අයර්ලන්ත – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අවසන් වනවිට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්ත පිතිකරුවන් කඩුලු 8ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 158ක් පිටුපසින් සිටිනවා. සුපිරි පිතිකරණ පාරාදීසයක් මතදී පැවැත්වෙන මෙම තරගයේ අදත් (27) ශතක වැසි ඇද හැලුනා.
තරගය ඊයේ දිනය වෙනුවෙන් නතර කරන විට තම මුල් ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 357ක් ලබා සිටියා. ඒ අයර්ලන්තය විසින් ලබාදුන් ලකුණු 492ක දැවැන්ත ඉලක්කයට පිලිතුරු ලෙසයි. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙපළ වන දිමුත් කරුණාරත්න සහ නිශාන් මදුශ්ක ඊයේ දිනයේ ශතක වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම ගෞරවණීය තත්ත්වයකට ගෙන ආවා.
අද උදෑසන තරගය ආරම්භ වනවිට නොදැවී ලකුණු 83ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් තම ශතකය කරා ගමන් ගත්තේ ආයාසයකින් තොරවයි. ඔහු ඒ වනවිට පන්දු 131කට මුහුණ දී සිටියා. ශ්‍රී ලංකා පිළේ ලකුණු 400 වාර්තා වුනේ පන්දුවාර 89ක් තුලදීයි. අයර්ලන්ත පන්දු යවන්නන් නුපුරුදු හිරු රශ්මියෙන් සහ ප්‍රතිවාදී ප්‍රහාරයෙන් හෙම්බත් වන අතරේ කුසල් මෙන්ඩිස් තම ලකුණු 150ත්, නිශාන් මදුශ්ක තම ද්විත්ව ශතකයත් සම්පූර්ණ කර ගත්තේ දිවා ආහාරය වන්නටත් ප්‍රථමවයි.
දිවා ආහාරය වෙනුවෙන් කණ්ඩායම් දෙක අඩ හෝරාවක විවේකයක් ලබා ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 489ක් ලබා සිටියේ තම එදිරිවාදීන්ට වඩා ලකුණු 3ක් පමණක් පිටුපසින් සිටිමින්. දෙවැනි සැසිය ඇරඹී වැඩි වේලාවක් යන්නට පෙර සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි නිශාන් මදුශ්කට කඩුල්ල අහිමි වුනා. ඒ වනවිට ඔහු පන්දු 339කට මුහුණ දී ලකුණු 205ක් ලබා සිටියේ තම ටෙස්ට් දිවියේ මංගල ද්විත්ව ශතකය ලෙසයි.
නිශාන්ගේ මැරතන් ඉනිමට හතරේ පහර 22ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා. ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් මෙම තණතිල්ලේ හිතේ හැටියට තම ලකුණු පවස නිවා ගනිද්දී මීලඟට සාදයට එක් වන්නේ කණ්ඩායමේ ජේෂ්ඨම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්සුයි. දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමට සුවිශේෂී දක්ෂතාවයක් පෙන්වන ඔහු ඉතා පහසුවෙන් ස්වීප් පහරවල් සහ ඩ්‍රයිව් පහරවල් මගින් පිටියේ හිඩැස් සොයා ගත්තා.
- දිමුත් වේගවත්ම ශතකයට යද්දී මදුෂ්ක – මෙන්ඩිස් ශතක සබඳතාවයකට
- අයිරිෂ් අඩි පාරේ සිංහයෝ ඉව අල්ලති!
- Stirling සහ Balbirnieගේ වාර්තාගත සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් වෙයි
- ශ්‍රී ලංකාව වසර 42ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්රහණයට
- තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය
මේ අතරේ කුසල් මෙන්ඩිස් ඔහුට මේ දක්වා අවස්ථා කිහිපයකදී උත්සාහ කළ නමුත් ඉටුකර ගැනීමට නොහැකි වූ ටෙස්ට් ද්විත්ව ශතකයේ සිහිනය සැබෑ කර ගත්තා. ඒ පන්දු 263කින්. ශතකය වාර්තා කිරීමෙන් පසු ඔහු එය අභිරූපනයෙන් පෙන්වා සිටියේ එය තම අලුත උපන් බිළිඳා වෙනුවෙන් පුද කරන බවයි. ලකුණු 245ක් ලබාසිටි කුසල් මෙන්ඩිස්ව පිටියෙන් ඉවත් කිරීම වෙනුවෙන් අද Matthew Humpreys අද විශිෂ්ට උඩපන්දුවක් රැක ගත්තා.
