අතුරු තහනමක් නිලවරණයට හරහට හිටී

314

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය හෙට (31) පැවැත්වීමට නියමිතව තිබූ අතර නිලවරණයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සමක් සැලකිල්ලට ගෙන ක්‍රිකට් නිලවරණයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නට අභියාචනා අධිකරණය අද (30) පියවර ගත්තේය.    

ක්‍රීඩා ඇමතිගෙන් SLC වෙත ලිපියක්

අල්ජසීරා මාධ්‍ය ආයතනය මඟින් නිකුත් කළ වීඩියෝ පටයට අනුව තණතීරුව බුකීකරුවන්ගේ අවශ්‍යතා අනුව සැකසීමට සහය ලබා දුන් පුද්ගලයින්ගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට…

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු වූ නිශාන්ත රණතුංග මහතා විසින් වන අතර ඔහුගේ පෙත්සමට අනුව වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා වගඋත්තරකරුවෙකු ලෙස නම් කර තිබුණි.    

මෙම පෙත්සම කාරණා 27කට අදාලව පිටු 1800කට වඩා ඇතුළත් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර තිබුණි.  

නිලවරණය පැවැත්වෙන ආකාරය පිළිබඳ මෙම පෙත්සමෙන් මූලික ලෙස ප්‍රශ්න කර තිබෙන අතර පෙත්සම විභාගයට ගෙන අවසන් කරන තුරු සති දෙකක කාලයක් නිලවරණය කල් දමන්නට අධිකරණය පියවර ගෙන තිබේ. මීළඟ පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ ජුනි 14 වැනිදා ය.  

ශ්‍රී ලංකාව සමඟ හැප්පෙන කොදෙව් සංචිතය නිකුත් වේ

වමතින් පිත්ත හසුරුවන ඩෙවෝන් ස්මිත් වසර 3කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සඳහා කැඳවා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක මණ්ඩලය විසින් නිලවරණ කමිටුව පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් නීතිපතිවරයා ලබා දුන් තීන්දුවක් නිසා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ක්‍රිකට් නිලවරණය මැයි 19 වැනිදා සිට 31 වැනිදා තෙක් කල්දමන්නට තීරණය කළේය.

මැයි 19 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වුණු අමතර මහා සභා රැස්වීමකින් අනතුරුව පස්දෙනෙකුගෙන් සමන්විත නිලවරණ කමිටුවක් පත්කෙරිණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<