ඉන්දීය ක්‍රීඩකයෝ කොදෙව්වන් අභිබවා නැවත ඉස්සර වෙයි

540
India vs Windies

ඉන්දීය – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (29) මුම්බායි පිටියේ දී නිමා වූ සිවවැනි තරගයේ දී ලකුණු 224ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූ හ. ඒ අනුව තරගාවලියේ 2-1ක් ලෙසින් නැවත ඉදිරියට ඒමට ඉන්දියාව සමත් විය.

කෝලිගේ ශතකයට අගයක් නොලැබේ

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දීය..

මෙම තරගයේ දී සත්කාරක ක්‍රීඩකයෝ මුම්බායි පිටියේ වාර්තා වූ ඕනෑම කණ්ඩායමකට එරෙහිව රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව තමන් සන්තක කර ගත්හ. ඊට පෙර මෙම වාර්තාවේ හිමිකාරිත්වය රැඳී තිබුණේ බටහිර ඉන්දීය කොදෙව්වන් සතුව ය. ඒ ඔවුන් 2006 වසරේ දී ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී කඩුලු 6කට ලකුණු 234ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියාවට එරෙහි ව දියත් කළ ඉනිමයි.   

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 377ක් රැස් කළේය. එය මුම්බායි ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් අද වාර්තා පොත් අතරට එක් විය. ඊට පෙර මෙම වාර්තාවේ හිමිකාරිත්වය බටහිර ඉන්දීය කොදෙව්වන් සතු විය. ඔවුන් ඉන්දීය ඉනිමේ මේ ශතක දෙකක් විය. ඒ ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා සහ අම්බති රායුදු ගෙනි.

ශ්‍රී ලංකා තරුණ එක්දින සංචිතය නිකුත් වේ; නායකත්වය නිපුන්ට

බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ හෙට (30) ආරම්භ වන තරග පහකින් සමන්විත…

රෝහිත් ෂර්මා අද රැස් කළේ තම එක්දින තරග පිටියේ 21 වැනි ශතකයයි. පන්දු 137ක් පිටියේ රැඳී සිටි රෝහිත් හතරේ පහර 20ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 162ක් ලබා ගත්තේ ය. තරගයේ වීරයා ද ඔහු පළමු කඩුල්ල වෙනුවෙන් ෂිකර් ධවාන් හා එක්ව ලකුණු 71ක සබඳතාවක් ද ගොඩ නැගුවේය. ධවාන් පන්දු 40ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 38ක් ලබා ගත්තේ ය.

පෙර තරග ත්‍රිත්වයේ දී ශතක ලබා ගත් නායක විරාත් කෝලිට අද ලබා ගත හැකි වූයේ ලකුණු 16ක් පමණි. එම ලකුණු ප්‍රමාණය වෙනුවෙන් ඔහු පන්දු 17ක් වැය කළ අතර වාර්තා කර ගත හැකි වූයේ හතරේ පහර 2ක් පමණි.

අම්බති රායිදු තම ජාත්‍යන්තර එක්දින තරග පිටියේ රැස් කරන ලද තෙවැනි ශතකය අද රැස් කළේය. දෙවැනි ශතකයෙන් පසු වසර තුනකට පසුව ඔහුට මේ දක්ෂතාවට පිවිසීමට හැකි විය. පන්දු 81කට මුහුණ දුන් රායිදු හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තේ ය. රෝහිත් සහ රායිදු අතර තෙවැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 211කි.

මහේන්ද්‍ර සිං දෝනි පන්දු 15ක දී ලකුණු 23ක් ලබා ගත් අතර ඉනිම අවසන් වන විට කේඩර් ජාධව් නොදැවී ලකුණු 16ක් ද සහ රවින්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 7ක් ද ලබා සිටිය හ.

පන්දු යැවීමේ දී කෙමර් රොච් ලකුණු 74කට කඩුලු 2ක් දවා ගත්තේ ය. ඊට අමතරව ඈශ්ලි නර්ස් සහ කීමෝ පෝල් කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව්වන් පෙර තරගවල දැක්වූ දක්ෂතා එළියට ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. ඔවුන්ගේ පළමු කඩුලු 5 තුළ ලකුණු පුවරුව 47කට සීමා කිරීමට ඔවුන් සමත් වූහ.

තරගයේ ආරම්භක කඩුලු ද්විත්වය පස්වැනි පන්දු වාරයේ දී දැවී යෑම සංචාරක ක්‍රීඩකයන්ට දරා ගත නොහැකි වූ පාඩුවක් විය. ඒ වෙද්දී ලකුණු පුවරුව 20 රැඳී තිබුණි. අනතුරුව යැවුණ ඊළඟ පන්දු වාරයේ දී පෙර තරගයේ කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභි ෂායි හෝප් කිසිදු ලකුණක් නොදී දුවද්දී යෑමේ දී දවා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

කොදෙව් ඉනිමේ ගෞරවය රැක ගත් වීරයා වූයේ නායක ජේසන් හෝල්ඩර් ය. ඔහු පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා ගත්තේ ය. ඔහුට අමතරව මාලන් සමුවෙල් ලකුණු 18ක් ද, කීමෝ පෝල් ලකුණු 19ක් ද ලබා ගනිමින් කොදෙව් ඉනිමට තල්ලුවක් දුන්හ.

මාලිංග A කාණ්ඩයේ ක්‍රීඩකයෙකු ලෙස වෙන්දේසි වේ

6 වැනි වරටත් පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (BPL) ක්‍රීඩක වෙන්දේසිය..

කඩුලු ලබා ගැනීමේ දී කලීල් අහමඩ් ලකුණු 13කට කඩුලු 3ක් දවා ගනිමින් කොදෙව් ඉනිමේ ප්‍රධාන ප්‍රතිවාදී පන්දු යවන්නා විය. ඊට අමතරව කුල්ඩීප් යාදව් ද ලකුණු 42කට කඩුලු 3ක් දවා ගත්තේ ය. බුවනේෂ්වර් කුමාර් සහ රවින්ද්‍ර ජඩේජා කඩුල්ල බැගින් දවා ගත්හ.

ඉන්දියාව; කඩුලු 5ක් දැවී 377 (50) රෝහිත් ෂර්මා 162, ෂිකර් ධවාන් 38, අම්බති රායුදු 100, මහේන්ද්‍ර සිං දෝනි 23, කෙමර් රොච් 2/74

බටහිර ඉන්දීය කොදෙව්; සියලුම දෙනා දැවී 153 (36.2) මාලන් සැමුවෙල් 18, ජේසන් හෝල්ඩර් නොදැවී 54, කීමෝ පෝල් 19, කලීල් අහමඩ් 3/13, කුල්ඩීප් යාදව් 3/42

දෙරට අතර පැවැත්වෙන 5 වැනි සහ අවසන් එක්දින තරගය මේ නොවැම්බර් මස 01 වැනිදා තිරුවනාන්තපුරම් හි දී පැවැත්වීම නියමිතයි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<