ප්‍රංශය ලෝක කුසලාන සත්කාරකත්වය අත් හරියි

2025 රග්බි ලීග් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය හිමිව තිබූ ප්‍රංශය ඉන් ඉවත් වී තිබෙනවා.

339

ඉන් පෙර උතුරු ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය ප්‍රංශයට ලැබුණේ පසුවයි. ප්‍රංශ රජය බලාපොරොත්තු වූ මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට රග්බි ලීග් ලෝක කුසලාන සංවිධායකයන් අසමත් වීම නිසා ඔවුන් ද සත්කාරකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

2025 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණා. ජාත්‍යන්තර රග්බි ලීග් ආයතනය පවසන්නේ එළඹෙන ජුලි මාසයේ දී පැවැත්වෙන කාරක සභාවාරයේ දී වෙනත් රටක් ගැන සාකච්ඡා කරන බවයි.

2023 රග්බි ලෝක කුසලාන තරගාවලිය ප්‍රංශයේ දී පැවැත්වීමට නියමිත අතර එය හැඳින්වෙන්නේ “රග්බි යූනියන්” ලෙසින්. 2025 දී පැවැත්වීමට නියමිතව තිබුණේ “රග්බි ලීග්” ලෝක කුසලාන තරගාවලියයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<