Juventus තියුණු ජයග්‍රහණයකට යද්දී Manchester Cityගෙන් ගෝල 6ක්

97

එංගලන්ත Premier League, ඉතාලි Serie A සහ ප්‍රංශ Ligue 1 තරගාවලිවල ඉතා වැදගත් තරග කිහිපයක් ඊයේ (12) දිනයේ දී නිමාවට පත්විය.

Liverpool නූලෙන් ජයගද්දී Chelsea හා Man Utdගෙන් ගෝල රැසක්

කෙටි විරාමයකට පසුව එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය ………

Manchester Cityගෙන් ගෝල වැස්සක්

එංගලන්ත Premier League තරගාවලිය යටතේ ප්‍රබල Manchester City හා Aston Villa කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 6-1ක ඉතා පහසු ජයග්‍රහණයක් වාර්තා කරගන්නට Manchester City ක්‍රීඩකයින් සමත් විය. 

තරගය ආරම්භයේ පටන් ඉතා ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කළ Manchester City ක්‍රීඩකයින් පළමු අර්ධයේ දී ගෝල 4ක් වාර්තා කරගනිමින් තරගයට ඉතා ප්‍රබල ආරම්භයක් ලබා ගන්නට සමත් විය. එහි දී පළමු හා දෙවන ගෝල ද්විත්වයම Riyad Mahrez විසින් වාර්තා කර ගනු ලැබුවේ පිළිවෙළින් Sergio Aguero සහ Gabriel Jesus ලබා දුන් පන්දු ගෝල රාමුව තුළට යොමු කරමිනි.

පළමු අර්ධයේ වාර්තා වූ ඉතිරි ගෝල ද්විත්වය පිළිවෙළින් Aguero සහ Jesus විසින් වාර්තා කර ගනු ලැබුවේ Kevin De Bruyne ලබා දුන් පන්දු සාර්ථකව අවසන් කරමිනි. 

දෙවන අර්ධයේ දී නැවතත් ක්‍රියාත්මක වූ Aguero විසින් පිළිවෙළින් David Silva සහ Mahrez ලබා දුන් පන්දු ඉතා දක්ෂ ලෙස ගෝල රාමුව තුළට යොමු කරමින් තරගයේ සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කර ගැනීමට සමත් විය. 

තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී Manchester City ක්‍රීඩක Ilkay Gundogan විසින් Mahmoud Hassan හමුවේ සිය ගෝල රාමු කලාපය තුළ දී සිදු කළ ‘foul’ කිරීමක් වෙනුවෙන් Aston Villa හට දඬුවම් පහරක් ලබා දෙන්නට විනිසුරුවරයා තීරණය කළ අතර එය ලබා ගත් Anwar El Ghazi විසින් එය සාර්ථක කර ගනු ලැබුවේ තරගයේ සිය කණ්ඩායම වාර්තා කර ගත් එකම ගෝලයට හිමිකම් කියමිනි. 

ඒ අනුව මෙම තරගයෙන් ගෝල 6-1ක ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගන්නට Manchester City ක්‍රීඩකයින් සමත් විය. 

සම්පූර්ණ කාලය: Manchester City 6 – 1 Aston Villa 

ගෝල ලාභීන් 

  • Manchester City – Sergio Aguero 28’, 57’, 81’, Riyad Mahrez 18’, 24’, Gabriel Jesus 45+1’ 
  • Aston Villa – 90+1’ 

Blue Star සහ සෝන්ඩර්ස් අවසන් පූර්ව වටයට

2019/20 Vantage FA කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන සහ …………

Juventusට තියුණු ජයක්

ඉතාලි Serie A තරගාවලිය යටතේ ප්‍රබල Juventus සහ AS Roma කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 2-1ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගන්නට Juventus ක්‍රීඩකයින් සමත් විය. 

තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් Juventus ක්‍රීඩකයින් තරගය ආරම්භ වී මිනිත්තු 3ක කාලයක් යන විට තරගයේ පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් විය. එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ Merih Demiral විසිනි. 

මිනිත්තු කිහිපයකට අනතුරුව Juventus ක්‍රීඩක Paulo Dybala හමුවේ Jordan Veretout සිය ගෝල රාමු කලාපය තුළ දී සිදු කළ ‘foul’ කිරීමක් වෙනුවෙන් ඔවුන්ට දඬුවම් පහරක් පිරිනමන්නට විනිසුරුවරයා තීරණය කළ අතර එය ලබාගත් Cristiano Ronaldo විසින් එහි දී පහසුවෙන් පන්දුව ගෝල රාමුව තුළට යොමු කරමින් සිය කණ්ඩායමේ දෙවන ගෝලයට හිමිකම් කියනු ලැබීය. 

අනතුරුව කණ්ඩායම් දෙකට ම ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඔවුන් ඒවා සාර්ථකව ගෝල බවට පරිවර්තනය කරගන්නට සමත් වූයේ නැත. 

