“පාකිස්තානයට කිසිම සහතිකයක් දෙන්න බැහැ” – ICC

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

853

ආසියානු කුසලානය පිළිබඳව මතභේදාත්මක සිදුවීම් තවත් ඉදිරියට ගෙන ගියත් ලෝක කුසලානයට සහභාගී වීම ගැන කිසිදු ලිඛිත සහතිකයක් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලබා දී නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

“ඉන්දියාව පාකිස්තානයට යන එක හරි පාකිස්තානය ඉන්දියාවට එන හරි ඒ රටවල්වල ක්‍රිකට් පාලක මණ්ඩල මත නෙවෙයි තීරණය වෙන්නේ. පාකිස්තානයට බැහැ ගෝලීය තරගාවලියක් ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සහතික දෙන්න.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට වගේම පාකිස්තානයටත් රටේ රජය තමයි අවසරය දෙන්න ඕන. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට තීරණ ගන්න පුළුවන් රජයේ තීරණයට යටත්ව,” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

පාකිස්තාන කණ්ඩායම අහ්මදාබාද් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අතර ඔවුන් තරග කිහිපයක් දකුණු ඉන්දියානු නගර වන බැංගලෝර් සහ චෙන්නායි නුවර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අතරවාරයේ පාකිස්තානය යෝජනා කළ දෙමුහුන් තරගාවලි ආකෘතියට සාමාජික රටවල් විරෝධය දැක්වීමෙන් පසු ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කළ බව වාර්තා වනවා.

පාකිස්තානය යොමු කළ යෝජනාවට අනුව ඉන්දියාව සියලු තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ පාකිස්තානය සියලු තරග පාකිස්තානයේ ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

නමුත් සුපිරි වටයේ දී පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වරින් වර ගමන් කිරීමට විරෝධය දක්වමින් එම ආකෘතියට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය විරුද්ධ වී තිබෙනවා.

එම ගැටලුව ගැන ප්‍රකාශ කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සිල නිලධාරියෙකු ප්‍රකාශ කර තිබුණේ, තරගාවලිය ශ්‍රී ලංකාව වෙත ගෙන ගියොත් පාකිස්තානය එයට සහභාගී නොවන බවයි.

Sethi උත්සාහ කරනවා සියලු කණ්ඩායම් මෙම දෙමුහුන් ආකෘතියට එකඟ කර ගන්න. නමුත් පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වරින් වර ගමන් කිරීම කණ්ඩායම්වලට පහසු දෙයක් නෙවෙයි.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඉල්ලා සිටිනවා පාකිස්තානයෙන් සත්කාරක අයිතිය තවදුරටත් රඳවා ගන්න කියලා. ඒත් ඔවුන් ඒකට අකමැති වුවහොත් තරගාවලිය කණ්ඩායම් පහක තරගාවලියක් ලෙස පවත්වයි.”

දිනෙන් දින උණුසුම් වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<