රග්බි විනිසුරුවෝ රත්මලාන ප්‍රතික්ෂේප කරති

300

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියර නිමා වීමට තවත් එක් සති අන්තයක් පමණක් ඉතිරිව තිබිය දී රත්මලාන ගුවන් හමුදා රග්බි ක්‍රීඩාංගණය කාගේත් කතාබහට ලක්වන ක්‍රීඩා පිටියක් බවට පත්ව ඇත්තේ පසුගිය සති අන්ත කිහිපය පුරාවට එහි ඇතිවූ සිදුවීම් නිසාවෙනි.

කොරියාව හමුවේ යොවුන් ඇතුන් කබලෙන් ලිපට වැටේ

දෙසැම්බර් 14 වැනිදා ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සයවැනි සති අන්තයේ CR&FC ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය පැවැත්වුණේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදීයි. එහි දී ගුවන් හමුදා ක්‍රීඩකයෙකු තරින්ද රත්වත්ත වෙත කළ අනවශ්‍ය බාධා කිරීමක් පිළිබඳව තරග විනිසුරුවන් හා බලධාරීන් දැඩි අවධානය යොමු කර තිබේ.

ගුවන් ක්‍රීඩක රුමේෂ් වසන්ත රත්වත්ත හට භයානක බාධා කිරීමක් සිදු කළේ ඔහු පන්දුව රැක ගැනීමට සිටි අවස්ථාවකයි. එම බාධා කිරීම ඉතා භයානක හා විනය විරෝධී බව පෙනී ගිය අතර ඒ පිළිබඳව තරග කොමසාරිස්වරයා ද පරීක්ෂණයක් පවත්වනු ලැබීය.  

රුමේෂ් වසන්ත හට රතු කාඩ් පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කළ අතර පසුව පැවැත්වූ පරීක්ෂණයෙන් පසු ඔහුට තරග දෙකක තරග තහනමක් ද හිමි වූයේ පළමු වටයේ අවසන් තරගය මෙන්ම දෙවන වටයේ පළමු තරගය ද ඔහුට අහිමි කරමිනි.

මේ අතරම පස්වැනි සති අන්තයේ රත්මලාන ක්‍රීඩා පිටියේ දී විනිසුරුවරයෙකුට පහර දීමක් පිළිබඳව වාර්තා වූ අතර ඒ පිළිබඳව තවමත් නිල තීරණයක් ගෙන නොමැත.

ශ්‍රී ලංකා රග්බි විනිසුරුවරුන්ගේ සංගමය නිල ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ විනිසුරුරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු රත්මලානේ පැවැත්වෙන තරග සඳහා විනිසුරුවරුන් නම් කිරීමෙන් වැළකී සිටින බවයි.

චීන තායිපේ හමුවේ යොවුන් දළ ඇතුන් දණ ගසයි  

එම නිසාම ශ්‍රී ලංකා රග්බි ආයතනය මෙම කරුණ සම්බන්ධයෙන් නඩු විභාගයක් කිරීමට ඉතා ඉක්මනින් දිනයක් යොදා ගැනීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙම සිදුවීම පිළිබඳ සියලු ගැටලු නිරාවරණය වන තුරු රත්මලාන ක්‍රීඩාංගණයේ ගුවන් හමුදාව සත්කාරකත්වය දරන කිසිදු තරගයක් නොපැවැත්වෙනු ඇත.

දෙසැම්බර් 29 වැනිදා ගුවන් හමුදා – හැව්ලොක් තරගය පොලිස් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<