පොඩ්ඩන් ලොක්කන්ට ඔච්චම් කළ ලෝක කුසලානයේ පළමු සතිය

300
1st week summary

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජුනි 14 වැනිදා රුසියාවේ මොස්කව් නුවර දී ආරම්භ වූ අතර 19 වැනිදා වන විට පෙරළි රැසක් සමඟින් කණ්ඩායම් සියල්ල සිය පළමු තරගයට සහභාගී වී අවසන් විය.

ආර්ජෙන්ටිනාව, ලෝක ශූර ජර්මනිය, ස්පාඤ්ඤය මෙන්ම සුපිරි බ්‍රසීලය ද ලෝක කුසලානය ආරම්භ කළේ ජයග්‍රහණවලින් තොරවයි. මේ එසේ වුන පළමු ලෝක කුසලානයයි.

පෙරළි රැසක් සිදු වූ පළමු සතිය මඟ හැරුණා ද? මේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වටයේ විශේෂ අවස්ථා පිළිබඳ කෙටි මතක් කිරීමක්.   

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාගේ නිල ප්‍රකාශයත් සමඟ ලෝක කුසලාන තරගාවලිය රුසියාවේ මොස්කව් හි Luzhniki ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. වසර 48කට පසු පළමු වරට සම්ප්‍රදායික කළු සහ සුදු වර්ණ වලින් සමන්විත වූ පන්දුවක් මෙවර ලෝක කුසලානයට යොදා ගනු ලබනවා.

නව වීරයෙක් සමඟින් රුසියාව අවසන් 16ට; ජපන්, සෙනගාල් මෙහෙයුම් සාර්ථකයි

2018 FIFA ලෝක කුසලාන තරගාවලියේ සයවැනි දිනය වූ ඊයේ (19) දිනයේ ආරම්භක තරගය…

දිනකට පෙර ස්පාඤ්ඤ පුහුණුකරු ඉවතට

ස්පාඤ්ඤ පාපන්දු බලධාරීන් ලෝක කුසලානය ආරම්භයට දිනකට පෙර ස්පාඤ්ඤ ජාතික කණ්ඩායමේ පුහුණුකරු වූ ජූලියන් ලොපෙටෙගි (Julen Lopetegui) එම ධුරයෙන් පහ කළා. හිස්වූ නව පුහුණුකරු ධුරයට ෆර්නැන්ඩෝ හිරෙරෝ පත්කර තිබුණා. ඔහු ස්පාඤ්ඤ කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත්වූ පළමු වතාව මෙය වන අතර ජාතික කණ්ඩායමක් මෙහෙයවන පළමු වතාව ද මෙයයි.

නව වීරයෙක් සමඟ රුසියාව මංගල තරගය ජය ගනී

2018 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් එහි මංගල තරගය ලෙස සත්කාරක රුසියාව හා සවුදි අරාබිය මොස්කව් නුවර ලුස්හ්නිකි (Luzhniki Stadium) ක්‍රීඩාංගණයේ දී තරග වැදුනා. මංගල තරගයේ ජය ගෝල 5-0ක් ලෙස සත්කාරක රුසියාවට හිමි වුනේ 1934න් පසු ලෝක කුසලාන ආරම්භක තරගයක දී වාර්තා වූ විශාලම ජය ලෙසයි.

තරගයේ 11 වැනි මිනිත්තුවේ දී 2018 ලෝක කුසලානයේ මංගල ගෝලය වාර්තා කරන්නට රුසියාවේ යුරි ගසින්ස්කි සමත් වුනා.

(යුරි ගසින්ස්කි ලෝක කුසලානයේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් විය)

ආදේශක ක්‍රීඩකයෙකු ලෙස තරගයට එක්වූ CHERYSHEV ගෝල ද්විත්වයක් රැස් කළේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ තවදුරටත් රුසියාව නොසැලකිය යුතු රටක් නොවන බවට සියලු රටවලට පසක් කරමින්.

