ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට තවමත් කෝඩුකාරයින් වන අයර්ලන්තය සමඟ පැවැත්වෙන තරග 2කින් යුතු ටෙස්ට් තරගාවලිය අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
එහි පළමු දිනය අවසන් වන විට දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ලබා ගත් විශිෂ්ට ශතක දෙකේ උදව්වෙන් ශ්‍රී ලංකාව තරගයේ සම්පූර්ණ පාලනය සියතට ගෙන තිබෙනවා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද තරගය සඳහා සූදානම් කර තිබූ තණතිල්ල පිතිකරුවන්ට හිතකර බව පෙනුනත්, එය ඇතුළතින් වියළි තණතීරුවක්. මේ නිසා බොහෝ විට තෙවැනි දිනයේ සිට දඟපන්දු යවන්නන් කරළියට පැමිණීමට ඉඩ තිබෙනවා.
අද ශ්‍රී ලංකා කණ්ඩායමට සදීර සමරවික්‍රම එක්වී තිබුණේ වසර 6ක විරාමයකින් පසුවයි. ඒ පසුගිය නවසීලන්ත සංචාරයේ බොහෝ විවේචනයන්ට මුහුණ දුන් කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල වෙනුවටයි.
කාසියේ වාසිය ජය ගැනීමත් සමඟ අද ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ නිශාන් මදුශ්ක සමඟින් දිමුත් කරුණාරත්නයි. අතරින් පතර අඩු ලකුණු පන්දුවාරයක් වාර්තා වුනත්, තමන්ට ලැබෙන දුර්වල පන්දු ලකුණු බවට හරවන්නට ඔවුන් දෙදෙනා සමත් වුනා.
එහි දී දිමුත් වැඩි වේගයක් රඳවා ගනිද්දී මදුශ්ක වඩාත් ආරක්ෂාකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළා. අවසානයේ අයර්ලන්තයට ඔවුන් බලාසිටි ප්‍රතිඵලය ලැබෙන්නේ 15 වැනි පන්දුවාරයේ දීයි.
එහි දී Curtis Camper යැවූ පන්දුවේ හොඳ ඉපිලීමක් දකින්නට ලැබුණු අතර පන්දුව නිශාන් මදුශ්කගේ පිත්තේ පිටත අග්‍රයේ දැවටී Lorcan Tucker අතට උඩපන්දුවක් ලෙස ඇදී ගියා. ඒ වන විට මදුශ්ක පන්දු 48කට මුහුණ දී ලකුණු 29ක් ලබා සිටියා.
පළමු කඩුල්ල දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 64ක් ලෙස දිස්වුනු අතර මෙය ඔවුන්ට දීර්ඝ කාලයකට ලැබෙන එකම කඩුල්ල බව නොදත් අයිරිෂ් ජාතිකයින් ප්‍රීතී ප්‍රමෝදයෙන් යුතුව කඩුල්ල සැමරුවා.
ඉන්පසු දිමුත් සමඟින් එක්වූ කුසල් මෙන්ඩිස් දිවා ආහාරය දක්වා තම කඩුල්ල ආරක්ෂා කර ගන්නේ ශ්‍රී ලංකාව සුවපහසු ගමනාන්තයක් කරා රැගෙන යමින්. ඒ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 119ක් එකතු වී තිබුණා. ඒ දෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 55ක් දක්වා ඉහළ නගින අතරයි. අයර්ලන්ත පන්දු යවන්නන් සතුව ආරම්භයේ දී තිබූ ජවයත් ඒ සමඟින්ම කෙමෙන් කෙමෙන් දියවී යමින් ඇති බව මේ වනවිට පෙනෙන්නට පටන් ගෙන තිබුණා.
- තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය
- ටෙස්ට් ජයක් සොයා ශ්‍රී ලංකාවට එන බව අයර්ලන්තය නායකයා පවසයි!
- අයර්ලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන නිකුත් කරයි
දිවා විවේකයෙන් පසුව නැවතත් දැක ගන්නට ලැබෙන්නේ නායක දිමුත් සහ කුසල් අතර ගොඩ නැගෙන සබඳතාවයම පමණයි. ඒ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකාව අද පන්දුවාර 49ක් තුල ලකුණු 200 පසුකර යන්නේ හොඳ ලකුණු වේගයක් ද රඳවා ගනිමින්. දිමුත් අද තේ විවේකයට පෙරාතුව තම ටෙස්ට් දිවියේ 15 වැනි ශතකය වාර්තා කර ගන්නේ කඩුලු ලාභී Camperට එක්ස්ට්‍රා කවර් ඔස්සේ පහර දෙමින්.
