පළමු වරට සාග් යන අපේ බොක්සිං ක්‍රීඩිකාවෝ

340

පෙබරවාරි 6වැනිදා ඉන්දියාවේදි ආරම්භ වන 12 වැනි දකුණු ආසියානු‍ ක්‍රීඩා උළෙලේ  බොක්සිං තරඟ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කොට තිබේ.

මෙම සංචිතය සදහා  ක්‍රීඩකයින් සත් දෙනෙකුගෙන් සහ ක්‍රීඩිකාවන්  තුන් දෙනෙකු ඇතුළත් වි තිබේ.තරඟාවලිය සඳහා තෝරාගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ දින වල පන්නලදි  පුහුණුවීම් වල නිරත වන බවත් තරගාවලියට සහභාගි වීම සඳහා ඔවුන් පෙබරවාරි මස 9 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බවත් ක්‍රිඩා අමාත්‍යාංශයේ ඉහළ පෙලේ ප්‍රකාශකයෙකු පැවසිය.

කාන්තා බොක්සිං තරඟ ඉසව්වක් සාග් තරඟාවලියකදී  පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. කාන්තා ක්‍රීඩිකාවන් තුන්දෙනෙකු මෙවර සංචිතය සදහා කැදවා ඇති අතර එ කිලෝග්‍රෑම් 51 බර පංතිය යටතේ  අනූෂා කොඩිතුවක්කු, කිලෝග්‍රෑම්  60 බර පංතිය යටතේද විදුෂිකා ප‍්‍රබෝධි සහ කිලෝග්‍රෑම්  75 බර පංතිය යටතේ නිලන්ති ආරච්චිගේ  වන ක්‍රීඩිකාවන් වෙති.

පිරිමි බොක්සිං සංචිත සඳහා කිලෝග‍්‍රෑම් 49 බර පංතිය යටතේ සඳරුවන් රණසිංහ , කිලෝ ග‍්‍රෑම් 52 බර පංතිය යටතේ ඉෂාන් බණ්ඩාර , කිලෝ ග‍්‍රෑම් 56 බර පංතිය යටතේ රුවන් වීරක්කොඩි , කිලෝ ග‍්‍රෑම් 60 බර පංතිය යටතේ  ගයාන් ජයවීර , කිලෝ ග‍්‍රෑම් 64 බර පංතිය යටතේ  දිනිදු සපරමාදු, කිලෝ ග‍්‍රෑම් 69 බර පංතිය යටතේ සිසිර කුමාරසිංහ සහ කිලෝ ග‍්‍රෑම් 75 බර පංතිය යටතේ දිවාරත්න මල්ලවාරච්චි යන ක්‍රීඩකයින් අැතුලත්ය.

තරගාවලියට සහභාගි වන කණ්ඩායමේ කළමනාකාරිත්වය මහේෂ් දහනායක විසින් දරන අතර  පුහුණුකරුවන් ලෙස සම්පත් ජයතිලක, හර්ෂ කුමාර සහ අමිල අරවින්ද යන මහත්වරු කටයුතු කරයි.