මෙක්සිකෝව ජර්මනිය හොල්ලයි

ජර්මනි මෙක්සිකෝ ගැටුමින් වත්මන් ලෝක ශූර ජර්මනිය පරදා ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට පෙරළිකාරී මෙක්සිකෝව සමත් වුනා.

2010 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන පූර්ව වටයේ දී ස්පාඤ්ඤ හා පරාජය වීමෙන් අනතුරුව 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය දක්වා ලෝක කුසලාන තරගයක් පරාජය නොවුණු ප්‍රබල ජර්මනිය පරාජය වූයේ කිසිවෙකුත් නොසිතූ ලෙසයි.

35 වන මිනිත්තුවේ Hirving LOZANO සිය මංගල ලෝක කුසලානයේ මංගල ගෝලය ලෙස ප්‍රබල ජර්මනියට එරෙහිව ජයග්‍රාහි ගෝලය වාර්තා කළේ පාපන්දු ලෝකයාම සලිත කරමිනි.

සිව්වරක් ලෝක ශූරයින් වූ (2014, 1990, 1974, 1954) ජර්මනිය ලෝක ශූරයින් ලෙස ලෝක කුසලානයක ආරම්භක තරගයක් පරාජය වූ පළමු අවස්ථාව මෙය විය.

සයවැනි ලෝක කුසලානය සොයා යන බ්‍රසීලය

ලෝක කුසලාන පාපන්දු වංශකථාවේ බ්‍රසීල කණ්ඩායමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි…

සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝගෙන් ගෝල ත්‍රිත්වයක්

ස්පාඤ්ඤය හා පෘතුගාලය තරග වැදුණේ Sochi හිදියි. ගෝල 3-3ක් ලෙස විශිෂ්ට සටනකින් පසු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා. පෘතුගාලය පරාජයෙන් ගලවා ගැනීමට සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝල ත්‍රිත්වයක් වාර්තා කළා. ඉන් තෙවැනි ගෝලය විශේෂයි. කිසිවෙකු නොසිතූ ලෙස මුළු ක්‍රීඩාංගණයම මවිත කරමින් තරගය සම කළ නිදහස් පහර සාර්ථක කර ගැනීමට ඔහු සමත් වුනා. මේ රොනාල්ඩෝගේ 150 වන ජාත්‍යන්තර තරගය වීම විශේෂත්වයක්.

ස්පාඤ්ඤ ක්‍රීඩක ඩියෙගෝ කොස්ටා ද ගෝල ද්විත්වයක් වාර්තා කළේ පෘතුගාලයට ප්‍රබල පීඩනයක් යොමු කරමිනි

පුංචි අයිස්ලන්තයෙන් මහා වික්‍රමයක්; මෙසීට ජයග්‍රහණය මඟ හැරේ

ලෝක කුසලාන තරගාවලියකට සහභාගී වූ කුඩාම රට ලෙස සිය මංගල ලෝක කුසලාන තරගාවලියට එක්වන අයිස්ලන්ත කණ්ඩායම මහා වික්‍රමයක් කරන්නට සමත් වුනා. ඒ ප්‍රබල ආර්ජෙන්ටිනා කණ්ඩායම සමඟ තරගය ගෝල 1-1ක් ලෙස සමකර ගනිමිනි.

බාසිලෝනා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී උත්සහ කළ දඬුවම් පහරක්  අයිස්ලන්ත ගෝල රකින්නා වූ හැනාස් තෝර් හෝල්ඩොර්සන් වැළැක්වූයේ සුපිරි ක්‍රීඩකයාව මෙන්ම මුළු ලෝකයම අන්ද මන්ද කරමින්.

ඒවගේම ලෝක කුසලානයක මංගල අයිස්ලන්තයේ ගෝලය වාර්තා කරමින් වාර්තා පොත් අතරට එක්වන්නට FINNBOGASON මේ තරගයේ දී සමත් වුනා.

