ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට තේරීම් පරීක්ෂණ ඇරඹේ

222
Thumbnail - NationalTrials

ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා සංචිතය තෝරාගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන තේරීමේ පරීක්ෂණයේ පළමු අදියර මෙම මස (පෙබරවාරි) 22 සහ 24 සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

ලාංකීය ප්‍රවීණයින් ඉන්දියාවේ දී දක්ෂතා දක්වයි

පසුගිය දා ඉන්දියාවේ දී නිමාවට පත්වූ 39 වැනි ප්‍රවීණයන්ගේ ජාතික මලල ක්‍රීඩා….

මෙම තේරීම් පරීක්ෂණ මඟින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් ජාතික මලල ක්‍රීඩා සංචිතයක් අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු මලල ක්‍රීඩා ශූරතාවටත්, මැයි මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු ගෝන්-ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියටත්, ජුනි මාසයේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහාත් සහභාගී කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත. එම තරගාවලි වල පෙන්නුම් කරන දක්ෂතා අනුව සැප්තැම්බර් මාසයේ දෝහා හිදී පැවැත්වීමට නියමිත IAAF ලෝක මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ඇතුළත් වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වනු ඇත.

පසුගිය වසරේ ඉන්දුනීසියාවේ දී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ ජවන සහ පිටිය තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සහභාගී වූ නමුත් ජයග්‍රහණ හිමිකර ගැනීමට ඔවුන් අසමත් විය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් අවසන් මහා තරග සඳහා තේරී පත්වූ නමුත් ඔවුන්ට හැකි වූයේ නව පෞද්ගලික දක්ෂතා පෙන්නුම් කිරීමට පමණි.

පළමු අදියරෙන් තෝරාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාර්තු මස 22 වැනිදා තේරීම් පරීක්ෂණයේ දෙවන අදියර සඳහා සහභාගී විය යුතු අතර එහි දී ඔවුන් සුදුසුකම් ලැබීමේ දක්ෂතා මට්ටම් සපුරාගත යුතුය. විශේෂයෙන් මෙවර තේරීම් කමිටුව මීටර 400 පිරිමි සහ කාන්තා මීටර 100 සහ මීටර 200 යන ඉසව් සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත්තේ පසුගිය ජාත්‍යන්තර තරගාවලි හිදී ඔවුන් දැක්වූ දක්ෂතාවයන් නිසාවෙනි.

Photos : ISAC 2019 | Final Day

ThePapare.com | Viraj Kothalawala | 18/02/2019 Editing….

එකිනෙකාට නොදෙවෙනි සේ දක්ෂතා දක්වන දුර පැනීමේ ක්‍රීඩකයින් 04 දෙනෙකු නිසා මෙවර දුර පැනීමේ ඉසව්වට ද විශාල අවධානයක් හිමිවී තිබේ.

ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගී වීමට ප්‍රථම මෙවැනි තෝරාගැනීමේ පරීක්ෂණ මඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන් හඳුනා ගැනීමට තේරීම් කමිටු නිලධාරීන් හට හැකි වනු ඇත.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කරන ලද සුදුසුකම් ලැබීමේ දක්ෂතා මට්ටම්

පිරිමි   ඉසව්ව කාන්තා
10.25 100M 11.5
20.7 200M 23.5
46.2 400M 53.2
01:48.0 800M 02:04.5
03:44.0 1500M 04:18.0
14:05.0 5000M 16:00.0
30:00.0 10000M 32:50.0
13.85 110MH/100MH 13.7
50.5 400MH 58
08:46.0 3000MSC 10:00.0
39.5 4*100M 44.5
03:06.0 4*400M 03:37.0
2.23 High Jump 1.84
5.4 Pole Vault 4
7.9 Long Jump 6.3
16.4 Triple Jump 13.5
18.5 Shot Put 16.5
58 Discus Throw 54.5
68 Hammer Throw 58
78.5 Javelin Throw 57
7400 Decathlon / Heptathlon 5400



ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අප මෙම තේරීම් පරික්ෂණයන් හි ප්‍රතිඵල, වාර්තා සහ ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටී.

තරග ඉසව් කාලසටහන

පළමු දිනය

දෙවන දිනය