කුසල් හයේ පහරක් අපේක්ෂාවෙන් එල්ල කළ පහර ලෝන්ග්-ඕෆ් කලාපයේ සිටි Humpreys තම සමබරතාවයද ආරක්ෂා කර ගනිමින් දක්ෂ ලෙස රැක ගත්තේ ඔහුගේ පාදය හතරේ සීමාවේ ගෑවෙන්නට ඉතාමත්ම ආසන්නවයි. එය සැකහැර දැන ගන්නට පුනරූපන වාර කිහිපයක්ම නැරඹීමට තෙවැනි විනිසුරුට සිදුවුනා. පන්දු 291කට මුහුණ දුන් කුසල් මෙන්ඩිස් එහිදී හතරේ පහර 18කින් සහ හයේ පහර 11කින් අයිරිෂ් පන්දු යවන්නන්ට හිතේ හැටියට සංග්‍රහ කළා.
අද තේ පානය වනවිට ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 650ක් ලබාසිටි අතර ඉන් අනතුරුව ඔවුන් පන්දුවට පහර දුන්නේ ඇන්ජලෝ මැතිව්ස් තම ශතකය ලබා ගන්නා තෙක් පමණයි. ශ්‍රී ලංකාව නැවත වරක් අයර්ලන්තය දවා ගත යුතුව තිබූ නිසා මැතිව්ස් පන්දු 114කින් තම ශතකය වෙත ගමන් කරා. ඒ හතරේ පහර 6කින් සහ හයේ පහර 4කින් තම ඉනිම වර්ණවත් කරමින්. ඔහු තම ටෙස්ට් දිවියේ 15 වෙනි ශතකය වාර්තා කර ක්‍රීඩාගාරයට දිව යද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 704ක් දක්වා ඉහළ නැග තිබුනා.
මේ අනුව ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමට වඩා ලකුණු 212ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම අරඹන්නට සිදුවූ අයර්ලන්තයට සම්පූර්ණ දිනයකුත් පන්දුවාර 24ක් පිතිකරණයේ යෙදෙන්නට ඉතිරිව තිබුනා. අද දිනයේ අයර්ලන්ත ඉනිමේ කඩුලු 2ක් බිඳ වැටුනු අතර මේ වනවිටත් අයර්ලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම සිටින්නේ ක්‍රීඩාගාරයේයි.
අයර්ලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස James Mccollum දැවී ගියේ ඔහුගේ අත් ආවරණයේ දැවටී පන්දුව පිට ඉන්න බිඳ දැමූ නිසයි. හයේ පහර දෙකක් සමඟින් ලකුණු 19ක් ලබාසිටි Peter Moor ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ දැවී ගියා. ඒ වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉතා පහතින් ආ උඩපන්දුව දක්ෂ ලෙස රැක ගත්තා. මේ අනුව දිනය නිමා වනවිට අයර්ලන්ත දෙවැනි ඉනිම දැක්වෙන්නේ ලකුණු 54ට කඩුලු 2ක් ලෙසයි.Result
Batsmen
R
B
4s
6s
SR
James McCollum
c Sadeera Samarawickrama b Prabath Jayasuriya
10
28
2
0
35.71
Peter Moor
lbw b Asitha Fernando
5
7
1
0
71.43
Andy Balbirnie
c Dhananjaya de Silva b Ramesh Mendis
95
163
14
0
58.28
Harry Tector
c Dinesh Chandimal b Prabath Jayasuriya
18
44
3
0
40.91
Paul Stirling
c Dhananjaya de Silva b Asitha Fernando
103
181
9
4
56.91
Lorcan Tucker
b Vishwa Fernando
80
106
10
0
75.47
Curtis Campher
c Dhananjaya de Silva b Prabath Jayasuriya
111
229
15
2
48.47
Andy McBrine
c & b
35
59
3
1
59.32
Graham Hume
lbw b Prabath Jayasuriya
6
23
1
0
26.09
Matthew Humphreys
c & b
7
23
0
0
30.43
Ben White
not out
0
11
0
0
0.00
Extras
22 (b 9 , lb 11 , nb 1, w 1, pen 0)