දිමුත් තම ශතකය පන්දු 139කින් සම්පූර්ණ කරගන්නා අතරේ හතරේ පහර 7ක් සාර්ථකව එල්ල කරන්නට සමත් වී තිබුණා. ශ්‍රී ලංකාව තේ විවේකයට පා නඟන මොහොත වන විට අයර්ලන්තය දෙවැනි සැසියේ කිසිඳු කඩුල්ලකට හිමිකම් කියා තිබුණේ නැහැ. මේ වන විට කුසල් මෙන්ඩිස් ශතකයට එක් පහරක් මෙපිටින් සිටියේ නොදැවී ලකුණු 94ක් ලබාගෙනයි. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 245ට එක් කඩුල්ලක් ලෙස සටහන් වුනා.
අවසන් සැසියේ ආරම්භය සටහන් වී වැඩිකල් යන්නට පෙර කුසල් මෙන්ඩිස් ශතකය වාර්තා කර ගත්තා. ඒ පන්දු 142ක් තුලයි. 67 වැනි පන්දුවාරයේ දී අයර්ලන්තය දිමුත් කරුණාරත්න උඩපන්දුවක් වෙනුවෙන් ඉල්ලීම් කරමින් තෙවැනි විනිසුරුට තීරණය භාර කළත් පුනරූපනය මගින් පැහැදිලි වුනේ එය පිත්ත සහ අත් ආවරණ හැර යන බවයි. මේ නිසා දිමුත්ට තවදුරටත් තම ඉනිම ප්‍රසාරණය කර ගැනීමට හැකි වුනා.
>>WATCH – නිශාන් සහ සදීර ටෙස්ට් පිටියට; අයර්ලන්ත තරගාවලිය ගැන Dimuth Karunaratne කියූ දේ
අවසානයේ දැඩි වෙහෙස මහන්සියකින් අනතුරුව ලකුණු 281ක මෙම දැවැන්ත සබඳතාවය නිමා කරන්නට George Dockrellට හැකි වුනා. එහි දී ස්වීප් පහරක් එල්ල කිරීමට ගිය කුසල් මෙන්ඩිස් පන්දුව ඉදිරි පා ආවරණයේ දවටා ගනිද්දී, තෙවැනි විනිසුරුටවත් ඔහුව බේරා ගැනීමට කිසිදු අවස්ථාවක් තිබුණේ නැහැ. දැවී යන විට මෙන්ඩිස් පන්දු 193කට මුහුණ දී ලකුණු 140ක් ලබා සිටියේ හතරේ පහර 18ක් සහ එක් හයේ පහරක් එල්ල කරමින්.
ඉන්පසු පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් මෙම කෝඩුකාර ටෙස්ට් කණ්ඩායමට එරෙහිව දිගු ඉනිමක් ක්‍රීඩා කරනු ඇතැයි බොහෝ දෙනා සිතුවත් කරුණු කාරණා ඒ අයුරින් සිදුවුනේ නැහැ. තමන් මුහුණ දුන් තුන්වෙනි පන්දුවේදී Benjamin White කඩුල්ලට සෑහෙන දුරින් පතිත කළ දුර්වල පන්දුවකට වැරෙන් පහර දෙන්නට ගිය මැතිව්ස් අවසානයේ එය යන්තමින් පිත්තේ දවටාගෙන කඩුලු රකින්නාට උඩපන්දුවක් ලෙස භාර කළා.
දිනය නිමා වීමට අඩ හෝරාවක් පමණ ඉතිරිව තිබිය දී අයර්ලන්ත කණ්ඩායම නව පන්දුවෙන් යම්කිසි දෝලනයක් ලබා ගනිමින් සිටිය දී නායක දිමුත් පිටියෙන් ඉවත් වන්නේ ලකුණු 179කටයි. එහි දී වෙහෙස වී සිටි දිමුත් හතරේ පහරක් අපේක්ෂාවෙන් එල්ල කළ ඩ්‍රයිව් පහර වැරදී ගොස් පන්දුව කඩුලු රකින්නා පහසු උඩපන්දුවක් ලෙස රැක ගත්තා. දැවී යන විට දිමුත් හතරේ පහර 15ක් සාර්ථකව එල්ල කර තිබුණා. මේ අනුව දිනය නිමා වෙද්දී ශ්‍රී ලංකාව තම පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 386ක් ලබා සිටිනවා.
