ජාතික තලය සහ නවක තලය යා කරන බොක්සිං පාලම

312

ශ්‍රී ලංකා බොක්සිං සංගමය වාර්ෂිකව සංවිධානය කරන අන්තර්-මධ්‍යම බොක්සිං තරගාවලිය අද දින (03) සිට 06 වන දා (සිකුරාදා) දක්වා කොළඹ MAS රාජකීය බොක්සිං අංගනයේ දී පැවැත්වේ. මෙම තරගාවලිය නවකයින්ව ජාතික තලයට පිවිසීමේ දොරගුළු විවෘත කරන තරගාවලිය ලෙස හැඳින්වූවාට වරදක් නොමැත.

මේ වන විට මුළු දිවයිනම ආවරණය කරමින් ක්‍රීඩා සමාජ 20කට ආසන්න ප්‍රමාණයකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියට සහභාගී වීමට සූදානමින් සිටියි. ක්‍රීඩකයන් 100කට අධික  ප්‍රමාණයක් සහ ක්‍රීඩිකාවන් 30කට අධික ප්‍රමාණයක් මීට සහභාගී වනු ඇතැයි සැලකේ. වයස අවුරුදු 19න් ඉහළ සහ 40න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට පිවිසීමේ අදිටනින් අද සිට එළඹෙන 6 වැනිදා දක්වා කොළඹ MAS රාජකීය බොක්සිං අංගනයේ දී සටන් වදිනු ඇත.

පසුගිය වසරේ ඉදිරියෙන් සිටියේ යුධ හමුදා ක්‍රීඩා සමාජයයි. මෙවර එය වෙනස් කිරීමට අනෙකුත් ආරක්ෂක සේවාවන් සහ ක්‍රීඩා සමාජ බලාපොරොත්තුවෙන් පසුවනු ඇත.

ජූලි 05 (බ්‍රහස්පතින්දා) සහ 06 වැනිදා (සිකුරාදා) පැවැත්වෙන අවසන් පූර්ව සහ අවසන් මහා තරගවල වාර්තා, ඡායාරූප www.thepapare.com/sinhala ඔස්සේ ඔබට ලබාගත හැකියි. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<