ශ්‍රී ලංකාව හමුවේ සිංගප්පූරුව හා එංගලන්තය පරදී

1616

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය (NFSL) විසින් සංවිධානය කරනු ලබන ආරාධිත ජාත්‍යන්තර සිව්කොන් දැල්පන්දු තරගාවලිය අද (27) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී ආරම්භ විය. අද දිනයේ පැවැත්වූ තරගවල දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

සංචාරක සිංගප්පූරු කණ්ඩායම, සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා එංගලන්තයේ PStar දැල්පන්දු කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායම් හතරයි.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති ට්‍රික්සි නානායක්කාර මහත්මියට අනුව සැප්තැම්බර් 1 සිට 10 දක්වා සිංගප්පූරුවේ දී පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තරග පුහුණුවීම් ලබා දීමේ අරමුණින් මෙම තරගාවලිය ක්‍රියාත්මක වේ.

සිව්කොන් ආරාධිත දැල්පන්දු තරගාවලියක් ශ්‍රී ලංකාවේ

දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්වල ආසියාවේ අංක 1 ස්ථානයේ සිටින සිංගප්පූරු දැල්පන්දු කණ්ඩායම එළඹෙන මැයි 27 සිට මැයි 30 දක්වා සුගතදාස…….

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව

දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්වල ලොව 20 වැනි ස්ථානයේ සිටින සිංගප්පූරු දැල්පන්දු කණ්ඩායම හා 25 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය සවස 3.30ට පමණ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී ආරම්භ විය.

තරගයේ පළමු අර්ධයේ සිටම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගකාරී ලෙස පන්දුව හුවමාරු කරගනිමින් දක්ෂ ලෙස ක්‍රීඩා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබූ පන්දු හුවමාරු කර ගැනීමේ දක්ෂතාවය නිසා ලකුණු 15-10ක් ලෙස පළමු කාර්තුව පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් විය.

පළමු කාර්තුවේ  ලබාගත් ඉදිරියත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන කාර්තුවට පිවිසි අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පාද චලනයන් එම කාර්තුව තුල දී ද මනාව හඳුනා ගැනීමට සිංගප්පූරු ක්‍රීඩිකාවන් අසමත් විය. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 33-17ක් ලෙස ලකුණු අතර පැහැදිලි පරතරයක් තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

තෙවන හා සිව්වැනි කාර්තුවල දී සිංගප්පූරු ක්‍රීඩිකාවන් තරගයේ ස්වභාවය මනාව හදුනාගත් නමුත් එය එතරම් දුරට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ගැටලුවක් නොවීය. තෙවන කාර්තුවේ දී ලකුණු 5ක පෙරමුණක් සමඟ තරගයේ මුළු ලකුණු පරතරය ලකුණු 21ක් බවට පත්ව තිබුණේ ශ්‍රී ලංකාවට වාසිදායක වන අයුරිනි. තරගය ලකුණු 65-45ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූයේ ප්‍රබල සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත්කරමිනි.

තර්ජනී සිවලිංගම් පන්දුව පැසවෙතට යොමු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට සවියක් වූ අතර අනෙකුත් ක්‍රීඩිකාවන් ද ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කරනු දක්නට ලැබුණි.

කණ්ඩායම පළමු කාර්තුව දෙවන කාර්තුව තෙවන කාර්තුව සිව්වන කාර්තුව මුළු ලකුණු
ශ්‍රී ලංකාව 15 18 19 13 65
සිංගප්පූරුව 10 7 14 14 45

Match Replay – Sri Lanka v Singapore – Quadrangular Netball Tournament

Sri Lanka takes on Singapore in the Invitational International Netball Tournament on 27th May at 2.50pm…….

ශ්‍රී ලංකා සංවර්ධන හා එංගලන්තයේ PStar

තරගාවලියේ දෙවන තරගය වූ මෙම තරගයේ දී ගෝල් ඩිෆෙන්ස් ක්‍රීඩිකා සෙත්මි දනෝශි ප්‍රමුඛ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම උපක්‍රමශීලීව තරග වැදුණු අතර එංගලන්ත PStar දැල්පන්දු ක්‍රීඩිකාවන් හට එම තරග උපක්‍රම තරගය අවසන් වන තෙක් හඳුනා ගැනීමට අපහසු විය.

එහි ප්‍රතිඵලයක් ලෙස තරගය ලකුණු 71-22ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට හැකි විය.

පළමු කාර්තුව ලකුණු 21-7ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා සංවර්ධන දැල්පන්දු කණ්ඩායම තරගයේ පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙක අතර පැහැදිලි ලකුණු පරතරයක් තබා ගැනීමට සමත් විය.

අවසන් කාර්තු දෙක තුළ දී ද ලකුණු 20-04ක් හා ලකුණු 15-07ක් ලෙස සිය ලකුණු සටහන වර්ධනය කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 71-22ක් ලෙස PStar කණ්ඩායම හමුවේ දැවැන්ත ජයක් ලබාගැනීමට සමත් විය.

තරග දෙක පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම, ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් ආවරණය හා පන්දු විදීම යන දැල්පන්දු ක්‍රීඩාවේ මූලික දස්කම් ඉහළ මට්ටමක පැවතුනි.

කණ්ඩායම පළමු කාර්තුව දෙවන කාර්තුව තෙවන කාර්තුව සිව්වන කාර්තුව මුළු ලකුණු
ශ්‍රී ලංකා සංවර්ධන 21 15 20 15 71
පී. ස්ටාර් 7 4 4 7 22

Match Replay – Sri Lanka Development v PStar Netball Club – Quadrangular Netball Tournament

Sri Lanka Development team takes on PStar Netball Club in the Invitational International Netball Tournament on……..

ThePapare.com හරහා හෙට (28) දිනයේ දී ද මෙම සිව්කොන් දැල්පන්දු තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත සමීප කිරීමට සූදානම්. රැඳී සිටින්න.

හෙට (28) පැවැත්වෙන තරග කාලසටහන

  • සිංගප්පූරුව හා එංගලන්තයේ පී ස්ටාර් සවස 3ට
  • ශ්‍රී ලංකා කණ්ඩායම හා ශ්‍රී ලංකා සංවර්ධන සවස 5ට

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<