දිනූක සහ තිළිණි අම්බලන්ගොඩ බැඩ්මින්ටන් උරුමය රැක ගනී

231

දේශීය බැඩ්මින්ටන් පිටියේ අම්බලන්ගොඩ ක්‍රීඩකයින් විසින් මෙතෙක් රැකගෙන ආ උරුමය තව දුරටත් රැක ගැනීමට දිනූක කරුණාරත්න සහ තිළිණි හෙන්දහේවා සමත් වූ සති අන්තයක් පසුගිය දා නිමාවට පත්විය. ඒ දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමය මගින් සංවිධානය කළ හැළඹගේ ප්‍රේමසිරි අනුස්මරණ කුසලාන විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ කුසලාන මේසයේ ප්‍රමුඛ ඉසව් වෙනුවෙන් වෙන්කර තිබූ කුසලාන වැඩි ප්‍රමාණයක් ඔවුන් විසින් දිනා ගනිමිනි.

රූකඩ නිජබිමේ ඇවිලෙන බැඩ්මින්ටන් අරගලය 10දා සිට

ශ්‍රී ලාංකේය බැඩ්මින්ටන් ඉතිහාසයේ අම්බලන්ගොඩ සලකුණ තැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට…

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 780කට අධික ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනූක කරුණාරත්න විසින් ද විවෘත කාන්තා ශූරතාව තිළිණි හෙන්දහේවා විසින් ද දිනා ගත්හ. ඔවුන් දෙදෙනාම ශූරතා ද්විත්වය බැගින් දිනා ගැනීමට සමත් වීම කැපී පෙණුනි.

විවෘත පිරිමි ඒකළ ඉසව්වේ අවසන් තරගයේ දී දිනූක කරුණාරත්න විසින් බුවනෙක ගුණතිලක තරග වට 2-0ක් ලෙසින් ඉතා ලෙහෙසියෙන්ම පරාජය කළේය. මෙම තරගාවලියේ විවෘත ඒකළ ඉසව්ව වෙනුවෙන් නිලූක කරුණාරත්න සහභාගී නොවීම කැපී පෙණුනි. කෙසේ වෙතත් නිලූක තම සොයුරු දිනූක සමඟ එක්වෙමින් විවෘත පිරිමි යුගල ඉසව්වට සහභාගී වෙමින් එහි ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඔවුන් දෙදෙනා වෙතින් 2-0ක් ලෙසින් බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් පරාජයට පත් විය.

බැඩ්මින්ටන් ක්ෂේත්‍රයේ වසර 17ක් පුරා නිරත ව සිටින කරුණාරත්න සහෝදරයෝ තව දුරටත් තම ආධිපත්‍යය මෙම තරගාවලියේ දී ද රැක ගැනීමට සමත් වීම කැපී පෙණුන අතර නිලූක, දිනූක සහ දිලූක කරුණාරත්න ත්‍රිත්වය තරගාවලිය පුරා විවිධ ඉසව්වලින් දක්ෂතා දැක්වූහ.

දිනූක සහ නිලූක තරගාවලියේ ශූරතා දිනා ගත්ත ද දිලූක, දිනූකට අනෙක් අන්තයෙන් පැමිණෙමින් විවෘත පිරිමි ඒකළ ඉසව්වේ අවසන් පූර්ව වටයේ දී බුවනෙක ගුණතිලක වෙතින් පරාජයට පත් විය. එසේ නොවුණි නම් එම ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනුයේ කරුණාරත්න සහෝදරයන් ය.

ජාතික දැල්පන්දු සංචිතයට තේරීමේ තරග

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියානු දැල්පන්දු ශූරතාවය සඳහා ආරම්භක සංචිතයක් තෝරා…

තරගාවලියේ විවෘත කාන්තා ඒකළ ඉසව්වේ අවසන් තරගය තිළිණි හෙන්දහේවා සහ කාවින්දිකා ඉෂාදි අතර පැවතුණි. එම තරගයෙන් තිළිණි හෙන්දහේවා ජයගත් අතර ඇය කවිදි ඉෂාදිකා හා එක්ව විවෘත කාන්තා යුගල ඉසව්වේ දී මදුෂිකා දිල්රුක්ෂි සහ කාවින්දිකා ඉෂාදි පරාජය කරමින් ද්විත්ව ශූරතාවන්ට හිමිකම් කීවාය.