කෙසේ නමුත් දෙවන අර්ධයේ දී සිය ගෝල රාමු කලාපය තුළ  දී Juventus ක්‍රීඩක Alex Sandroගේ දෑතේ පන්දුව වැදීම හේතුවෙන් ‘VAR’ හරහා Roma ක්‍රීඩකයින් හට දඬුවම් පහර අවස්ථාවක් ලබා දෙන්නට විනිසුරුවරයා තීරණය කළ අතර එය ලබාගත් Diego Perotti එහි දී එය සාර්ථක කරගනිමින් සිය කණ්ඩායම තරගයට අවතීර්ණ කරන්නට සමත් විය. 

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය පුරාවට ගෝල වාර්තා කර ගැනීමට කණ්ඩායම් දෙකටම හිමි වූ අවස්ථාවන් ඔවුන් සාර්ථකව අවසන් කර ගන්නට අසමත් වීමත් සමඟ මෙම තරගයෙන් ගෝල 2-1ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගන්නට Juventus ක්‍රීඩකයින් සමත් විය. 

සම්පූර්ණ කාලය: Juventus 2 – 1 AS Roma  

ගෝල ලාභීන්

  • Juventus – Merih Demiral 3’, Cristiano Ronaldo 10’ (P)
  • AS Roma – Diego Perotti 68’ (P)

සුජාන් සහ ආකීබ් සංචිතයෙන් ඉවතට!

බංගබන්ධු ‍රන් කුසලානය සඳහා වන ශ්‍රී ලංකා ජාතික ……….

PSG – Monaco උණුසුම් තරගයක

ප්‍රංශ Ligue 1 තරගාවලිය යටතේ ප්‍රබල Paris Saint-Germain (PSG) සහ AS Monaco කණ්ඩායම් අතර ඊයේ පැවති තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 3-3ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය. 

තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත් PSG ක්‍රීඩකයින් තරගය ආරම්භයේ දී ම ගෝලයක් වාර්තා කරගනිමින් තරගයෙන් ඉදිරියට පැමිණෙන්නට සමත් විය. එහි දී Marco Verratti ලබා දුන් පන්දුවක් සාර්ථකව ගෝල රාමුව තුළට යොමු කරමින් එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ Neymar විසිනි.

ඊට වහාම පිළිතුරු ලබා දුන් Monaco ක්‍රීඩකයින් පිට පිට ගෝල දෙකක් වාර්තා කරගනිමින් PSG අභිබවමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය. එහි පළමු ගෝලය Ben Yedder ලබා දුන් පන්දුවක් සාර්ථකව අවසන් කළ Gelson Martins විසින් ද දෙවන ගෝලය Keita Balde ලබා දුන් පන්දුවක් සාර්ථකව අවසන් කළ Ben Yedder විසින් ද වාර්තා කර ගනු ලැබූහ. 

අනතුරුව Neymar විසින් ප්‍රතිවාදී ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවක් Monaco ක්‍රීඩක Fode Ballo-Toureගේ පාදයේ වැදී සිය ගෝල රාමුව තුළට යොමු වීම හරහා PSG හට ගෝලයක් හිමි වූ අතර ඒ හරහා තරගයේ ලකුණු තත්වය නැවතත් සම විය.

පසුව පළමු අර්ධය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී PSG ක්‍රීඩක Kylian Mbappe හමුවේ Martins විසින් සිය ගෝල රාමුව තුළ දී සිදු කළ ‘foul’ කිරීමක් වෙනුවෙන් PSG හට දඬුවම් පහර අවස්ථාවක් පිරිනමන්නට විනිසුරුවරයා සංඥා කල අතර එය ලබාගත් Neymar එහි දී පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළට යොමු කරමින් සිය කණ්ඩායම නැවතත් තරගයේ පෙරමුණට රැගෙන යන්නට සමත් විය. 

අනතුරුව දෙවන අර්ධයේ දී Islam Slimani විසින් Monaco තෙවන ගෝලය වාර්තා කර ගනු ලැබුවේ තරගයේ ලකුණු තත්වය නැවත වරක් සම තත්වයකට රැගෙන එමිනි. එම ගෝලය වාර්තා කරගැනීමේ දී ‘offside’ නීතිය උල්ලංඝනය වූ බව පළමුව සංඥා වුවත් ‘VAR’ හරහා එම ගෝලය පිරිනමන්නට විනිසුරුවරයා සංඥා කළේය. 

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කිසිදු ගෝලයක් වාර්තා කරගන්නට කණ්ඩායම් දෙකම අසමත් වීමත් සමඟ ඉතා උණුසුම් තරගයකින් අනතුරුව මෙම තරගය ගෝල 3-3ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය. 

සම්පූර්ණ කාලය: Paris Saint-Germain 1 – 1 AS Monaco

ගෝල ලාභීන් 

  • PSG – Neymar 3’, 42’ (P), Fode Ballo-Toure 24’ (OG)
  • AS Monaco – Gelson Martins 7’, Ben Yedder 13’, Islam Slimani 70’ 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<