පාන්ඩ්‍යා සහ රාහුල්ගේ තරග තහනම ඉවතට?

238

සුප්‍රසිද්ධ සජීවී රූපවාහිනි වැඩසටහනක් අතරතුර දී සිදු කළා යැයි පැවසෙන ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් පදනම් කරගනිමින් ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙකු වන තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා සහ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් හට තරග තහනමක් පැනවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය දා තීරණය කර තිබුණි.

පාන්ඩ්‍යා සහ රාහුල් ගෙදර යවමින් සංචිතයට නවකයින් දෙදෙනෙක්

පසුගිය දිනක රූපවාහිනී වැඩසටහනක් අතරතුර දී සිදු කළා යැයි කියන ….

ඒ අනුව ඕස්ට්‍රේලියානු සංචාරය නිමා කරමින් පැවති සීමිත පන්දුවාර තරගාවලීන් ද්විත්වය සඳහා සහභාගී වීමේ වරම ඔවුන් දෙදෙනාටම අහිමි විය.

කෙසේ නමුත් ක්‍රිකට් විචාරකයින් සහ ප්‍රේක්ෂකයින් සියල්ලන්ම මවිතයට පත් කරමින් ඔවුන් වෙත පනවා තිබූ තරග තහනම ඉවති කර නැවත වරක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දීමට බලධාරීන් කටයුතු කර තිබීම කැපී පෙණුනි.

එම තීරණයත් සමඟම මේ දිනවල නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා නැවත වරක් තම දායකත්වය ලබා දීමේ අවස්ථාව ඔවුන් දෙදෙනාටම හිමි වනු ඇත.

මොහොමඩ් ශමී නවසීලන්තය අසරණ කරයි

මාස 13කට පසුව එක්දින ක්‍රිකට් පිටියට පිවිසි මොහොමඩ් ශමිගේ විශිෂ්ට….

ඊයේ දිනයේ දී මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටියේ පාන්ඩ්‍යා සහ රාහුල්ගේ විනය විරෝධී ක්‍රියාකලාපයට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පත් කරන ලද ඔම්බුඩ්ස්මන්වරයාගේ මෙහෙයවීම යටතේ විනය පරීක්ෂණයක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අතර මෙය තාවකාලිකව ගත් හදිසි තීරණයක් පමණක් වන බවයි.

පාන්ඩ්‍යා අවසන් වරට ජාත්‍යන්තර තරගයක් සඳහා සහභාගී වූයේ පසුගිය වසර අවසානයේ දී පැවති ආසියානු කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පැවති අවසන් මහ තරගය වෙනුවෙන් වන අතර රාහුල් සිඩ්නි නුවර ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රියාත්මක වූ ටෙස්ට් තරගය සඳහා අවසන් වරට සිය දායකත්වය ලබා දුන්නේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<