මෙච්චර හොඳට සෙල්ලම් කළේ ආබාධයක් එක්ක ද?

62

නවසීලන්ත සුපිරි ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා මෙවර ලෝක කුසලානයේදීත් සුපිරි දස්කම් දක්වන්නේ පාදයේ ආබාධයකින් පීඩා විඳිමින් බව ඔබ දන්නවා ද?

දකුණු අප්‍රිකානු හා කැනඩා තරගවල දී Beauden Barrett සුපිරි දස්කම් දැක්වූ ආකාරය දුටු විට ඔබට ඔහු ආබාධයකින් පීඩා විඳින බව තේරුණේ නැහැ නේද? ඒ නිසාමයි ඔහු මේ වන විට ලොව සිටින හොඳම රග්බි ක්‍රීඩකයා වන්නේ. කෙසේ වෙතත් Beauden Barrett මේ වන විට සිටින්නේ සංක්‍රාන්ති සමයකයි. 

2019 රග්බි ලෝක කුසලානය උඩු යටිකුරු කළ හොඳම 7

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ අදියරේ අවසන් තරග වටය….

ෆ්ලයි හාෆ් සිට ෆුල් බැක් ස්ථානයට මාරු වී සිටින මේ සුපිරි ක්‍රීඩකයා දකුණු අප්‍රිකාවට එරෙහිව යොකොහොමා හිදී පැවැත්වුණු තරගයේ දී තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තේ විශිෂ්ට දස්කම් දක්වමින්. 

දෙවන තරගයේ දී තරගයේ වීරයා සම්මානය ඔහුට නූලෙන් ගිලිහුනත්, ආරක්ෂක ක්‍රීඩකයින්ගෙන් ගිලිහි ඉදිරියට ගිය අවස්ථා තුනක් මෙන්ම ආරක්ෂක ක්‍රීඩකයින් හතක් මග හැර මීටර 149ක් තරගය පුරා ධාවනයේ දී සිටි ඔහු එම තරගයත් උඩු යටිකුරු කරන්නට සමත් වුනා. 

ඒ සියලු දස්කම් මැද්දේ ජාත්‍යන්තර මාධ්‍ය මේ සතියේ දී වාර්තා කර තිබුණේ දෙවරක් වසරේ රග්බි ක්‍රීඩකයා වුන Barrett පාදයේ ආබාධයක් නිසා 100%ක් ශාරීරික සුවතාවයෙන් නොසිටින බවයි. 

“මම තවම හොඳටම හොඳින් නෙවේ. තවත් පොඩි පොඩි අමාරුකම් කිහිපයක් තියෙනවා.”, Barrett ටෝකියෝ හිදී පවසා තිබුණා.

“ඕල් බ්ලැක්ස්” රසිකයින්ට සුබ පුවතක් ගෙනෙමින් ඔහු පවසා සිටියේ මෙය කුඩා ආබාධයක් බවත්, ඔහුට දැනට ලොකු අපහසුතාවයන් නැති බවත්ය. එය ලබන සෙනසුරාදා ඉතාලියට නම් එතරම් හොඳ පුවතක් නොවන්නේ ඔවුන්ට B කාණ්ඩයේ තරගයක් ලෙස නවසීලන්ත කණ්ඩායමට මුහුණ දීමට සිදුවන නිසයි.

නවසීලන්තය හමුවේ ඉතාලියේ ලෝක කුසලාන වාර්තාව එතරම් සාර්ථක නැහැ. ඔවුන් නවසීලන්තයට එරෙහිව තරග පහක් පරාජයට පත් වී තිබෙන අතර එකදු තරගයක් හෝ ජය ගෙන නැහැ. 

නවසීලන්ත කණ්ඩායම ඉතාලියට එරෙහිව එක් තරගයක දී ලකුණු 60ක සාමාන්‍යයක් රඳවා ගැනීම විශේෂත්වයක්. ඉතාලියට මෙන්ම අනෙක් කණ්ඩායම්වලට ද මෙවර මුහුණ දීමට සිදු වන්නේ නව ස්ථානය පිළිබඳ දැඩි ආත්ම විශ්වාසයකින් සිටින, පන්දුව තමන්ගේ අතේ වැඩි කාලයක් රඳවා ගෙන තමන් රිසි සේ ඉඩ කඩ හසුරුවාගෙන සිය මායාවෙන් අනෙක් කණ්ඩායම් මුලා කරන අලුත්ම Beauden Barrett කෙනෙකුයි.

*2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ  තරග දෙකක් Hagibis සුළි කුණාටුව නිසා අවලංගු කිරීමට ජපාන රග්බි බලධාරීන් තීරණය කර තිබේ. ඒ නවසීලන්ත ඕල් බ්ලැක්ස් – ඉතාලිය අතර තරගය හා එංගලන්ත – ප්‍රංශ තරගයයි. 

Hagibis නිසා තරග දෙකක් අවලංගුයි

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියෙ තරග දෙකක් Hagibis සුළි කුණාටුව නිසා….

“මම මේ අලුත් ස්ථානයේ ක්‍රීඩාව ඉතාම රස විඳිමින් ක්‍රීඩා කරනවා. හැමදේම හොඳින් “ Barrett පවසා සිටියා.

“එය විශිෂ්ටයි. Richie (Mo’unga, දැන් අංක 10 ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කරන්නේ Barrettගෙන් තරග හසුරුවන්නා තනතුර ද ලබා ගනිමින්. ඔවුන් දෙදෙනාගේ සංකලනය මෙතෙක් ඉතා සාර්ථකයි) සහ මම ගොඩක් කතා කරනවා. අපි අලුත් ක්‍රම විධි සාකච්ඡා කරනවා එකිනෙකා හා පන්දුව හුවමාරු කරමින් කොහොමද ඉඩ කඩ සකසා ගන්නේ කියලා.”

2019 ලෝක කුසලානයේ මෙතෙක් Beauden Barrettගේ දක්ෂතා  

  • තරග 2
  • ක්‍රීඩා කළ කාලය – මිනිත්තු 160
  • උත්සාහක දිනුම් – 1 
  • උත්සාහක දිනුම් සඳහා සහය දීම් – 2 
  • carries – 31
  • පන්දුවත් සමඟ ධාවනයේ යෙදීම් – 198m
  • ආරක්ෂක ක්‍රීඩකයින් මඟ හැරීම් – 14
  • clean breaks – 4 
  • පන්දු හුවමාරු කිරීම් – 30
  • Offloads – 2 
  • ලකුණු – 8 (එක් උත්සාහක දිනුමක්, එක් දඬුවම් පහරක්)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<