මහනුවර රග්බි ඇකඩමිය පැරිස් ක්‍රීඩා උළෙලට

545

වයස අවුරුදු 16න් පහළ මහනුවර රග්බි ඇකඩමියේ කනිෂ්ඨ ක්‍රීඩකයෝ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරිස් ලෝක ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. තරගාවලිය ජූලි මස 7 හා 8 යන දිනයන්හි පැවැත්වේ.

මහනුවර නායක වීරරත්නත් පැරිස් යන සංචිතයට

එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලට සූදානම් වීම සඳහා නවකයින් මෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් ද …

2014 වසරේ දී මහනුවර ප්‍රදේශයේ ළාබාල ක්‍රීඩකයින් සඳහා පුහුණුවීමේ අවස්ථා ලබා දීමේ හා ඔවුන් ක්‍රීඩාවට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ආරම්භ වූ මහනුවර රග්බි ඇකඩමියේ මේ වන විට විවිධ වයස් කාණ්ඩ යටතේ ක්‍රීඩකයින් 50ක් පමණ සිය පුහුණුවීම් සිදුකරයි. ඔවුන්ට පුහුණුව ලබා දීම සඳහාත් විශේෂඥ පුහුණුකරුවන් මඩුල්ලක් සිටින්නේ නැගී එන රග්බි ක්‍රීඩකයින්ගේ තෝතැන්නක් බවට මහනුවර රග්බි ඇකඩමිය පත් කරමින්.

ප්‍රංශයේ දේශීය කණ්ඩායම් මෙන්ම ලොව පුරා ආරාධිත කණ්ඩායම් ද සහභාගී වන මේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහනුවර රග්බි ඇකඩමිය වයස අවුරුදු 16න් පහළ කාණ්ඩයේ තරග වදිනු ඇත.

මෙම කණ්ඩායම මහනුවර ක්‍රීඩා සමාජයේ හිටපු ප්‍රවීණ ක්‍රීඩකයෙකු වන කිෂෝර් ජෙහාන් විසින් පුහුණුකරවන අතර ThePapare වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසිය.

“මෙය මහනුවර රග්බි ඇකඩමියේ ක්‍රීඩකයින්ට ඉතා හොඳ අවස්ථාවක්, ප්‍රංශයේ සංචාරයේ යෙදෙමින් එහි ක්‍රීඩා කිරීම ඔවුන්ට ඉතා හොඳ අත්දැකීමක් වෙයි.”

එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලට පෙර සූදානමක් වශයෙන් ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම ද පැරිස් ලෝක ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියට තරග වැදීමට නියමිතයි.

පැරිස් ලෝක ක්‍රීඩා උළෙලට එක්වන මහනුවර රග්බි ඇකඩමියේ කණ්ඩායම මෙසේය.

මොහොමඩ් සාබිත්, මොහොමඩ් සාද්,දිනෙත් අකිල දිල්ශාන්, මොහොමඩ් පියර්, මොහොමඩ් අෆ්ලාල්, මොහොමඩ් හතීම්, විරාජ් දේවින්ද වීරසිංහ, මොහොමඩ් සර්ජුන්, තශික රෂුන් දුෂන්ජන, මොහොමඩ් අතික්, අහමඩ් සාද්, මොහොමඩ් සුල්ෆි.

කිෂෝර් ජෙහාන් (පුහුණුකරු), මොහොමඩ් ෆස්ලි (සහය පුහුණුකරු), මොහොමඩ් අක්‍රම් (භෞත චිකිත්සක), අබ්දුල් වහිඩ් (අධ්‍යක්ෂක)  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<