ශ්‍රී ලංකා මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසාර්ථක වෙයි

257

එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ඊයේ (06) පැවති කාන්තා මැරතන් තරග ඉසව්ව සඳහා සහභාගී වූ හිරුනි විජේරත්න මෙන්ම පිරිමි මැරතන් ඉසව්ව සඳහා සහභාගී වූ ඉන්ද්‍රජිත් කුරේ ද තරගය අතරතුර දී මුහුණ දුන් විවිධ අපහසුතා හේතුවෙන් ඔවුන් සහභාගී වූ එම ඉසව් අවසන් කිරීමට අපොහොසත් විය.

නිමාලි IAAF ලෝක ශූරතාවයට

මලල ක්‍රීඩා සංගම්වල ජාත්‍යන්තර සම්මේලන (IAAF) ලෝක ශූරතා..

ඇමරිකාව පාදක කර ගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකාවක් වන හිරුනි විජේරත්න ජාත්‍යන්තර තරගයකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඒ සඳහා ඇය ඉතා හොඳ සූදානමකින් පසුවිය. කෙසේ නමුත් තරගය අතරතුර දී ඇයගේ පාද දෙකේම දැඩි වේදනාකාරී තත්වයක් ඇතිවූ අතර ඒ අනුව ඇයට තරගයේ තවදුරටත් රැඳී සිටීම අපහසු විය. කි.මී. 10ක පමණ දුරක් තරග වැදීමෙන් අනතුරුව ඇය තරගයෙන් ඉවත් වූ අතර ඒ සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වූ ඇය ඇයගේ සමාජ වෙබ් අඩවි ගිණුමේ පහත පණිවිඩය පළකර තිබුණි.image002 (1)

ශ්‍රී ලංකාවේ සිටින අත්දැකීම් බහුලම ජවන හා මලල ක්‍රීඩකයා වන 39 හැවිරිදි අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ මෙවර සහභාගී වූයේ ඔහුගේ තෙවන ලෝක ශූරතා තරගාවලියට වන අතර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවරක් ඔලිම්පික් වරම් දිනා ගැනීමට ද සමත්ව ඇත.

කෙසේ නමුත් මෙහි දී කි.මී. 12ක දුරක් තරග කිරීමෙන් අනතුරුව ඔහුට තරගයෙන් ඉවත්ව යාමට සිදු වූයේ ඔහුගේ දණහිස ප්‍රදේශයේ ඇතිවූ ආබාධයක් හේතුවෙනි. මෙම ආබාධය මීට පෙර ඔහු ජයග්‍රහණය කරනු ලැබූ ’Wycherley half marathon’ තරගාවලියේ දී ඇතිවී ඇති අතර එය සුව අතට හැරී තිබුණත් මෙම තරගයේ කි.මී. 10ක පමණ දුරක් තරග කර පසු වේදනාකාරී තත්වය නැවතත් උත්සන්න වී ඇත. ඒ අනුව කි. මී. 12ක දුරක් තරග කිරීමෙන් අනතුරුව වේදනාව දරා ගැනීමට නොහැකි වීම නිසා ඔහුට තරගයෙන් ඉවත් වීමට සිදු විය.

කෙන්යාව නියෝජනය කරමින් තරගයට සහභාගී වූ ජෙෆ්රි කිප්රෝර් කිරූයි පැය 2:08.27ක කාලයක් වාර්තා කර ගනිමින් පිරිමි මැරතන් තරග ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර කාන්තා මැරතන් තරග ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවේ කෙන්යාවේ උපත ලැබූ බහරේනය නියෝජනය කරමින් තරගය සඳහා සහභාගී වූ පැය 2:27.11ක කාලයක් වාර්තා කර ගත් රෝස් කෙලිමෝ විසිනි.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට