මින්ටොනෙට් හා බැඳුණු වොලිබෝල් කතාන්දරය

2202

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් ඒ “වොලිබෝල්” කියලා හැමෝම දන්නවා. නමුත් බොහෝ දෙනෙක් දන්නේ නෑ වොලිබෝල් ක්‍රීඩාවේ ඉතිහාසය හා එහි ආරම්භය සිදුවුනේ කොහොමද කියලා.

ආසියාවේ මුල් දහයට ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමක්

ඊයේ (05) දිනයේ දී නිමාවට පත්වූ ආසියානු කාන්තා අන්තර් සමාජ වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකාව….

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට වොලිබෝල් ක්‍රීඩාවට ප්‍රධාන තැනක් හිමිවී තිබෙනවා. පසුගිය සති කිහිපය තුළ වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතා කිහිපයක්ම දැකගන්නට හැකිවුනා.

වොලිබෝල් ක්‍රීඩාවේ ආරම්භය සිදුවන්නේ 1895 වසරේ පෙබරවාරි 9 වනදා ඇමරිකා එක්සත්  ජනපදයේ Massachusetts හිදීයි. එම ජනපදයේ තරුණ ක්‍රිස්තියානි සංගමයේ (YMCA) ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂක විලියම් ජී. මෝගන් මහතා විසින් ක්‍රීඩකයන් ඕනෑම සංඛ්‍යාවකට ගෘහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට සුදුසු “මින්ටොනෙට්” ලෙස හැඳින්වූ විනෝදාංශයක් නිර්මාණය කරනු ලැබීමත් සමඟ වොලිබෝල් ක්‍රීඩාවේ උපත සිදුවුනා.

මෙම ක්‍රීඩාවේ සමහර ලක්ෂණ වලට අභාෂය ලැබී තිබෙන්නේ ටෙනිස් (Tennis) සහ අත්පන්දු (HandBall) ක්‍රීඩා වලින්. ඊට අවුරුදු 4කට පෙර, Massachusetts සිට සැතපුම් 10ක් පමණ ඈතින් පිහිටි Springfield නගරයේදී තවත් ගෘහස්ථ ක්‍රීඩාවක් වන “පැසිපන්දු ක්‍රීඩාව” (Basketball) නිර්මාණය වුනා. ඒ වනවිට ප්‍රදේශයේ ජනප්‍රිය වෙමින් තිබුණු පැසිපන්දු ක්‍රීඩාව තරම් මින්ටොනෙට් ක්‍රීඩාව රළු ක්‍රීඩාවක් නොවුනු අතර එය ගෘහස්ථව (Indoor) ක්‍රීඩා කිරීමට නිර්මාණය කර තිබුනා. මින්ටොනෙට් ක්‍රීඩාව සඳහා සුළු ක්‍රීඩා පුහුණුවක් පමණක් අවශ්‍ය වූ නිසා මෙය තරුණ ක්‍රිස්තියානි සංගමයේ වැඩිහිටි සාම‍ාජිකයන්ට ක්‍රීඩා කිරීමට හැකිවන ආකාරයට නිර්මාණය කර තිබුනා.

විලියම් ජී. මෝගන් මහතා



මෝගන් මහතා විසින් සටහන් කර ඇති ආකාරයට මින්ටොනෙට් ක්‍රීඩාවේ මුල්ම නීති වන්නේ අඩි 6යි අඟල් 6ක් (මීටර 1.98) උස දැලක්, වර්ග අඩි 25 x 50 (වර්ග මීටර 7.6 x 15.2) ප්‍රමාණයේ ක්‍රීඩා පිටියක් සහ ඕනෑම සංඛ්‍යාවක ක්‍රීඩකයින් පිරිසක්. එක් තරගයක් ඉනිම් 9කින් සමන්විත වුනා වගේම සෑම ඉනිමක් සඳහාම එක් එක් කණ්ඩායමකට පන්දු පිරිනැමීම් (Serves) 3ක් හිමිවුනා.

කණ්ඩායම් 2කටම පන්දුව ප්‍රතිවාදී පිටියට යැවීමට, ඕනෑම වාර ගණනක් පන්දුවට පහර දීමට අවස්ථාව ‍ලබාදී තිබුනා. පන්දුව පිරිනැමීමේදී සිදුවන වැරදීම් වලට (serving error) දෙවන වරටද උත්සාහ කළ හැකිවුනා. පළමු පන්දු පිරිනැමීමේ උත්සාහයේදී හැර දැලට පන්දුවෙන් ගැසීම ක්‍රීඩා නීතිවලට විරුද්ධ ලෙස සැලකුණා වගේම එමඟින් එක් ලකුණක් අහිමි වීම හෝ අනෙක් කණ්ඩායමට පන්දුව පිරිනැමීම හිමිවුනා.

ක්‍රිකට් වෙනස් වුණු ලෝක කුසලානේ සංධිස්ථාන

දිනෙන් දින ලෝකය දියුණුවට පත්වනවා සේම ක්‍රිකට් ක්‍රීඩාව ද අදහා ගත නොහැකි පරිවර්තනයකට ලක්වී….


