දකුණු ආසියාවේ කඟවේනා ලෝක ගෘහස්ත ශූරතාවයට

411
දකුණු ආසියාවේ කඟවේනා ලෝක ගෘහස්ත ශුරතාවයට

පසුගියදා පැවති 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උලලෙදී වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වූ හිමාෂ එ්ෂාන් එළබෙන මාර්තු මස 17 සිට 20 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ පොර්ට්ලන්ඩ් (Portland) හිදී පැවැත්වීමට නියමිත 16 වන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන අතර ඔහු සමඟ ඔහුගේ පුහුණුකරු චමින්ද පෙරේරා මහතා ද සංචාරයට එක් වීමට නියමිතය.

හිමාෂ එහිදී 60m සඳහා සහභාගි වේ. ඔහු සහභාගි වන මුලික වටයේ තරගය 18 වන දා පැවැත්වෙන අතර, අවසන් පූර්ව හා අවසන් තරග ද එදිනම සන්ද්‍යාවේදී පැවැත්වේ.

2001, 2003 හා 2010 දී පැවති ලෝක ශූරතාවයට පමණක් මෙතක් ශ්‍රී ලංකාව සහභාගි වී ඇති අතර 2001 දී සුසන්තිකා ජයසිංහ 200m ඉසව්වෙන් 4වන ස්ථානයට පත්ව ඇත.

පසුගියදා කටාර් හිදී නිමාවට පත්වූ ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා උලෙලට බලධාරීන් විසින් හිමෂ ව තරගයට ඉදිරිපත් නොකල අතර එහිදී පදක්කම් දිනා දුන් නිමාලි ලියනාරච්චි සහ මංජුල විජේසේකර ලෝක ශූරතාවය සඳහා සහභාගි නොවේ.