොදැවී ලකුණු 46ක් රැස් කිරීම ද විචාරකයින්ගේ නොමඳ පැසසුමට ලක්විය.

පන්දු යැවීමේ දී සිමී සිං කඩුලු 3ක් ද, ඇන්ඩි මැක්බ්‍රයින් සහ බැරී මැකාති කඩුලු 2 බැගින් ද දවා ගත්හ.

අසිත සහ අශේන් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (8) පැවති තරග අතුරින් හලාවත………..

මේ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම කොදෙව්වන්ට තරගාවලිය ජය ගැනීමට ද අවස්ථාව උදාවිය. තරගයේ වීරයා ලෙස සම්මාන හිමිවූයේ පන්දුවෙන් දස්කම් දැක්වූ අල්සාරි ජෝසප්ටයි. තරගාවලිය තෙවැනි තරගය අනිද්දා (12) පැවැත්වෙන අතර ඉන් අනතුරුව කණ්ඩායම් දෙක අතර T20 තරග 3ක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<