ඕස්ට්‍රේලියාවේ ප්‍රබල තුරුම්පුව තෙවැනි තරගයට නැහැ

372

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ස්ටීව් ස්මිත් ක්‍රීඩා නොකරන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් අද (20) මාධ්‍ය වෙත තහවුරු කළේය.

ස්මිත්ගේ ආදේශකයා නිසා කැන්ගරුවෝ තරගය බේරා ගනිති!

සුප්‍රසිද්ධ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී ක්‍රියාත්මක වූ අළු බඳුන දෙවැනි ටෙස්ට් තරගය ඊයේ (18) නිමාවට පත්වූයේ…

දෙරට අතර පසුගිය දා ජය පරාජයෙන් තොරව නිමා වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේ දී වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් එවූ බවුන්සර් පන්දුවක් ස්මිත්ගේ හිස පිටුපස කොටසේ වැදීම නිසාවෙන් එම තරගය අතරතුර ඔහු තරගයෙන් ඉවත් විය. 

ඒ නිසාවෙන් මාර්නස් ල’බුශේන් කණ්ඩායමට ඇතුළත් කළ අතර එය එසේ කිරීමට හැකි වූයේ අගෝස්තු පළමු වැනිදා සිට මොළයේ සෙලවීමක් නිසාවෙන් ආබාධයකට ලක්වූ ක්‍රීඩකයෙකු වෙනුවට ඒ ආකාරයේම වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට ICCය අවස්ථාව ලබා දුන් නිසාවෙනි.

ස්මිත් අද දිනයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පුහුණුවීම් සඳහා ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටිය ද වෛද්‍යවරුන් ඔහු වෙත ලබා දී තිබූ උපදෙස් අනුව ක්‍රියා කරමින් පුහුණුවීම් සඳහා සහභාගී වූයේ නැත. අනතුරුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන්, පුහුණුකරු ඇතුළු කණ්ඩායමේ වෛද්‍යවරුන් සමඟ කළ සාකච්ඡාවකට පසුව මේ මස 22 වැනිදා ආරම්භ වන  තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ද ස්මිත්ව විවේක ගැන්වීමට ඔවුන් ඒකමතිකව තීරණය කර ඇත්තේ ඔහුගේ ඉදිරි සෞඛ්‍ය තත්වය පිළිබඳව සැලකිලිමත් වෙමිනි.

අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ටෙස්ට් තරග දෙකක දී ඉනිම 3කට ක්‍රීඩා කළ ස්මිත් ශතක දෙකක් සමඟින් ලකුණු 378ක් වාර්තා කරගත්තේ ඉතාමත් හොඳ දල ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. 

කෙසේ නමුත් දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග 5කින් සමන්විත අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වූ නිසා තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසුවන්නේ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. 

දෙවන ටෙස්ට් තරගයට දිල්රුවන් කැඳවයි

දක්ෂ දඟපන්දු යවන ක්‍රීඩකයෙකු දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මේ මස 22 වැනිදා…

දෙවන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟම ICC ටෙස්ට් ලෝක ශූරතාවයේ ලකුණු 8 බැගින් කණ්ඩායම් දෙකටම හිමි විය. මේ වන විට එහි ප්‍රසාද ලකුණු සටහනේ ඕස්ට්‍රේලියාව (32) සහ එංගලන්තය (08) ලකුණු සටහනේ පිළිවෙළින් අංක 2 සහ 3 ස්ථානවල රැඳී සිටියි. ලකුණු 60ක් ලබා ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ පසුවන්නේ නවසීලන්ත කණ්ඩායම විශිෂ්ට අන්දමින් පරාජය කළ ශ්‍රී ලංකාවයි.

අළුබඳුන තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගය ලබන 22 වැනිදා ලීඩ්ස් හිදී ආරම්භ වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<