Result
Batsmen
R
B
4s
6s
SR
Nishan Madushka
c Lorcan Tucker b Curtis Campher
29
48
4
0
60.42
Dimuth Karunaratne
c Lorcan Tucker b Mark Adair
179
235
15
0
76.17
Kusal Mendis
lbw b George Dockrell
140
193
18
1
72.54
Angelo Mathews
c Lorcan Tucker b Ben White
0
3
0
0
0.00
Dinesh Chandimal
not out
102
155
12
0
65.81
Prabath Jayasuriya
lbw b Curtis Campher
16
23
3
0
69.57
Dhananjaya de Silva
lbw b Andy McBrine
12
16
3
0
75.00
Sadeera Samarawickrama
not out
104
114
11
0
91.23
Extras
9 (b 4 , lb 3 , nb 1, w 1, pen 0)
Total
591/6 (131 Overs, RR: 4.51)
Bowling
O
M
R
W
Econ
Mark Adair
24.3
3
95
1
3.91
Curtis Campher
21
2
84
2
4.00
Andy McBrine
40
2
162
1
4.05
Ben White
22
0
119
1
5.41
George Dockrell
21.3
0
112
1
5.26
Harry Tector
2
0
12
0
6.00
Batsmen
R
B
4s
6s
SR
James McCollum
b Prabath Jayasuriya
35
85
5
0
41.18
Murray Commins
b Vishwa Fernando
0
1
0
0
0.00
Andy Balbirnie
c Nishan Madushka b Vishwa Fernando
4
4
1
0
100.00
Harry Tector
c Dhananjaya de Silva b Prabath Jayasuriya
34
59
0
1
57.63
Curtis Campher
c Ramesh Mendis b Prabath Jayasuriya
0
2
0
0
0.00
Peter Moor
c Sadeera Samarawickrama b Prabath Jayasuriya
14
29
2
0
48.28
Lorcan Tucker
lbw b Prabath Jayasuriya
45
73
7
0
61.64
George Dockrell
lbw b Prabath Jayasuriya
2
24
0
0
8.33
Andy McBrine
lbw b Ramesh Mendis
7
35
1
0
20.00
Mark Adair
st Sadeera Samarawickrama b Prabath Jayasuriya
0
2
0
0
0.00
Ben White
not out
0
3
0
0
0.00
Extras
2 (b 0 , lb 0 , nb 2, w 0, pen 0)
Total
143/10 (52.3 Overs, RR: 2.72)
Bowling
O
M
R
W
Econ
Asitha Fernando
5
2
9
0
1.80
Vishwa Fernando
9
2
38
2
4.22
Prabath Jayasuriya
23
10
52
7
2.26
Ramesh Mendis
14.3
3
40
1
2.80
Dhananjaya de Silva
1
0
4
0
4.00
Batsmen
R
B
4s
6s
SR
James McCollum
c Dhananjaya de Silva b Prabath Jayasuriya
8
28
0
0
28.57
Murray Commins
c Ramesh Mendis b Vishwa Fernando
0
3
0
0
0.00
Andy Balbirnie
c Dhananjaya de Silva b Vishwa Fernando
6
16
1
0
37.50
Harry Tector
run out (Sadeera Samarawickrama)
42
95
4
0
44.21
Lorcan Tucker
lbw b Prabath Jayasuriya
6
10
1
0
60.00
Peter Moor
c Nishan Madushka b Ramesh Mendis
0
5
0
0
0.00
Curtis Campher
c Nishan Madushka b Ramesh Mendis
30
73
5
0
41.10
George Dockrell
lbw b Ramesh Mendis
32
54
6
0
59.26
Andy McBrine
c Kusal Mendis b Ramesh Mendis
10
11
2
0
90.91
Mark Adair
not out
23
29
3
0
79.31
Ben White
lbw b Prabath Jayasuriya
1
2
0
0
50.00
Extras
10 (b 5 , lb 3 , nb 1, w 1, pen 0)
Total
168/10 (54.1 Overs, RR: 3.1)
Bowling
O
M
R
W
Econ
Prabath Jayasuriya
24.1
6
56
3
2.32
Vishwa Fernando
4
2
3
2
0.75
Ramesh Mendis
20
1
76
4
3.80
Asitha Fernando
3
0
15
0
5.00
Dhananjaya de Silva
3
0
10
0
3.33
මේ වන විට පන්දුවට පහර දෙන ගාල්ල පිටියේ විශිෂ්ට දස්කම් දක්වා ඇති දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 18ක් ද, රාත්‍රී රැකවලා ලෙස ක්‍රීඩා කරන ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 12ක් ද ලබා සිටිනවා. පිතිකරණයේ යෙදීමේ බලාපොරොත්තුවෙන් ධනංජය ද සිල්වා සහ සදීර සමරවික්‍රම සූදානමින් පසුවන නිසා හෙට දිනයේ තම ලකුණු පුවරුව ඉහළ ලකුණක් කරා රැගෙන යන්නට ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් උදාවී තිබෙනවා.
හෙට දිනයත් පිතිකරුවන්ට වාසිසහගත විය හැකි නිසා වඩාත් සුදුසු වන්නේ දෙවැනි ඉනිමක් ක්‍රීඩා කිරීම ගැන නොසිතා හෙට දිනයේ අවසන් සැසිය තෙක් පන්දුවට පහර දී අයර්ලන්තයට ළඟා වීමටවත් අපහසු ඉලක්කයක් ඔවුන් වෙත භාර කිරීමයි. එම සුබ බලාපොරොත්තු ඉටුවන දෙවැනි දිනයේ සියලු තතු විත්ති එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