මේ තරගය පුරාම අයිස්ලන්ත ක්‍රීඩකයින් මෙසී ප්‍රමුඛ ආර්ජෙන්ටිනා ප්‍රහාරක ක්‍රීඩකයින් නැවැත්වූ අකාරය විචාරකයින්ගේ මෙන්ම ප්‍රේක්ෂකයින්ගේ නොමද පැසසුමට ලක්වුණා.

මායාකාර ‘හැරී’

Volgograd හිදී එංගලන්තය හා ටියුනීසියාව තරග වැදුණු අතර 90+1 මිනිත්තුවේ දී පෙරළි රැසක් සිදු වූ තරගයක ජයග්‍රාහි ගෝලය වාර්තා කරන්නට එංගලන්ත නායක හැරී කේන් සමත් වුනා. තරගය එංගලන්තය ජය ගත්තේ ගෝල 2-1ක් ලෙසයි.

තරගයේ පළමු මතභේදාත්මක අවස්ථාව ලෙස ටියුනීසියානු ක්‍රීඩකයෙකු දඬුවම් පහර චතුරශ්‍රය ඇතුලත දී එංගලන්ත නායක හැරී කේන්ව සිතාමතාම පොරබදමින් බිම දැමීම දැක්විය හැකි අතර කෙසේ නමුත් විශ්මයජනක ලෙස විනිසුරු එම වරදට එංගලන්තයට දඬුවම් පහරක් ලබා දුන්නේ නැහැ. අවම තරමේ ‘VAR’ තාක්ෂණය යොදා ගනිමින් එම අවස්ථාව නැවත සලකා බැලීමටවත් විනිසුරු උනන්දු නොවීම පුදුමයක් වුනා.

අනතුරුව ටියුනීසියාව එංගලන්ත චතුරශ්‍රයේ  ආක්‍රමණයක නිරතවෙද්දී දෙවැනි මතභේදාත්මක සිදුවීම සිදු වුනා. එංගලන්තයේ WALKER විසින් ටියුනීසියාවේ BEN YOUSSEF හට අනවශ්‍ය බාධා කිරීමක් සිදු කළ බවට තීරණය කළ විනිසුරු ටියුනීසියාවට දඬුවම් පහරක් නියම කළ අතර එංගලන්ත ක්‍රීඩකයින් කෙතරම් ඉල්ලීම් කළ ද එම අවස්ථාව නැවත සලකා බැලීමට විනිසුරු තීරණය කළේ නැහැ.

බ්‍රසීලයට නොසිතූ ආරම්භයක්

රෝස්ටෝව් හි පැවති බ්‍රසීල-ස්විස්ටර්ලන්ත ගැටුම ජය පරාජයෙන් තොරව අවසන් වුනා. ලෝක කුසලානයට මාන බලන ප්‍රබලම කණ්ඩායමක් වන බ්‍රසීල කණ්ඩායමට මේ ආරම්භය එතරම් සතුටුදායක නොවුනේ සියලු දෙනා ඔවුන්ගේ ජය බලාපොරොත්තුවෙන් සිටි නිසයි.

කෙසේ වෙතත් සුපිරි බ්‍රසීල ක්‍රීඩක Philippe Coutinho චතුරශ්‍රයේ පිටත සිය අලංකාර ගෝලයක් වාර්තා කළේ ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින්.

ජපානයෙන් කොලොම්බියාවට පාඩමක්

ජපානය-කොලොම්බියා ගැටුමෙන් පෙරළිකාරී ගෝල 2-1ක ජයක් වාර්තා කරන්නට ජපානය සමත් වුනා.  

ජපානය මීට පෙර 18 වතාවක් දකුණු ඇමරිකානු රටවල් හා තරග කර ඇති අතර මේ ඔවුන් තරගයක් ජය ගත් පළමු අවස්ථාවයි. 2018 ජුනි 07 වන විට තිබුණු ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල කොලොම්බියාව 16 වන ස්ථානයේ සිටින අතර ජපානය සිටින්නේ 61 වන ස්ථානයේ වීම විශේෂත්වයක්.

