ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය ශ්‍රී ලංකාවට

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර එක්දින තරගාවලිය 2021

937

ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ICC සුපර් ලීගයේ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව එම තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් 1 සිට 5 දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඇෆ්ගනිස්තානයේ සත්කාරකත්වය ඇතිව පැවැත්වෙන මේ තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එරට පැවැත්වෙන IPL සහ ලෝක කුසලාන තරගාවලිය සඳහා එරට ක්‍රීඩාංගණ සූදානම් කිරීම හේතුවෙන් අදාළ තරගාවලිය එක්සත් අරාබියේ දී පැවැත්වීමට නොහැකි වී තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය අතර පැවැත්වෙන මේ එක්දින තරගාවලිය ජය ගැනීම 2023 ලෝක කුසලාන තරගාවලියට නිතරගයෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා කණ්ඩායම් දෙකටම ඉතාමත් වැදගත් වෙනවා. පාකිස්තානය දැනට ICC එක්දින සුපර් ලීගයේ 5 වැනි තැන සිටින අතර ඇෆ්ගනිස්තානය පසුවන්නේ එහි 8 වැනි තැනයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<