තරගාවලියේ පැවති අනෙක් විශේෂ ඉසව්ව වූ මිශ්‍ර යුගල ඉසව්වේ දී නිලූක කරුණාරත්න සහ රේණු චන්ද්‍රිකා 1-2ක් ලෙසින් පරාජය කිරීමට බුවනෙක ගුණතිලක සහ කවිදි ඉසන්දිකා සමත් වූහ.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර එම අවස්ථාවට දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමයේ සභාපති හැළඹගේ වසන්ත කුමාර සහ ලේකම් බුද්ධික ද සිල්වා යන මහත්වරුන්ගේ ආරාධනාවෙන් හිටපු සභාපතිවරුන් වූ පරාක්‍රම බස්නායක, සුරාජ් දන්දෙණිය, එම්. ජුමාල්ඩීන් යන මහත්වරුන් ද සහ හිටපු උප සභාපති රොහාන් ද සිල්වා මහතා ද සහභාගී වූ අතර දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමයේ හිටපු සභාපති හැළඹගේ ප්‍රේමසිරි මහතාගේ ගුණ සමරමින් බිරිඳ දීපා නිලත්ති මහත්මිය සහ පුත් තනුර හැළඹගේ යන මහත්වරුන් ද සහභාගී වූහ.

තරග ප්‍රතිඵල

විවෘත පිරිමි ඒකළ

දිනූක කරුණාරත්න විසින් බුවනෙක ගුණතිලක පරාජය කරන ලදි.

විවෘත කාන්තා ඒකළ

තිළිණි හෙන්දහේවා විසින්  කාවින්දිකා ඉෂාදි  පරාජය  කරන  ලදි.

විවෘත පිරිමි යුගල

නිලූක කරුණාරත්න සහ දිනූක කරුණාරත්න විසින් බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් පරාජය කරන ලදි.

විවෘත කාන්තා යුගල

තිළිණි හෙන්දහේවා සහ කවිදී ඉෂාදිකා විසින්  මදුෂිකා  දිල්රුක්ෂි සහ කාවින්දිකා සිල්වා පරාජය  කරන ලදි.

මිශ්‍ර යුගල

බුවනෙක  ගුණතිලක සහ කවිදී ඉසන්දිකා විසින් නිලුක කරුණාරත්න සහ රේණු චන්ද්‍රිකා පරාජය කරන ලදි.

වයස 19න් පහළ බාලක ඒකළ

චිරත් ඉලේපෙරුමආරච්චි විසින් විකුම් ප්‍රනාන්දු පරාජය කරන ලදි.   

වයස 19න් පහළ බාලිකා ඒකළ

නදීරා ගුණවර්ධන විසින් ගීත්මි අබේරත්න පරාජය කරන ලදි.

වයස අවුරුදු 19න් පහළ බාලක යුගල

විකුම් ප්‍රනාන්දු සහ ලසන්  මෙන්ඩිස්  විසින් චිරත් ඉලේපෙරුමආරච්චි සහ චමත් ඩයස් පරාජය කරන ලදි.

වයස අවුරුදු 17න් පහළ බාලක ඒකළ

තුලිත් පල්ලියගුරු විසින් චනිරු මිරැන්ඩෝ පරාජය කරන ලදි.

වයස 17න් පහළ බාලිකා ඒකළ

දිල්මි ඩයස් විසින් ජනනුවනි අමන්දා පරාජය  කරන  ලදි.

වයස 17න් පහළ බාලක යුගල

රවිඳු රණවීර සහ දිඝායු කහටපිටිය විසින් අනුල් විජේතුංග සහ රශ්මිත දිනුරු පරාජය කරන ලදි.

වයස 17න් පහළ බාලිකා යුගල

අනුරංගි මාසකෝරාළ සහ දිල්මි ඩයස් විසින් විශ්මි එදිරිසිංහ සහ මනුකි චන්ද්‍රසේකර පරාජය කරන ලදි.

වයස අවුරුදු 15න් පහළ බාලක ඒකළ

හිමාල් පෙරේරා විසින් චලිත් කුමාරප්පෙරුම පරාජය කරන ලදි.

වයස 15න් පහළ බාලිකා ඒකළ

සුහස්නි විදානගේ විසින් අෂිනි ඉෂාරා පරාජය කරන ලදි.

වයස 15න් පහළ බාලක යුගල

නීතික ජයතිලක සහ චනිරු මිරැන්ඩෝ විසින්  හිමාල් පෙරේරා සහ කවීෂ අබේසිංහ පරාජය කරන ලදි.

වයස 15න් පහළ බාලිකා යුගල

තිසුනි මිදාරා සහ සෙනුජි ලවන්දි විසින් සුහස්නි විදානගේ සහ හිරුෂි ප්‍රියංවදා පරාජය කරන ලදි.

වයස 13න් පහළ බාලක ඒකළ

විදුෂ් රශ්මික විසින් තෙවිනු වීරක්කොඩි පරාජය කරන ලදි.

වයස 13න් පහළ බාලිකා ඒකළ

සෙනුජි ලවන්දි විසින් තෙවනි තිසන්දී පරාජය කරන ලදි.

වයස 11න් පහළ බාලක ඒකළ

හිරුක සහන්මිත් විසින් විකුම් තත්සිලු පරාජය කරන ලදි.

වයස 11න් පහළ බාලිකා ඒකළ

රනිත්මා ලියනගේ විසින් දසිත්මා  ජයතිලක  පරාජය  කරන ලදි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<