ලෝක කුසලාන ඉතිහාසයේ තරගයක අරම්භයකින් පසුව දෙවැනියට ඉක්මනින්ම රතු කාඩ්පතක් ලබා ගත් ක්‍රීඩකයා බවට C SANCHEZ ඉතිහාසගත විය. තෙවන මිනිත්තුවේ දී ඔහුට රතු කාඩ්පතක් හිමි වූ අතර මේ 2018 ලෝක කුසලානයේ පළමු රතු කඩ්පතයි.      

වසර 4කට පෙර කොලොම්බියාව ජපානයට අත්කර දුන් ගෝල 4-1ක දරුණු පරාජයේ පළිය ගැනීමට ජපානය සමත් වූයේ සියල්ලන් පුදුම කරමින්.

වසර 16 අභිමානය නැවතත් සොයා යන මෙසී සහ ආර්ජෙන්ටිනාව

ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව 5 වැනි ස්ථානය හිමි කරගෙන සිටින ආර්ජෙන්ටිනා…

පළමු වරට ‘VAR’ තාක්ෂණය යොදා ගැනේ

2018 ලෝක කුසලානයට ‘VAR’ තාක්ෂණය යොදා ගන්නා අතර ඒ අනුව විනිසුරුට වීඩියෝ දර්ශන මගින් නැවත සිය තීරණ සලකා බැලීමේ අවස්ථා හිමිවනවා.

ප්‍රංශ ඕස්ට්‍රේලියා තරගය KAZAN හිදී පැවැත්වුණු අතර 2018 ලෝක කුසලානයේ පළමු වරට විනිසුරුවෙකු ‘VAR’ තාක්ෂණය භාවිතා කළේ මේ තරගයේදීයි.

දෙවන අර්ධයේ 58 වන මිනිත්තුවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක ක්‍රීඩකයෙකු ප්‍රංශ ක්‍රීඩක GRIEZMANN හට අනවශ්‍ය බාධා කිරීමක් සිදු කළ අතර මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වරට විනිසුරු ‘VAR’ තාක්ෂණය භාවිතා කර ගනිමින් එය දඬුවම් පහරක් බව තීරණය කළා.

මේ අතරම මේ තරගයේ දී Kylian MBAPPE ප්‍රංශය වෙනුවෙන් ලෝක කුසලාන වරම් දිනා ගත් ළාබාලම ක්‍රීඩකයා බවට පත්වුනා. ප්‍රංශ ගෝල රකින ක්‍රීඩක Hugo LLORIS ප්‍රංශය නියෝජනය කළ 99 වන ජාත්‍යන්තර තරගය වූයේ ද මේ තරගයයි.

රෝමෙලෝ ලුකාකුගේ ගිනිකෙළි සංදර්ශනය

ප්‍රබල බෙල්ජියම සෝචි හිදී සිය සිය මංගල ලෝක කුසලානය ක්‍රීඩා කරන පැනමාව හා තරග වැදුනා.

ගෝල 3-0ක් ලෙස බෙල්ජියම ජය ගත්තේ රෝමෙලෝ ලුකාකුගේ විශිෂ්ට ගෝල ද්විත්වයක් සමඟිනි.

පෝලන්තය ජයග්‍රහණය පූජා කරයි

සෙනගාලය හා පෝලන්තය මොස්කව් හිදී හමු වූ අතර නොසිතූ ලෙස ගෝල 2-1 ජයක් හිමිකරගැනීමට සෙනගාලය සමත් වුනා.

බයර්න් මියුනික් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක Robert LEWANDOWSKI ගේ නායකත්වයෙන් පෝලන්ත කණ්ඩායම පිටියට පිවිසුණු අතර ලෝක කුසලාන යුරෝපා තේරීම් තරගවල දී වැඩිම ගෝල රැස්කරගත් ක්‍රීඩකයා වූයේ ද ඔහුයි.

