ක්‍රිකට් ක්‍රීඩක බෙයිලිට ඉහළ තනතුරක්

74

ඕස්ට්‍රේලියාවේ විස්සයි විස්ස කණ්ඩායමේ හිටපු නායක ජෝර්ජ් බෙයිලි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ජාතික තේරීම් කමිටු සාමාජිකයින් තිදෙනා අතරට ඊයේ (27) දිනයේ දී පත්කර තිබේ. ඒ බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් තහවුරු කර ඇත. 

ස්මිත් තමන්ටම දඬුවම් කර ගනියි

දැනට ලොව සිටින අංක 1 ටෙස්ට් පිතිකරුවා වන ස්ටීව් ස්මිත් සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර…..

බෙයිලිගේ මෙම පත්කිරීම සිදුකර ඇත්තේ හිටපු තේරීම් කමිටු සාමාජික ග්‍රෙග් චැපල් මහතා විශ්‍රාම ගැනීමෙන්  අනතුරුවය. 


ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ජාතික තේරීම් කමිටුවේ සභාපති ට්‍රෙවර් හෝන්ස් මහතා සහ කණ්ඩායම් පුහුණුකරු ජස්ටින් ලැන්ගර් සමඟ එක්වී පූර්ණ කාලීනව එම භූමිකාව භාරගැනීමට මේ වනවිට 37 හැවිරිදි ජෝර්ජ් බෙයිලි සිය එකඟතාවය පළකර ඇත. පසුගිය පෙබරවාරී මස මුල දී පැවති දේශීය බිග් බෑෂ් ලීගයෙන් පසුව බෙයිලි සිය ක්‍රිකට් දිවිය අවසන් කළේය. 

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග 125ක් ක්‍රීඩාකර තිබෙන බෙයිලි, ඉතාමත් හොඳ පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු රැස්කර ගෙන ඇත. ඔහු 2013/14 වසරේ අළු බඳුන ශූරතාවය දිනාගත් කණ්ඩායමේ ද සාමාජිකයෙක් විය. 

“වසර කිහිපයක් තිස්සේ ක්‍රීඩකයකු ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් දායක වීමට මට වාසනාව ලැබී තිබෙනවා. දැන් තේරීම් කමිටුවේ කාර්යභාරය දිගටම කරගෙන යාමට ලැබීම මට ලැබුනු ඉමහත් ගෞරවයක්” යැයි බෙයිලි පැවසීය. 

උණුසුම් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි……

තේරීමේ ක්‍රියාවලියට ඔහුට වටිනාකමක් එක්කළ හැකි අංශයක් බවත් ඔහු සතු අත්දැකීම් ට්‍රෙවර් සහ ජස්ටින්ගේ අත්දැකීම් වලට විශාල සවියක් වෙනු ඇති බවට ඔහු වැඩිදුරටත් පවසා ඇත. 

ඔහු කැපී පෙනෙන නායකයෙකු සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් ගෞරවනීය, කල්පනාකාරී සහ ත්‍යාගශීලී චරිතයක් යැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ජාතික කණ්ඩායම් ප්‍රධානී බෙන් ඔලිවර් මහතා පැවසීය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<