සිව්කොන් ආරාධිත දැල්පන්දු තරගාවලියක් ශ්‍රී ලංකාවේ

654

දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්වල ආසියාවේ අංක 1 ස්ථානයේ සිටින සිංගප්පූරු දැල්පන්දු කණ්ඩායම එළඹෙන මැයි 27 සිට මැයි 30 දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ආරාධිත සිව්කොන් දැල්පන්දු තරගාවලියක් සඳහා එක්වීමට නියමිතයි.

අන්තර් සංගම් දැල්පන්දු ශූරතාවය වෙළඳසේවා දිනා ගනී

යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේ පැවති 2018 අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට වෙළඳසේවා දැල්පන්දු සංගමය සමත් විය.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය (NFSL) විසින් මෙම තරගාවලිය සංවිධානය කරන අතර, සංචාරක සිංගප්පූරු කණ්ඩායම, සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා එංගලන්තයේ පී ස්ටාර් දැල්පන්දු කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී වීමට නියමිතයි.

මෙම තරගාවලිය, සියලුම කණ්ඩායම් අනෙක් සියලුම කණ්ඩායම් සමඟ ක්‍රීඩා කරන (round-robin) තරගාවලි ආකෘතියකට අනුව ක්‍රීඩා කරන අතර සෑම කණ්ඩායමක්ම තරග තුනකට සහභාගී වීමට නියමිතයි. පළමු වටය අවසානයේ ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටින කණ්ඩායම් දෙක ශූරතාවය සඳහා තරග වදින අතර අනෙක් කණ්ඩායම් දෙක තෙවන ස්ථානය සඳහා තරග වදිනු ඇත.      

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති ට්‍රික්සි නානායක්කාර මහත්මියට අනුව මෙම තරගාවලිය, එළඹෙන සැප්තැම්බර් 1 වැනිදා සිට 10 වැනිදා දක්වා සිංගප්පූරුවේ දී පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තරග පුහුණුවීම් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.

අන්තර් සමාජ දැල්පන්දු තරගාවලියක් මාර්තු මස අන්තිම සතියේ

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනත්, යාපනය දැල්පන්දු සංගමයත්, ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ව සංවිධානය කරනු ලබන 2018 අන්තර් සංගම් ක්‍රීඩා සමාජ දැල්පන්දු තරගාවලිය…

ගෙවී ගිය වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වූයේ සිංගප්පූරුවයි. ආසියානු කලාපයම සිය අණසකට ගනිමින් සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව යන රටවල් ලෙස නිමා වූ තරගාවලි 10කින් තරගාවලි 7ක්ම සිය රටවලට ගෙන යාමට සමත් විය.

කෙසේවුවත් ගෙවී ගිය වසර කිහිපය තුල සිංගප්පූරුව ශ්‍රී ලංකාවට වඩා ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්වල 20 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ඔවුන් සමත් විය. ශ්‍රී ලංකාව 25 වැනි ස්ථානයේ සිටින අතර තවත් ප්‍රබල කණ්ඩායමක් වන මලයාසියාව 24 වැනි ස්ථානයේ සිටියි.

එළඹෙන මැයි 27 වන ඉරිදා ශ්‍රී ලංකා හා සිංගප්පූරු කණ්ඩායම් තරගාවලියේ පළමු තරගයට සහභාගී වීමට නියමිතයි.

ThePapare.com මෙම සිව්කොන් දැල්පන්දු තරගාවලියේ සියලු තරග ඔබ වෙත සජීව ලෙස සමීප කිරීමට සූදානම්. රැඳී සිටින්න…..

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<