Total
492/10 (145.3 Overs, RR: 3.38)
Bowling
O
M
R
W
Econ
Vishwa Fernando
24
1
92
2
3.83
Asitha Fernando
22
4
78
2
3.55
Prabath Jayasuriya
58.3
13
174
5
2.98
Ramesh Mendis
27
4
108
1
4.00
Dhananjaya de Silva
14
5
20
0
1.43
Batsmen
R
B
4s
6s
SR
Nishan Madushka
lbw b Andy McBrine
205
339
22
1
60.47
Dimuth Karunaratne
c Matthew Humphreys b Curtis Campher
115
133
15
0
86.47
Kusal Mendis
c Matthew Humphreys b Graham Hume
245
291
18
11
84.19
Angelo Mathews
not out
100
114
6
4
87.72
Dinesh Chandimal
not out
13
14
2
0
92.86
Dhananjaya de Silva
not out
12
17
2
0
70.59
Extras
14 (b 2 , lb 8 , nb 2, w 2, pen 0)
Total
704/3 (151 Overs, RR: 4.66)
Bowling
O
M
R
W
Econ
Graham Hume
22
3
87
1
3.95
Andy McBrine
57
8
191
1
3.35
Curtis Campher
20
1
101
1
5.05
Matthew Humphreys
10
0
67
0
6.70
Ben White
34
1
203
0
5.97
Harry Tector
8
0
45
0
5.62
Batsmen
R
B
4s
6s
SR
James McCollum
b Ramesh Mendis
10
16
2
0
62.50
Peter Moor
c Angelo Mathews b Prabath Jayasuriya
19
39
1
2
48.72
Andy Balbirnie
c Angelo Mathews b Ramesh Mendis
46
101
5
0
45.54
Harry Tector
b Asitha Fernando
85
189
8
3
44.97
Paul Stirling
c Kusal Mendis b Prabath Jayasuriya
1
5
0
0
20.00
Lorcan Tucker
b Asitha Fernando
13
23
2
0
56.52
Curtis Campher
c Kusal Mendis b Ramesh Mendis
12
33
2
0
36.36
Andy McBrine
c Dhananjaya de Silva b Ramesh Mendis
10
19
2
0
52.63
Graham Hume
c Sadeera Samarawickrama b Ramesh Mendis
0
8
0
0
0.00
Matthew Humphreys
not out
4
31
1
0
12.90
Ben White
b Asitha Fernando
0
1
0
0
0.00
Extras
2 (b 0 , lb 2 , nb 0, w 0, pen 0)
Total
202/10 (77.3 Overs, RR: 2.61)
Bowling
O
M
R
W
Econ
Vishwa Fernando
6
1
15
0
2.50
Prabath Jayasuriya
32
9
88
2
2.75
Ramesh Mendis
27
6
64
5
2.37
Asitha Fernando
11.3
3
30
3
2.65
Dhananjaya de Silva
1
0
3
0
3.00
මේ අනුව ශ්‍රී ලංකාවට හෙට දිනයේ ජයග්‍රහණයක් ලැබීමට නම් ඉතිරි කඩුලු 8 දිනය අවසන් වීමට ප්‍රථමයෙන් දවා ගැනීමට සිදු වනවා. නමුත් වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් ගෙන ඇති මෙවර ගාලු තණතිල්ල සිව්වැනි දිනයේ පවා හැසිරුනු අයුරු සැලකීමේදී එම ජයග්‍රහණය ගැනත් යම්තාක් දුරකට දෙගිඩියාවක් තිබෙනවා.
මේ අනුව කෝඩුකාර අයර්ලන්තයට තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කිරීමට හැකි වේවිද නැතහොත් ශ්‍රී ලංකාවට තරග 2-0ක ජය ස්ථිර කර ගැනීමට හැකිවේද යන තීරණය හෙට දිනයේදී ලැබීමට නියමිතයි. එම තීරණාත්මක දිනයේ සියලු තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















