ලෝක කුසලානයට පස්සේ හොඳම තරගාවලිය IPL ද?

59

ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය ලොව හොඳම තරගාවලියක් බවත් එයට සහභාගී වීමෙන් තමා සහ සෙසු එංගලන්ත ක්‍රීඩකයන් බොහෝ දේ ඉගෙන ගෙන ඇති බවත් එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක හා ප්‍රබල පිතිකරුවෙකු වන ජොස් බට්ලර් පවසා සිටියේය. 

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ තවත් අර්බුදයක්!

ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යන COVID-19 වසංගතය නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2020 අදියරය දින නියමයක් නොමැතිව කල් දැමීමට එහි සංවිධායකයින්ට සිදුවිය. නමුත් මේ වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කළහොත් එම කාලය තුළ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට කවුළුවක් සොයා ගැනීමට ඉන්දීය ක්‍රිකට් මණ්ඩලය බලාපොරොත්තුවෙන් සිටින බවට කටකතා පැතිරෙමින් තිබේ. 

මීට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ බට්ලර් මේ වන විට රාජස්ථාන් ‍රෝයල්ස් කණ්ඩායමට එක්ව ඇත. ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබඳව ඔහුගේ අදහස් බෙදාගෙන තිබුනේ BBC විසින් පැවැත් වූ ‘ද දූස්රා’ නම් වූ podcast විශේෂාංගයකට එක්වෙමිනි. 

“ඉන්දීය ක්‍රිකට් ආයතනය එංගලන්තයේ ක්‍රිකට් වර්ධනයට සහ පසුගිය වසර කිහිපය තුළ සම්බන්ධ වූ ක්‍රීඩකයින්ගේ දක්ෂතා දියුණු කිරීම ඉවහල් වූ බවට කිසිඳු සැකයක් නෑ.” යයි ඔහු පසුගිය සෙනසුරාදා (23) පැවසීය. 

“ඒක මම සෙල්ලම් කරන්න බලාගෙන ඉන්න තරගාවලියක්. මට නම් එය ලෝක කුසලාන වලින් පසු ලොව හොඳම තරගාවලිය යි.” 29 හැවිරිදි ජොස් බට්ලර් පවසා සිටියේය. 

බට්ලර්ගේ නව්‍ය පිතිකරණය යම්කිසි විශ්මය ජනක ආකෘතියකින් යුක්ත වූ අතර එය එංගලන්තයේ එක්දින ආකෘතියට ගතික ප්‍රවේශයක් ලබා දුන් එක් සාධකයක් විය. බට්ලර්ගේ මෙම ප්‍රවේශය 2019 වසරේ ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රාහී ලෙස නිමා කිරීමට එංගලන්තයට මනා පිටුවහලක් සැපයීය. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරමින් ලොව නූතන ශ්‍රේෂ්ඨයන් සමඟ ක්‍රීඩා කර ඇති එංගලන්ත එක්දින උප නායකයා එම තරගාවලියේ ක්‍රීඩා කිරීම අපූර්ව හැඟීමක් බව පවසා ඇත. 

“ළමයෙක් ලෙස ක්‍රීඩකයෙක් හැදී වැඩෙන විට සෙල්ලම් කිරීමට අවශ්‍ය වන්නේ එයයි. අපූර්ව මනස්කාන්ත ක්‍රිකට් තරග, කෝලි සහ ඩි විලියර්ස් එකට ක්‍රීඩා කළහොත් එය කෙබඳු වනු ඇත්දැයි ඔබට සිතාගන්න පුළුවන් ද? ඒ වගේ තමයි සියලු කණ්ඩායම් එකට මිශ්‍ර වූ විට. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමහර තරග ඒ තරම් විශිෂ්ඨයි.” 

“විරාට් කෝලි, ඒ. බී. ඩි විලියර්ස් සහ ක්‍රිස් ගේල් සමඟ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඉහළම කණ්ඩායම් තුන අතරට පැමිණියා. පසුව ඔවුන් ජස්ප්‍රිත් බුම්රා හෝ ඩේල් ස්ටේන් හෝ ලසිත් මාලිංගට එරෙහිව ක්‍රීඩා කරන ආකාරය දැක බලා ගන්න අවස්ථාව උදාවුනා.” බට්ලර් පැවසීය. 

කොරෝනා වලින් පස්සේ ක්‍රිකට් පටන් ගන්නේ මෙහෙමයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුල් අවධියේ දී එංගලන්තය මෙම මුදල් වලින් පොහොසත් තරගාවලියට සහභාගී වීමට යම් මැලිකමක් දැක්වූ අතර 2008 වසරේ දී ඔවුන්ගේ කිසිඳු ක්‍රීඩකයෙකුට ලීගයේ කොටසක් වීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය අවසර ලබාදුන්නේ නැත. කෙසේ වෙතත් ක්‍රීඩකයන් විසින් ක්‍රිකට් ආයතනයට එල්ල කළ පීඩනය හේතුවෙන් ඔවුන්ට කෙවින් පීටර්සන් සහ ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් අකමැත්තෙන් වුවද ඉදිරිපත් කිරීමට සිදුවිය. ඔවුන් දෙදෙනා 2009 වසරේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වෙන්දේසියට පැමිණීම විශාල ප්‍රවෘත්තියක් බවට පත්විය. 

ලොව හොඳම විස්සයි විස්ස ලීග් තරගාවලියක දී එංගලන්තයේ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබීම ගැන බට්ලර් පීටර්සන්ට ගෞරවය පුද කළේය. 

“එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සමඟ රසවත් ඉතිහාසයක් ලැබී තිබෙනවා. කෙවින් පීටර්සන් පිළිබඳ වාර්තා චිත්‍රපටය සහ ඔහුට සම්බන්ධ වීමට අවශ්‍ය වූ ආකාරය සහ ඔහු මුහුණ දුන් මාර්ග බාධක මනාව පැහැදිලි කරනවා.” ඔහු පැවසීය.

“ඔහු ඇත්ත වශයෙන්ම අප බොහෝ දෙනෙකුට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවෙන් වැඩි ආශිර්වාදයක් ලබා ගනිමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා දුන්නා. ක්‍රිකට් ක්‍රීඩකයින් දියුණු කිරීම සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීග් කෙතරම් වැදගත් දැයි අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගොඩ නැගීමේ පුරෝගාමියෙක් කෙවින් පීටර්සන්.” බට්ලර් වැඩිදුරටත් පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<