ප්‍රංශය පළමු වතාවට එක වෙයි

533
France become world's number 1 for the first time

ප්‍රංශ රග්බි කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට ලෝක රග්බි යූනියන් ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණ තිබෙනවා.

පසුගිය සතියේ දී නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම 23-12ක් ලෙස අයර්ලන්තය හමුවේ පරාජය වීමත්, දකුණු අප්‍රිකානු කණ්ඩායම 13-12ක් ලෙස වේල්සය හමුවේ පරාජය වීමත්, ප්‍රංශය 20-15ක් ලෙස ජපානය පරාජය කිරීමත් නිසා ශ්‍රේණිගත කිරීම් වල ඓතිහාසික වෙනසක් සිදු වුනා.

අයර්ලන්තය මේ වන විට එහි දෙවැනි තැන හොබවනවා. නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට අංක 4 දක්වා පසුබැස තිබෙනවා. තෙවැනි ස්ථානයේ පසුවන්නේ දකුණු අප්‍රිකාවයි.

2022 සික්ස් නේෂන්ස් ශූරයන් බවටද පත්වූ ප්‍රංශය මේ වන විට ඉතා ඉහළ රිද්මයක සිටින කණ්ඩායමක්. ලොව පුරා රග්බි කණ්ඩායම් මේ වන විට සම දස්කම්වල පසුවන නිසා මේ වසර ජාත්‍යන්තර රග්බි ප්‍රේක්ෂකයන්ට උද්යෝගිමත් වසරක් වනු ඇති.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<