‘OWN GOAL’ අවස්ථාවක් හා පෝලන්ත ගෝල රකින්නාගේ නොසැලකිලිමත් ක්‍රීඩා විලාසය නිසා සෙනගාලය පහසුවෙන්ම ජය ගත්තා.

ඉරානය හා මොරොක්කෝව හමුවේ

ඉරානය හා මොරොක්කෝව ශාන්ත පිටර්ස්බර්ග්හිදී තරග වැදුණා .මේ තරගයේ ජය ගෝල 1-0ක් ලෙස හිමි කර ගත්තේ  ඉරානයයි.

මොරොක්කෝ කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩා කරන්නේ වසර 20කට පසුව වීම විශේෂත්වයක්. අවසාන වරට මොරොක්කෝ කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කළේ 1998 ප්‍රංශයේ පැවති ලෝක කුසලානයේ දීයි.

1998 වසර ඉරානයටත් වැදගත් වන්නේ ඔවුන් අවසන් වරට ලෝක කුසලානයක දී ජයක් වාර්තා කළේ 1998 දී වීම නිසයි.

මොරොක්කෝ ක්‍රීඩක බෞහාඩ්ඩොවුස් අතින් තරගාවලියේ පළමු ‘OWN GOAL’ අවස්ථාව වාර්තා වුනේ ඉරානයට ජය හිමිකර දෙමින්. 2018 ලෝක කුසලානයේ පළමු වටයේ මේ දක්වා ‘OWN GOAL’ අවස්ථා 5ක් වාර්තා වුනා.

වසර 28 කට පසු ඊජිප්තුව ලෝක කුසලානයට

ඊජිප්තු කණ්ඩායමක් ලෝක කුසලානයකට සුදුසුකම් ලැබුවේ 1990 ලෝක කුසලානයට පසුවයි. ඔවුන් සිය පළමු තරගයේ දී උරුගුවේ හමුවේ ගෝල 1-0ක් ලෙස පරාජය වුනා. ඊයේ (19) සිය දෙවන තරගයත් ක්‍රීඩා කළ ඔවුන් රුසියාව හමුවේ 3-1ක පරාජයක් ලැබුවේ සිය ලෝක කුසලාන සිහිනය බොඳ කර ගනිමිනි.

ඉතිහාසයේ මතක ; FIFA පාපන්දු ලෝක කුසලානය (1930 – 1938)

ලොව වැඩිම පිරිසකගේ අවධානය දිනා ගන්නා පාපන්දු ලෝකයේ පාපන්දු මෞලි මංගල්‍යය..

අපරාජිත ඩෙන්මාර්කයට එරෙහිව අපරාජිත පේරු දේශය

පේරු කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලැබුවේ 1982 වසරින් පසුවයි. මේ තරගයට පෙර පේරු හා ඩෙන්මාර්ක් කණ්ඩායම් දෙකම 2016 සිට තරග 15ක් බැගින් අපරාජිත වාර්තාවක් සමඟ ලෝක කුසලානයට පිවිසුණා.

යුසුෆ් යුරේ වාර්තා කළ ගෝලයකින් අපරාජිත පේරු වාර්තාව නිම කරමින් තරගයේ ජය ඩෙන්මාර්කය හිමිකර ගත්තා.

ස්වීඩනයේ ආරම්භය සාර්ථකයි

ස්වීඩනය හා කොරියාව Nizhny Novgorod හිදී හමු වූ අතර දඬුවම් පහරකින් වාර්තා වූ හුදකලා ගෝලයකින් ගෝල 1-0ක් ලෙස තරගයේ ජය හිමිකර ගැනීමට ස්වීඩනය සමත් වුනා.

ස්වීඩනය ලෝක කුසලානයක ආරම්භක තරගයක් ජය ගත්තේ 1958 වසරෙන් පසුව වීම විශේෂත්වයක්.

ඒ අතරම අවසාන වරට ස්වීඩන් කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියක ගෝලයක් රැස් කළේ 2006 ලෝක කුසලානයේ දී එංගලන්තයට එරෙහිවයි.

Photo Credits –FIFA.COM

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<