1896 වසරේදී ජාත්‍යන්තර YMCA පුහුණු පාසලේදී (වර්තමානයේදී Springfield College ලෙස හැඳින්වේ) පැවැත්වුනු ප්‍රථම ප්‍රදර්ශන තරගයේදී ඇල්ෆ්‍රඩ් හැල්ස්ටෙඩ් විසින් මෙම ක්‍රීඩාවේ ඇති පන්දුව බිම පතිත වීමට පෙර පහර දීමේ ස්වභාවය (volleying nature) නිරීක්ෂණය කළ අතර පසුව එය “වොලිබෝල්” ලෙස හඳුන්වනු ලැබුවා. ආරම්භයේදී මෙය “වොලි බෝල්” (Volley ball) ලෙස වචන 2කට ලියනු ලැබූ අතර ජාත්‍යන්තර YMCA පුහුණු පාසල විසින් වොලිබෝල් ක්‍රීඩාවේ නීතිරීති සුළු වශයෙන් වෙනස් කර මෙම ක්‍රීඩාව රට වටා පිහිටි අනෙකුත් තරුණ ක්‍රිස්තියානි සංගම් (YMCA) වලට හඳුන්වා දෙනු ලැබුවා.

මුල් කාලයේදී වොලිබෝල් ක්‍රීඩාවේ එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් නව දෙනෙකු (09) ඇතුළත් වුනා. නමුත් 1920 වසර වනවිට එම ක්‍රීඩකයන් ගණන හය දෙනෙකු (06) දක්වා අඩු වුනා.

වොලිබෝල් ක්‍රීඩාව සටන්කාමී ක්‍රීඩාවක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. එයට හේතුව පන්දුව ලබාගෙන වෙන අයෙකුට යොමු කිරීමත්, එයට තද පහරක් එල්ල කිරීමත් සිදුවන නිසයි. වොලිබෝල් ක්‍රීඩාව වියදම් රහිත ක්‍රීඩාවක්. ඒ වගේම වැඩි කාලයක් වැය නොවන සහ වැඩි ඉඩක් ද අවශ්‍ය නොවන ක්‍රීඩාවක්. ඒ හේතු නිසාම ආසියාවේ පාසල් අතර මෙම ක්‍රීඩාව ඉක්මණින් ව්‍යාප්ත වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස 1913 වසරේදී වොලිබෝල් ක්‍රීඩාව පෙරදිග ක්‍රීඩා උළෙලට ඇතුළත් වුනා.

දැලකින් සමාන කොටස් දෙකකට වෙන් කරන ලද ක්‍රීඩා පිටියක, එක් පිළකට හය (06) දෙනා බැගින් වූ කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන ක්‍රීඩාවක් ලෙස වොලිබොල් ක්‍රීඩාව හඳුන්වන්න පුළුවන්. තම පිළට පැමිණි පන්දුව දැලට ඉහළින් විරුද්ධ පිළට යොමු කිරීම මෙහිදී මුලිකව සිදුවන අතර පන්දුව විරුද්ධ පිළෙහි පිටිය තුළ පතිත කිරීමෙන් හෝ සිදුවන වෙනත් වරදක් නිසා ලකුණක් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

ලසිඳු, ජනිත ප්‍රමුඛ වරාය ක්‍රීඩකයින්ගෙන් ඓතිහාසික ජයක්

චීන තායිපේ හි පැවති 2019 ආසියානු අන්තර් සමාජ පිරිමි වොලිබෝල් තරගාවලියේ 5 වැනි ස්ථානය දිනා….


ක්‍රීඩා පිටියේ ස්ථානගත වී සිටින ක්‍රීඩකයන් අතුරින් පසුපෙළෙහි දකුණු පැත්තේ සිටින ක්‍රීඩකයා ප්‍රතිවාදී පිළට පන්දුව යොමුවන සේ පිරිනැමීම තුළින් තරගය ආරම්භ වේ. මේ ආකාරයටම තම පිළට යොමුවන පන්දුව තෙවරක් ස්පර්ශ කර ආපසු යැවිය යුතුය. එක් ක්‍රීඩකයෙකුට එකපිට දෙවරක් පන්දුව ස්පර්ශ කිරීමට අවස්ථාව නොලැබේ. පන්දුව තම පිළ තුළ පතිත වීම, නැවත ප්‍රතිවාදී පිළට පන්දුව යැවීමට අපොහොසත් වුනොත් හෝ වෙනත් යම් වරදක් සිදුවූ විට ප්‍රතිවාදී පිළට ලකුණු ලැබේ. කණ්ඩායමක් ලකුණක් හිමි කරගන්නා සෑම අවස්ථාවකම පන්දුව පිරිනැමීමේ අවස්ථාව එම කණ්ඩායමට ලැබෙන අතර නව පිරිනැමීමේ අවස්ථාවක් හිමිවූ කණ්ඩායමේ ක්‍රීඩකයන් සෑම කෙනෙකුම ඔරලෝසු කටු කරකැවෙන දිශාවට අනුකූලව එක් ස්ථානයක් ගමන් කළ යුතුවේ.

තවත් වොලිබෝල් ක්‍රීඩාව ගැන ඔබ නොදත් හා ඔබ සතු දැනුම වර්ධනය කර ගැනීමට ThePapare.com සමඟ නොකඩවාම එක්වන්න.

                                >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<