ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට තවත් නව සාමාජික රටවල් හතරක් ඇතුළත් කර ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර ඇත.
දික්වැල්ලගේ අර්ධ ශතකය සමඟින් ලංකාව පෙරමුණේ
ඒ අනුව රටවල් 12ක් පමණක් අන්තර්ගතව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට ඊයේ (1) සිට ස්කොට්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නෙදර්ලන්තය හා නේපාලය ඇතුළත් වෙනු ඇත. එම නිසා මෙම එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට මේ වන විට සිටන රටවල් සංඛ්‍යාව 16ක්.
ස්කොට්ලන්තය මේ විට එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 13 වන ස්ථානය දිනා සිටින්නේ ලකුණු 417ක් සමඟ ප්‍රසාද ලකුණු 28ක් ලබාගෙන වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 236ක් සමඟ ප්‍රසාද ලකුණු 18ක් ලබාගෙන එම ලැයිස්තුවේ 14 වැනි ස්ථානය දිනාගෙන සිටී.
නේපාලය නිල වශයෙන් මේ ලැයිස්තුවට පිවිසීමට වරම් දිනා ගත්තත් ඔවුන්ට එහි ස්ථානයක් දිනා ගැනීමට තවත් එක්දින ජාත්‍යන්තර තරග කිහිපයක් ක්‍රීඩා කළ යුතුය. එසේම ස්කොට්ලන්තය මේ රටවල් 16 තුළට පිවිසීමට වරම් දිනා ගත්තේ, පසුගිය වර්ෂයේ පැවති ICC ලෝක කුසලාන ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වීම නිසයි. නේපාලය, නෙදර්ලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය පසුගිය දා නිමා වූ 2018 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ද සහභාගී වූ කණ්ඩායම් තුනකි.
අධිකරණයේ තීන්දුවෙන් ඇතිවූ ප්‍රශ්න බරපතළයි – සුමතිපාල
මේ වන විට (ජුනි 1) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙන නිල එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව පළමු ස්ථානය දිනා සිටින්නේ එංගලන්තය (ප්‍රසාද ලකුණු 125) වන අතර ඉන්දියාව (ප්‍රසාද ලකුණු 122) හා දකුණු අප්‍රිකාව (ප්‍රසාද ලකුණු 113) පිළිවෙළින් එහි දෙවන හා තෙවන ස්ථාන දිනා සිටී. එසේම ශ්‍රී ලංකාව එහි 8 වැනි ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 77ක් දිනා ගනිමිනි.
2018 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්තානය, සිම්බාබ්වේ, අයර්ලන්තය, ස්කොට්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පැපුවා නිව් ගිනියාව හා හොං කොං දේශය එකිනෙකා සමඟ තරග වැදුණු අතර අවසානයේ ඇෆ්ගනිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ එංගලන්තයේ පැවැත්වෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නිතරගයෙන් සුදුසුකම් ලබාගත් කණ්ඩායම් 8ට අමතරවයි.
එම අවසන් මහා තරගයේ දී ඇෆ්ගනිස්තානය හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය විය. කෙසේ නමුත් එම කණ්ඩායම් දෙකටම 2019 ලෝක කුසලාන තරගාවලියට පිවිසීමට හැකි විය.
එංගලන්තය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ මාස 12කට ආසන්න කාලයකි.
තිසර ලෝක කණ්ඩායමේ නම්බුව බේරයි; ජය කොදෙව්වන්ට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ ඊයේ (31) පැවති විස්සයි…..
ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම (ජුනි 1 වන විට)
- එංගලන්තය (ප්‍රසාද ලකුණු 125)
- ඉන්දියාව (ප්‍රසාද ලකුණු 122)
- දකුණු අප්‍රිකාව (ප්‍රසාද ලකුණු 113)
- නවසීලන්තය (ප්‍රසාද ලකුණු 112)
- ඕස්ට්‍රේලියාව (ප්‍රසාද ලකුණු 104)
- පාකිස්තානය (ප්‍රසාද ලකුණු 102)
- බංග්ලාදේශය (ප්‍රසාද ලකුණු 93)
- ශ්‍රී ලංකාව (ප්‍රසාද ලකුණු 77)
- බටහිර ඉන්දීය කොදෙව් (ප්‍රසාද ලකුණු 69)
- ඇෆ්ගනිස්තානය (ප්‍රසාද ලකුණු 63)
- සිම්බාබ්වේ (ප්‍රසාද ලකුණු 55)
- අයර්ලන්තය (ප්‍රසාද ලකුණු 38)
- ස්කොට්ලන්තය (ප්‍රසාද ලකුණු 28)
- එක්සත් අරාබි එමීර් රාජ්‍යය (ප්‍රසාද ලකුණු 18)
(*නෙදර්ලන්තය හා නේපාලය ජාත්‍යන්තර ක්‍රිකට් තරග හතරක් ක්‍රීඩා කළ පසුව මේ ලැයිස්තුවට ඇතුළත් වනු ඇත.)
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<