Ravi Shastriගෙන් ඊළඟ නායකයා ගැන අනාවැකියක්

2584
(Social News)

හිටපු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු Ravi Shastri විසින් මීළඟ ඉන්දීය නායකයා පිළිබඳව අනුමානයක් පළ කර තිබෙනවා.

ඔහු පවසා සිටින්නේ KL Rahul හා Shreyas Iyer ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීමට ඉඩ ඇති බවයි. ඔහු මේ අදහස් පළ කළේ තමාගෙන් පසුව ඉන්දිය කණ්ඩයමේ පුහුණුකාරීත්වය භාර ගත් Rahul Dravid හා ඉන්දීය කණ්ඩායමේ නව මුහුණුවර ගැන විමසූ පැනයක දීයි.

“Rahul Dravid තමාගේ රාජකාරිය හොඳින් දානවා. KL Rahul ඉන්නවා, ඒ වගේම Shreyas Iyerටත් හොඳ නායකත්ව ගතිගුණ තිබෙනවා. විශේෂයෙන්ම සීමිත පන්දුවාර ආකෘතියේ”, Shastri පවසා තිබුණා.

දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන්නේ KL Rahul. ඔහුට තනතුර හිමි වුනේ Rohit Sharma ආබාධයක් නිසා දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත් වූ නිසයි.

Virat Kohliගේ සහයට Rohit Sharma ටෙස්ට් උපනායකයා ලෙස නම් කළේ මිට දින කිහිපයකට පෙර වීම විශේෂත්වයක්. Rahul 2020, 2021 වසරවල දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Punjab Kings කණ්ඩායමේ නායකත්වය දැරුවා.

Iyerට තවමත් ඉන්දීය කණ්ඩායමේ නායකත්වය වගකීමක් හිමිව නැහැ. Iyer පසුගිය නොවැම්බර් මාසයේ දී නවසීලන්තයට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගත්තා. ඔහු 2019 වසරේ දී Delhi Capitals කණ්ඩායමේ නායකත්වය දැරූ අතර ඔහුගේ නායකත්වය යටතේ Delhi Capitals අවසන් කණ්ඩායම් හතරට පිවිසෙන්නටත් සමත් වුනා.

ඔවුන් එම දස්කම දක්වන්නට සමත් වුනේ තරගාවලි 7කට පසුව වීම විශේෂත්වයක්. 2020 වසරේ දීත් ඔහු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර එහි දී Delhi Capitals අවසන් මහා තරගය දක්වා පැමිණෙන්නට සමත් වුනා.

2021 වසරේ IPL තරගාවලියේ පළමු භාගය ඔහුට ආබාධයක් නිසා මග හැරුණු අතර එතැන් සිට Delhi කණ්ඩායම මෙහෙය වීමේ වගකීම හිමි වුනේ Rishbah Pant හටයි.

Kohliව ඉවත් කිරීමේ තීරණය ගැන අදහස් පළ කරමින් Shastri මෙසේ පවසා සිටියා.Virat කිව්වම ඔහුට විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවන්න බැහැ කියලා. ඒ සමඟම Rohit Sharmaට කණ්ඩායමේ නායකත්වය හිමි වුනා. ඔහු තමයි සීමිත පන්දුවාර නායකයා විය යුත්තේ.”

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<